සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නත් එය වර්තමානයට අනුව වෙනස් විය යුතු බවත් මේ අධ්‍යාපන ක්‍රමය නූතවාදය නවෝත්පාදනය සමඟ ප්‍රතිසංස්කරණය විය යුතු බවත් මේ වන විට කෘත්‍රීම බුද්ධිය ඇතුළු දැවැන්ත විප්ලවීය තාක්ෂණ වෙනස්කම් අතිශය වේගයෙන් ක්‍රියාත්මක වන මොහොතක මේ වෙනස්කම් සමඟ අප ද වෙනස් නොවන්නේ නම් අප දශක ගණනාවක් ආපස්සෙන් සිටින රටක් බවට පත්වන බවත් ප්‍රගතියේ සංවර්ධනයේ හා දියුණුවේ නියම ප්‍රතිලාභ ලබන්න නොහැකි නිසා අප රටෙ අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදුවිය යුතු බවට තමාද විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ලෝකයේ අධ්‍යාපනය වෙනස්වනවාට වඩා අප ද ඉදිරියෙන් සිට ඒ වෙනස්කම් අප රටේ නිදහස් අධ්‍යාපනය තුළ ශක්තිමත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් නිදහස් අධ්‍යාපනය යටගොස් පෞදගලික හා විදේශීය අධ්‍යාපනය ඉහළ මට්ටමකට එන බවත් මේ නිදහස් අධ්‍යාපනය වෙනස් කිරීමේ දී අපේකම ගමේකම රටේකම සභ්‍යත්වය සංස්කෘතිය හා උරුමය රැකගත යුතු අතර එහිදී ඉතිහාස විෂය අනිවාර්ය විෂයක් විය යුතු බවත් රොබෝ තාක්ෂණය කෘත්‍රීම බුද්ධිය සේම මුල අමතක නොකර ශිෂ්ටත්වය සුචරිතභාවය ද අමතක නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටට ආවේණික සංස්කෘතියක් ඇති නිසා මේ සංස්කෘතික රටාව තුළ නූතනවාදය එකට එකතු කර ගෙන සභ්‍යත්වය මත මේ වෙනස්කම් සිදු කළ යුතු බවත් කිසිම අයුරකින් අද දවසේ සිදුවන නිදහස් අධ්‍යාපනය විකෘතිභාවයට ලක් කරන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් නිදහස් අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළු කිරීම තරයේ හෙළා දකින බවත් එය කිසිසේම අප රටට ගැලපෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ශ්‍රී ගෞතම සම්බුද්ධ මහා කච්චායනා මහා සෑයේ ධාතූන් වහන්සේලා නිධන් වස්තු තැන්පත් කිරීමේ විශේෂ උත්සවය හා එක්වෙමිනි.
මේ සභ්‍ය නොවන ක්‍රමවේද නිසා අප රට බාර ගන්නා සිටින අනාගත පරපුර සහමුලින්ම විනාශ කරන බවත් අලුත් වෙනවා සේම නවෝත්පාදනය ක්‍රියාත්මක කරනවා සේම අධ්‍යාපන ක්‍රමවේදය තුළට නවීන තාක්ෂණයේ නාමයෙන් අසභ්‍යත්වය ඇතුළත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් මේ අසභ්‍යත්වය අප රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන කුමන්ත්‍රණයට වගකිවයුතු පාර්ශ්වය හෙළිදරව් කළ යුතු බවත් කෝටි ගණන් මුදල් වෙන් කළත් අද අච්චු ගහපු පොත්වල කොළ කඩලා පාසල්වලට බෙදා හරින්න සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බුදුරජාණන් වහන්සේ පවා උගතුන් බිහි කරන ශිෂ්ට ජන පරපුරක් බිහිකරන අධ්‍යාපනය ගැන පෙන්වා දුන්නේ දැනුමෙන් බුද්ධියෙන් සපිරි සමාජයක් පෙන්වා දුන්නේ අධ්‍යාපනය අතිශය වැදගත් දෙයක් නිසා බවත් එහෙත් දැන් සිදු වන්නේ අසභ්‍යත්වය අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කිරීම බවත් මේවා ඉවත් කර දරුවන් වෙනුනේ නිවැරදි යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට තමාට තැන තැන බඩු බෙදනවා කියා බනින බවත් මේවා ප්‍රතිලාභ බෙදීමක් නොව සමාජ ආයෝජනයක් බවත් මේ සෑම දෙයක්ම කරන්නේ රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



























