• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරහා අවසරයි අපේ හාමුදුරුවනේ…. මෙන්න මේ ටිකත් අහලා හිටියා නම්….! නොදන්නා දේශපාලනය ගැන කතාකරන්න යන්න එපා….! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තරහා අවසරයි අපේ හාමුදුරුවනේ…. මෙන්න මේ ටිකත් අහලා හිටියා නම්….! නොදන්නා දේශපාලනය ගැන කතාකරන්න යන්න එපා….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ඉතා ජනප්‍රිය ධර්ම ප්‍රචාරක භික්ෂුන්වහන්සේ නමක් වන පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක වරුණ රාජපක්ෂ මහතා සිය අදහස් දක්වා තිබෙනවා.Sri Lanka Latest News

පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ දේශපාලනික භික්ෂුවක්ද? දේශපාලනය කතාකරන කෙනෙක්ද? ඉතිහාසයෙත් පොඩි සම්බන්ධයක් විශ්වවිද්‍යාලයේදී උන්වහන්සේට තිබ්බ හින්දා එහෙම කෙනෙක්ද කියලා බලන්න මම පරණ බණ ටිකක් ඇහුවා. මම හිතන්නේ වැඩසටහන් දහයක් විතර අහගෙන ගියා. ඒ වගේ තමයි කාගම හාමුදුරුවන්ගේ බණ මම මීට වඩා ටිකක් අහලා තියෙන්නෙ. ඒකෙත් කරන්නේ බණින එකනේ. එතකොට ඒ බණින අය හුඟක් ජනප්‍රිය වෙනවා. ඒ බණින අය ජනප්‍රිය වෙන්නේ ඇයි කියලා අපි වෙනම කතාකරමු. ඒකෙ වෙනම සයිකොලොජි එකක් තියෙනවා ඒක ගැන. ලංකාවේ භික්ෂුවකට හෝ දේශපාලනඥයෙක්ට ජනප්‍රිය වෙන්න ඕනෙ නම් හුඟක් වෙලාවට කටහඬ වෙනස් කරලා කතා කරනවා. විජේවීර එහෙම කෙනෙක්. සමන්ත විද්‍යාරත්න විජේවීරව අනුකරණය කරනවා. අනුර කටහඬ ටිකක් වෙනස් කරලා ආරෝපිත කටහඬකින් කතා කරනවා. කටහඬ වෙනස් කරලා, ගැඹුරු කරලා. විවේචනාත්මකව මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතයේ සංවේදී තැන්වලට කතා කළාම ටිකක් මාකට් වෙන්න පුළුවන්. ඒක නරක දෙයක් නෙමෙයි. මොකද ඒ කියන කරුණු ගත්තම මට මහා විශේෂ දෙයක් නැහැ. හැබැයි ඉතින් මිනිස්සුන්ට බණින්න එපා, රණ්ඩුවෙන්න එපා, සහයෝගයෙන් ජීවත් වෙන්න, හොඳ පවුලක් ගතකරන්න… ඉතින් ඒවා නරක දේවල් නෙමෙයිනේ.

දැන් ඕකේ නරක තැන එන්නේ ඔහොම ගිහින් ගිහින් එක තැනකදී මේක දේශපාලනයට සම්බන්ධ වෙනවා. දේශපාලනයට හෝ මොනවාට හරි. දැන් මේ එකපාරට ඇවිල්ලා ජනප්‍රිය වෙන චරිත, දැන් අපි හිතමුකෝ කාගම හාමුදුරුවෝ හුඟාක් ජනප්‍රිය වුණා. කාගම හාමුදුරුවෝ සෑහෙන කාලයක් දේශපාලනයට පැටලෙන්නේ නැතුව හිටියා. ඉඳලා එක මොහොතකදී කාගම හාමුදුරුවෝ අනුර කුමාරත් එක්ක ඇවිල්ලා අනුරට ලොකු රෙකමෙන්ඩේෂන් එකක් දුන්නනේ. ඊට පස්සේ මොකද වුණේ? අන්තිමට කාගම හාමුදුරුවන්ට දැන් බණින්න වෙලා දැන් මේකෙ වෙන දේවල් දැකලා.

