ඉදිරි තෙවසරක කාලයේදී පොලිසියේ පුරප්පාඩු හතළිස් දහස දක්වා ඉහළ යන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.Sri Lanka Latest News
මෙම තත්ත්වයට පිළියම් වශයෙන් මේ වසර තුළ නවක නිලධාරීන් දස දහසක් බඳවා ගන්නා බවත් එසේම සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දස දහසක්ද පොලිසියට එක්කර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබාගෙන ඇති බවත් පොලිස්පතිවරයා කීවේය.
මේ වනවිට පොලිසියේ නිලධාරීන් තිස් එක් දහසක පිරිසක් සේවය කරන බවද හෙතෙම කීවේය.
එසේම පොලිස් නිලධාරීන්ගේ වෘත්තියමය භාවය විනාශ කරගැනීමට හේතුවූ කරුණු පහක් තමන් ක්ෂේත්‍ර අධ්‍යනයකින් නිරීක්ෂණය කළ බවත් නිලධාරීන් මුදලට අල්ලසට හෝ දූෂණයට නැඹුරු වීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් පානයට ඇබ්බැහි වීම, අනිසි හැසිරීම. ජංගම දුරකතන වලට ඇබ්බැහි වීම හා ඔන්ලයින් සූදුවට ඇබ්බැහි වීම එම නිරීක්ෂණයන් බවත් සඳහන් කළේය.
එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සහ විවිධ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන් පන්සියයකට පමණ විනය පියවර ගෙන තිබෙන බවද කී පොලිස්පතිවරයා යහපත් අන්දමින් දක්ෂ ලෙස රාජකාරි කළ නිලධාරීන් වෙනුවෙන් රුපියල් මිලියන දෙදහස් දෙසීය පනහක මූල්‍ය ත්‍යාග පිරිනමා තිබෙන බවද කීවේය.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පෙරේදා (04 වැනිදා) පැවති ආධුනික පොලිස් කොස්තාපල්වරුන් හා කොස්තාපල් රියැදුරන් 315 දෙනෙකු විසිර යාමේ උත්සවයට එක්වෙමිනි.











