• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2026වත් මේවට උත්තර ඕනෑ! Sri Lanka Latest News

January 4, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
යාලේ අලි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාරිසරික අලකලංචිවලින්, දුක් දොම්නස්වලින් අඩුවක් නැතුව ගෙවුණු 2025ට සමුදෙමින් සුවහසක් ලාංකික පරිසරහිතකාමී ජනී ජනයාට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් 2026 කැලෑ කොලම ලියන්නයි මේ සූදානම.Sri Lanka Latest News

රටක් හැටියට අපි මේ වනවිට දැඩි පාරිසරික අර්බුද රැසකට මුහුණ පා අන්තයටම ගිලී සිටින බව අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය වසර කීපය දෙස ආපසු හැරී බැලීමේදී අපි අන් කවරදාටත් වඩා පරිසරය විනාශ කරමින් ඉතා ඛේදනීය ලෙස අපේ රටේ ජනතාව පාරිසරික වින්දිතයන් බවට පත්වෙලා තියෙනවා. ඊට මෑතකදී දිය හැකි හොඳම උදාහරණය නම් දිට්වා සුළි කුණාටුව හා සබැඳි නායයාම් හා ගංවතුර ආපදා තත්ත්වයයි. ස්වභාවික ව්‍යසනයන් අපට පාලනය කරගත නොහැකි වුවත් ඉන් ඔබ්බට විපත්තියකදී ඒවා කළමනාකරණය කරගන්නේ කෙසේදැයි අපි පසු විපරමක් සිදුකළ යුතු බව අපගේ විශ්වාසයයි.

2026 වසරේදී රටක් ලෙස අපි නිරන්තර අවධානය යොමුකරමින් කළමනාකරණය කරගනිමින් උත්තර සෙවිය යුතු ප්‍රධාන පාරිසරික ක්ෂේත්‍ර කීපයක් ගැන කැලෑ කොලමේ අවධානය යොමු කිරීමටයි අපි අද සූදානම් වෙන්නේ.

ස්වභාවික ආපදාවකින් පසු පරිසරය යථා තත්ත්වයට පත්කිරීම හා ජන ජීවිතය යථාවත් කිරීම ඉන් ප්‍රධාන කාර්යයන් අතර වනවා. වන විනාශය අවම කිරීම, කැලෑ එළි කිරීම නැවැත්වීම සඳහා නව නීතිරීති සැකසීම, ගංගා ඇළදොළ කැලෑ හා ජල මූලාශ්‍ර වටා හා ගං ඉවුරු අසල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, වැව් රක්ෂිත හා වැව් තාවුලුවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, නියමිත සංරක්ෂණ මායිම් ලකුණු කිරීම හා රොන්මඩ ක්‍රමානුකූලව ඉවත් කරගැනීමෙන් වැව්වල ජල ධාරිතාව වැඩි වශයෙන් එක්රැස් කරගැනීමද ඉතා වැදගත් වන බව අපගේ විශ්වාසයයි.

තාක්ෂණය හා බද්ධ වූ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, ඉහළ කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම, පාරිසරික යෝග්‍යතාවන් කරන්නන් වාලේ නොකර අවිධිමත් හා යථාවත් නොවන ව්‍යාපෘති අහෝසි කිරීම. මේකෙන් අපි අදහස් කරන්නේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති. අඩි 5000කට ඉහළ ඔබ්බෙන් යන මිථ්‍යාවෙන් ඔබ්බට ගොස් නිසි අධ්‍යයනයකින් හා විෂය ප්‍රාමාණික විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් ඉහළ මධ්‍යම කඳුකරයේ ඉදිකිරීම් හා අනෙකුත් ව්‍යාපෘති සමාලෝචනය කිරීම, අනුමැතිය දීම සඳහා ඉදිරිපත් කිරීමටද අපි යෝජනා කරනවා. වැසි වනාන්තර ආරක්ෂා කිරීම හා සුපෝෂණය කිරීම. මෙය ඉතා බැරෑරුම් වගකීම් සහිත කාර්යයක්. සීතල කාමරවල සිට සැලසුම් සකස් කරනවාට වඩා පවතින තත්ත්වයන්ට අනුගත වෙමින් මහ පොළොවේ ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් යෝජනා කිරීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රජාව සහභාගි කරගැනීම ඉතා වැදගත් වන බව අපගේ අදහසයි.