කත්නෝරුවේ හාමුදුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න මට බැහැ. ඒක ඉහළ භික්ෂුන් වහන්සේ නමක් කරන්න ඕනෙ. නමුත් මට දේශපාලනය විදිහට කියන්න පුළුවන්. කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බුදුදහම ගැන මම උන්වහන්සේ කියන කරුණුවලට අභියෝග කරන්න යන්නේ නැහැ. ඔහු ගැඹුරු කරුණු කතාකරනවා මට හම්බවෙලත් නැහැ සහ මම ඒ ගැන ප්‍රමාණික විද්වතෙකුත් නෙමෙයි. නමුත් මම කැමැතියි භික්ෂුවක් විදිහට උන්වහන්සේගේ තියෙන ජනප්‍රියත්වය යොදාගෙන ඔය ෆැමිලි කවුන්සලින් කරනවාට වඩා ටිකක් ගැඹුරු කාරණා කතාකරනවා නම් හොඳයි. මම ඒකත් යෝජනාවක් ඔහුට කරනවා. ඒ වගේම මම උන්වහන්සේට තවත් යෝජනාවක් කරනවා තමන් ලබාගන්නා ජනප්‍රියකම කොතැනකින් හරි පොලිටික්ස්වලට පාවිච්චි වුණොත් එතැනින් පස්සේ මොකක්ද මේ වෙන්නේ කියලා. මම හිතන්නේ දේශපාලනය කියන්නේ උන්වහන්සේ දන්නේ නැති විෂයක්. එක්කෝ හිතාමතා මේක බොරුවක් කියනවා. එහෙම නැත්නම් දන්නේ නැහැ. මොකද උන්වහන්සේ කියනවා මාලිමාවේ ආණ්ඩුව ආවයින් පස්සේ තමයි රතිඤ්ඤා කරලක්වත් මොකක්වත් පත්තු වුණේ නැත්තේ, ඊට කලින් ඉතිහාසයේ මෙහෙමයි කියලා. ඔය ලංකා ඉතිහාසයේ මේ මාලිමාවේ ආණ්ඩුවත් කරන දෙයක් තියෙනවා, මැද පීරියඩ් එකක් තියෙනවා මකනවා.

ඇත්තටම ලංකාවේ දේශපාලන පළිගැනීම් නැවතුණේ කවද්ද? ඒ කියන්නේ ඡන්දයක් ඉවර වුණාම දෙපැත්තේ ඉන්න අය කට්ටිය ගහගන්න වැඩේ නැවතුණේ ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වෙච්ච වෙලාවේ. ඒකේ විශේෂත්වයක් තිබුණා මෛත්‍රීපාල ජනාධිපති, රනිල් අගමැති, දෙපැත්තේ ගහගන්න කට්ටිය දෙගොල්ලෝම ආණ්ඩුවේ. ඒ නිසා එතැන ඒක වුණේ නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මෛත්‍රීපාලගේ කාලේ 2015 යහපාලන ආණ්ඩුවෙන් පස්සේ මේක නැවතුණා ඇත්තටම. ඒ ගෞරවය දෙන්න එපැයි කාට වුණත්. ඊට පස්සේ ගෝඨාභය ආවත්, ගෝඨාභය කොයිතරම් දරදඬුයි කිව්වත් ගෝඨාභය එහෙම මිනිස්සුන්ට ගැහුවේ නැහැ. ගෝල්ෆේස් අරගලේදී පවා. සාමාන්‍ය ලෝකයේ අපි දැක්කනේ බංග්ලාදේශයේ, නේපාලයේ හරි කොහේ හරි පාලකයෝ අණ දීපු හැටියට නෙමෙයි ගෝඨාභය හැසිරුණේ. ඒ ගෞරවය දෙන්න ඕනෙ. ප්‍රජාතන්ත්‍රවාදීව උපරිම සාමකාමීව කටයුතු කළා. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ දේශපාලනය ඇතුළේ ඒ ප්‍රචණ්ඩ දේශපාලනය කියන එක ඉවර කළා. හැබැයි මේ ප්‍රචණ්ඩ දේශපාලනය ඉවර කළාට වෛරී දේශපාලනය කියන එක ඉවර වුණේ නැහැ. ඒ ප්‍රචණ්ඩ දේශපාලනය ඉවර වුණායින් පස්සේ වෙන ආකෘතියක, ඒ කියන්නේ ගෙවල්වලට ඇවිල්ලා ගහලා බඩුමුට්ටු පොඩි කරනවා වෙනුවට වෙන ආකෘතියක වෛරී දේශපාලනයක් ලංකාවේ පටන් ගත්තා. ඒ වෛරී දේශපාලනය පටන් ගත්තේ මාලිමාවේ ආණ්ඩුව. ඒ කියන්නේ ‘නිවන් සුව’ කියලා… බුදුදහමට අනුව අපි කවුරු හරි කෙනෙක් මැරුණාම ‘නිවන් සුව’ කියනවා මිසක් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට ‘නිවන් සුව’ කියන්නේ නැහැනේ. එතකොට සැලසුම්සහගතව සල්ලි ගෙවලා, විශාල පිරිසක් දාලා මේ සමාජයේ මිනිස්සුන්ට ‘නිවන් සුව’ කියලා කැම්පේන් එකක් කළේ මාලිමාව. ඒක වෛරය වැගිරවීමක්. මං හිතන්නේ කත්නෝරුවේ හාමුදුරුවෝ මාලිමාවේ ආණ්ඩුව ආවයින් පස්සේ වෛරය නැහැ කියලා කියනවා නම්, ‘නහී වේරේන වේරානී’ කියලා බණ පදයකුත් මතක් කරලා කියනවා නම්, අර ‘නිවන් සුව’ කියන ඒ කැම්පේන් එක දැකලා නැද්ද උන්වහන්සේ? හොඳ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්, මං හිතන්නේ නෑ හාමුදුරුවෝ ඒ නොදකින්න පුළුවන් කියලා.

