කොහුවල දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ.Sri Lanka Latest News
කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධයෙන්, පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.
මෙම අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු හඳුනා ගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර ඇත.
ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක –
ස්ථානාධිපති/ කොහුවල පොලිස් ස්ථානය 071-8591669
ස්ථානාධිපති / අපරාධ විර්මශන අංශය 071-4146727










