• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවට අරන් ගිය වෙනිසියුලා ජනපති මධුරෝට නිව්යෝක් අධිකරණයේ අධිචෝදනා ගොනු කරන්න අමෙරිකාව ලෑස්තිවෙයි!  I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ට්‍රම්ප් වෙනිසියුලාවට බෝම්බ ගහයි! ජනපති මදුරෝ සහ බිරිය අල්ලාගෙන රටින් පිටුවහල් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News

මත්ද්‍රව්‍ය, කොකේන් ආනයනය, ගිනිඅවි සහ එක්සත් ජනපදයට එරෙහිව තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම වෙනුවෙන් නිකොලොස්ට චෝදනා එල්ල වී ඇත.

ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධව පෙන්වා දෙනුයේ නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව ඔහුගේ ඉරණම අමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් වනු ඇති බවය.

වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීමෙ අමෙරිකානු ආරම්භය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි යුද හමුදා කඳවුරු වෙත පහරදීම සම්බන්ධව මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිය.

වෙනිසියුලානු වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරය සම්බන්ධව පළමුව වාර්තා වූයේ එරට ස්ථාන කිහිපයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවය. කෙසේ නමුත් මෙය ප්‍රහාරයක් බවත් ඒ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝග ලැබුණු බවත් පසුව වාර්තා විය.

ප්‍රහාරයෙන් නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති අතර ඇතැම් වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත්තේ අමෙරිකානු ගුවන්යානා විසින් වෙනිසියුලාවේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර දියත් කරන බවය.

ප්‍රහාරයත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පසුව වාර්තා කර තිබුණේ ප්‍රහාරයෙන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා අමෙරිකානු අත්අඩංගුවට පත්වූ බවය.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අමෙරිකානු හමුදාවේ ඩෙල්ටා බළකාය විසින් මදුරෝ අල්ලා ගත් බවය.

පසුව මෙම පුවත සනාථ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල් කර ඇති බවය.

මධුරෝ සහ එක්සත් ජනපදය අතර මතගැටුම

නිකොලොස් මධුරෝ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයකට නායකත්වය ලබා දෙන බවට එක්සත් ජනපදය දිගු කලක් පුරාවට චෝදනා කළ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපදයට තොරතුරු ලබා දෙන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 50ක ත්‍යාගයක්ද ලබා දෙන බවට එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම පසුගිය 2024 මැතිවරණයෙන් නැවත බලයට පැමිණි මධුරෝගේ එම ජයග්‍රහණය  නිදහස් හෝ සාධාරණ මැතිවරණයක් නොවන දූෂිත ජයග්‍රහණයක් බව චෝදනා කළ එක්සත් ජනපදය ඔහු වෙනිසියුලාවේ නීත්‍යානුකූල ජනාධිපතිවරයා ලෙසද නොපිළි ගැනීමට කටයුතු කළේය. 

කෙසේ වෙතත් අමෙරිකාවෙන් එල්ල වූ මෙම චෝදනා නිකොලොස් මධුරෝ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

එමෙන්ම අමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධව විවේචනය කරමින් මධුරෝ සඳහන් කර ඇත්තේ ලොව විශාලතම යැයි සැලකෙන වෙනිසියුලාවේ ලාභදායි තෙල් සංචිත සොරකම් කිරීමට අමෙරිකාවට අවශ්‍යව ඇති බවය. 

කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුළ වෙනිසියුලානු මුහුදු සීමාව හරහා මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා එල්ල වූ මුහුදු යාත්‍රා කිහිපයක් සඳහාම අමෙරිකාව ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර කළේය.

වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර නෑ – වෙනිසියුලාව පුරා හමුදාව කැඳවීමටත් නියෝග

මේ වන විට මතුව ඇති තතත්වය සම්බන්ධව ලොව පුරා අවධානය යොමුව ඇති මොහොතක වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකර බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ වෙනිසියුලානු ජනාධිපතිවරයා මේ වන විට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ප්‍රහාර දියත් කිරීමේ අරමුණක් නොමැති බවය.

මේ අතර පවතින තත්ත්වය මත රට පුරා වහාම හමුදා භට පිරිස් යෙදවීමට වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවට එරෙහිව මෙතෙක් සිදුවූ නරකම ආමන්ත්‍රණය සිදුව ඇති බවත් වෙනිසියුලාවේ සියලු සන්නද්ධ හමුදා යොදවන බවට මදුරෝගේ නියෝග අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කර ඇත.

මේ අතර අමෙරිකාව විසින් නිකොලොස් මධුරෝ අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කිරීමත් සමග එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ඒ පිළිබඳ සාක්ෂි ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උප ජනාධිපතිවරිය සඳහන් කර ඇත්තේ ජනාධිපති මධුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය වෙනිසියුලානු රජය නොදන්නා බවත් ඔවුන් දෙදෙනාගේම ජීවිතය පිළිබඳ ක්ෂණික සාක්ෂි රජය ඉල්ලා සිටින බවත් උප ජනාධිපතිවරිය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන් වේ.  

කොලොම්බියානු ජනාධිපතිගෙනුත් හදිසි නියෝගයක්

මේ අතර වෙනිසියුලාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනිසියුලානු දේශසීමව හරහා හමුදාව යෙදවීමට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නියෝග කර තිබේ.

වෙනිසියුලාවේ කැරකස් සහ අනෙකුත් ප්‍රදේශවයට එල්ල වී අමෙරිකානු ප්‍රහාරවලින් පසු වෙනිසියුලාවේ සරණාගතයින්ගේ දැවැන්ත ගලා ඒමක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.

SendShareShare
Previous Post

වෙලාවට ඡන්ද තිබ්බෙ නෑ! තියපු ඡන්ද කොල්ලකෑවා! විපක්ෂය මර්දනය කළා! මාධ්‍ය මර්දනය කළා! මහ ලොකුවට දඟලපු ඒකාධිපතියාට දැන් වෙලා තියෙන දේ! I Sri Lanka Latest News

Next Post

මේ ආණ්ඩුව කරන හැම වැරැද්දක්ම නිලධාරීන් පිට පටවලා අත පිහදාගන්නවා! අසැබි වෙබ් අඩවියේ නම දාපු සිද්ධියට අගමැතිතුමිය වගකීම බාරගෙන වහාම ඉල්ලා අස්වෙන්න! නිලධාරීන් පිට වැරැද්ද පටවන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.