ඊට පස්සේ දැන්, මේ වීඩියෝ එක ගන්නකෝ. මේ වීඩියෝ එක දාපු ගමන් මේකේ කමෙන්ට් කියවන්නකෝ. තිත්ත කුණුහරුපෙන් අපේ පවුල්වල ඉන්න අයට, අපේ හිතවතුන්ට, අපේ අම්මලාට එකදිගටම කමෙන්ට් කරනවානේ. ඒ කමෙන්ට් කණ්ඩායමේ රාජ්‍ය මුදල්වලින් පඩි අරගෙන ජනාධිපති මාධ්‍ය ඒකකයේ තියාගෙන ඉන්න කණ්ඩායමක්. එතකොට රාජ්‍යය විසින් වෛරය පැතිරවීමේ ක්‍රියාවලිය මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ මං හිතන්නේ නැහැ මීට කලින් කිසිම ආණ්ඩුවක තිබුණා කියලා. මීට කලින් ඔය කිසිම ආණ්ඩුවක විපක්ෂයේ අයට මඩ ගැසීම වෙනුවෙන්, වෛරය වැපිරීම වෙනුවෙන් ඒකක තිබුණේ නැහැ. එහෙම ඒකක හදලා සැලසුම් කරලා ඒවට පඩි ගෙවලා. දැවැන්ත පිරිසක් යොදාගෙන, ‘වොෂින්ටන්ලා’ කියලා කියන්නේ, ඒ වොෂින්ටන්ලා දාගෙන මෙහෙම සැලසුම්සහගතව පහර දෙන එක ඒක වෛරය නෙමෙයිද? ඒක වෛරය කියලා කත්නෝරුවේ හාමුදුරුවොත් කියනවා. මම දැක්කා උන්වහන්සේ එක එක තැනක එහෙම කියනවා. මේක අහන්නකෝ.

‘සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ ඔවුන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒක ඒ මිනිස්සුන්ගේ වැඩක්. හැබැයි සත්පුරුෂයෝ විදිහට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්….’

ඉතින් ඒ නිසා දැන් අර දෙන සහතිකය සහ හාමුදුරුවෝ මේ කියන දේ අතර ලොකු පරස්පරයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට, ජනප්‍රිය වෙලා ඉන්න කෙනෙක් විදිහට නොදන්නා දේශපාලන මාතෘකාවලට සහතික දෙන්න ගිහිල්ලා මේ ඒ ලබාගෙන තිබෙන කීර්තිය බිඳගන්න හදනවා නම්, මගේ පළමුවැනි ඉල්ලීම එහෙම කරන්න එපා. දෙවැනි කාරණය මම ඇහුවා උන්වහන්සේගේ බණ. ඒක ඇතුළේ ෆැමිලි කවුන්සෙලින්වලින් එහාට ගිහිල්ලා ටිකක් ගැඹුරු ධර්ම කරුණු ගැන සංවාදයක යෙදෙනවා නම් අපි වගේ අයත් ඔබේ වීඩියෝ බලන්න පෙළඹෙයි.

SendShareShare
Previous Post

ගංවතුර බැස්සා විතරයි උහුලන්න බැරි සීතලක් එනවා! හරියටම හරි අනාවැකි කිව්ව KCJගේ අලුත්ම එක මෙන්න…! Sri Lanka Latest News

Next Post

කබ්රාල් මිලියන 1800ක් ගෙවන්න ඕනෙද? නැද්ද? මහාධිකරණ විනිසුරුතුමයි කබ්රාල්ගේ නීතිඥවරයායි ජනාධිපති නීතිඥ විජයදාසයි කියපු කතා 3 මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.