වනජීවීන් හා වනජීවී කළමනාකරණය කිරීම විධිමත් කිරීම හා අවශ්‍ය පහසුකම් හා මිනිස් ශ්‍රමය ලබාදීම. මෙරට සංචාරක කර්මාන්තයේ වැඩි වශයෙන්ම විදේශ විනිමය උපයන එක් අංශයක් වන්නේ මෙරට ජාතික උද්‍යානවලින් ලැබෙන ආදායමයි. නමුත් මෙම මුදල් ඉපැයීම විනා වනජීවීන්ට හා අනෙකුත් ප්‍රජාවන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? එය දෙවරක් සිතා බැලිය යුතු කාරණාවකි. ඇමැතිවරයා, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය මීට ඉඳුරාම ඉවහල් වේ. වනජීවියේ සෑම ක්ෂේත්‍රයක්ම නියාමනය විය යුතුය. සිදු නොවන්නේද එයයි. පසුගිය වසර පුරාම අප දුටුවේ ඇල්මැරුණු වනජීවී කළමනාකරණ ක්‍රියාපිළිවෙළක්. 2026දීවත් අළුගසා නැගිටීමට ඔවුන්ට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

අලි මංකඩවල් නිදහස් කිරීම හා අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙකී කාරණය මේ වනවිට හිඟන්නාගේ තුවාලය වී හමාරය. අලිමංකඩවල් නිදහස් කිරීම කෙසේ වෙතත් වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද අලි උමඟ නිමා කිරීමටවත් වර්තමාන පාලකයන් කටයුතු නොකරන බව ඇස් පනාපිට පෙනීයන කාරණයකි. අලි මිනිස් ගැටුමේ උච්චතම ස්ථානයට මේ 2025 පැමිණ ඇතැයි කිව හැකිය. මෙම ලිපිය ලියන විටදීත් 2025 වසරේ අලි ඝාතන සංඛ්‍යාව 410 ඉක්මවා ඇත. වැඩිම සංචාරක ආකර්ෂණයක් ලබාදී ඇති ලංකාවේ විශාලතම සත්වයා වන අලියාගේ ඛේදනීය ඉරණම එසේ ලියැවී ඇති අතර නිලධාරීන්, බලධාරීන් පසුවන්නේ මර නින්දේය. උදේ හවස අලි මිනිස් ඝාතන නොකඩවාම සිදුවේ. හඬක් නොනැගිය හැකි අලින් වැරදිකරුවන් වී හමාරය.

2020 වසරේදී වියත් මඬුල්ලක් මගින් ලබාදී ඇති අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජනා කර ඇති ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ වුවමනාවට අලි පැන්නීම 2026දීත් කරනවාද? 2025දී කරපු අලි පැන්නීම් සාර්ථකද? නැත. ඒවා හුදෙක් ක්ෂණික චූන් පමණි. නිරපරාදේ මහජන මුදල් කාබාසිනියා කිරීමේ ව්‍යාපෘතියකි. ස්වභාවික ආපදාවකින් පසු පරිසරය නැවත යථා තත්ත්වයට පත්කිරීම හා ජන ජීවිතය යථාවත් කිරීම ඉන් ප්‍රධාන කාර්යයන් අතර වනවා. වන විනාශය අවම කිරීම, කැලෑ එළිකිරීම නැවැත්වීම සඳහා නව නීතිරීති සැකසීම, ගංගා ඇළදොළ කැලෑ හා ජල මූලාශ්‍ර වටා හා ගං ඉවුරු අසල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, වැව් රක්ෂිත හා වැව් තාවුලුවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, නියමිත සංරක්ෂණ මායිම් ලකුණු කිරීම හා රොන්මඩ ක්‍රමානුකූලව ඉවත් කරගැනීමෙන් වැව්වල ජල ධාරිතාව වැඩි වශයෙන් එක්රැස් කරගැනීමද ඉතා වැදගත් වන බව අපගේ විශ්වාසයයි.

අනෙකුත් වනජීවීන් ඝාතනයද 2025 වසරේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර දිවියා, මුවා, ගෝනා ඒ අතර ප්‍රධාන වේ. මේවා සඳහා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා බලධාරීන් ක්‍රියාත්මක නොවේ.

වෙරළ සංරක්ෂණයද ඉතා වැදගත් සාධකයකි. ඒ ගැන අවධානය යොමුකර ඇත්තේ අල්ප වශයෙනි. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට වෙරළ බදු නොදිය යුතුය. සුන්දර වෙරළ තීර, කොරල් පර හා වෙරළ තීරයන්ගේ සංචාරක ආකර්ෂණය සඳහා නිසි මාර්ගෝපදේශයක් යටතේ නියාමනය කළ යුතුය. කඩොලාන පරිසර පද්ධතියද ආරක්ෂා කළ යුතුය. ස්වභාවික වැලි පර සංරක්ෂණය කළ යුතුය. 2026දී අප විසින් විසඳාගත යුතු පාරිසරික අභියෝග ගැන කැලෑ කොලමේ සටහන් තැබුවේ ඉතා අල්ප වශයෙනි. ඉහත සඳහන් කරුණු කාරණාවලටත් අදාළ නිලධාරීන් හා ඇමැතිවරයා ඇතුළු බලධාරීන්ගේ ඇස් කන් යොමුවී සාධනීය කාර්යභාරයක් 2026දීවත් ඉටු කරනු ඇතැයි කැලෑ කොලමේ අප බලාපොරොත්තු වෙමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ජේලර්ලා පාතාලෙට දාපු බූස්සේ ස්මාර්ට් පාතාලේ! Sri Lanka Latest News

Next Post

හොර බොරු කරනවා බොරු! ඇස් පනාපිට හාස්කම් පාන කටුපිටිගම දේවාලේ කම්බිලි අප්පච්චි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.