• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර බැස්සා විතරයි උහුලන්න බැරි සීතලක් එනවා! හරියටම හරි අනාවැකි කිව්ව KCJගේ අලුත්ම එක මෙන්න…! Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගංවතුර බැස්සා විතරයි උහුලන්න බැරි සීතලක් එනවා! හරියටම හරි අනාවැකි කිව්ව KCJගේ අලුත්ම එක මෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන 28 වැනිදා සිට 2026 ජනවාරි මුල් සතිය දක්වා කාලය තුළ දිවයිනට දැඩි සිසිල් කාලගුණ තත්ත්වයක් බලපාන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා පවසනවා. Wishwa Dinapotha යූටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ 2026 ජනවාරි මුල් සතිය තුළ අනපේක්ෂිත වර්ෂාපතනයක්ද දිවයිනට පවතින බවයි. එම කාලගුණ තත්ත්වයට බලපාන ජ්‍යොතිෂ විද්‍යාත්මක පසුබිමද විග්‍රහකෙරෙන අදාළ පැහැදිලි කිරීම ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙසේ ඉදිරිපත් කරමු. Sri Lanka Latest News

පහුගිය කාලයේ ඇති වෙච්ච සුළි කුණාටුවෙන් අපි හැමෝම ලොකු කම්පනයකට ඇතැම් විට විශාල අසීරුතාවන්ට පත්වුණා. ඒ අතරතුර තමයි 2026 අලුත් අවුරුද්ද ලබන්නේ. මම මේ මොහොතේ අනාගතයට පේන කිසියම් පූර්ව කථනයක් කරන්න කැමැතියි. 2025 වසරේ අග දින කිහිපය සහ 2026 වසරේ මුල් දින කිහිපය යම් අමුත්තක් මට පේනවා. ඒක මගේ අත්දැකීමෙන් සහ විශේෂයෙන්ම මේ තාරකා කාලගුණ විද්‍යාව පැත්තෙන් කරන අධ්‍යයන සම්බන්ධව ගත්තොත් යම් අමුත්තක් මම දකිනවා.

මෙවැනි අවස්ථා දැක්කාම සමහර අවස්ථාවල මම ඒවා නොකියා හිටියා. මොකද මේ වරදින පුරෝකථනයක් කිරීමට මගේ එච්චර කැමැත්තක් නොතිබුණ නිසා. නමුත් මම මෙවර හිතුවා අපි මේ කරන්නේ ශාස්ත්‍රීය අභ්‍යාසයක් නිසා කිසියම් ආකාරයක පර්යේෂණාත්මක කටයුත්තක් නිසා මේ මට පේන දේ ඔබ සමග බෙදාහදාගන්න. ඇතැම් විට මම මේ ඉදිරිපත් කරන තොරතුරු ඔබේ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාවටත් රටක් හැටියට අපි හැමෝගෙම සුබසිද්ධියටත් ඉවහල් වෙයි. අපි අවධානයෙන් සූදානමකින් පරිස්සමකින් ඉන්න එක වරදක් නෙමෙයි.

මම මේ කරන පුරෝකථනය සැබෑවක් වීමේ සම්භාවිතාව ගත්තොත් 65%යි. මම මෙතැන් සිට යම් කරන පුරෝකථනයක විය හැකි සම්භාවිතාව සඳහන් කරනවා. එතකොට මේ මම කරන පුරෝථනය විශේෂයෙන්ම කාලගුණය ගැනයි. 35%ක වගේ ප්‍රමාණයක් තමයි එය නොවීමට තියෙන හැකියාව.

ඔබ දකින්න ඇති මේ මෑත කාලයේ මේ කාලගුණ පුරෝකථන කිරීම හරිම දුෂ්කර වුණා. මට මතකයි ‘දිට්වා’ සුළි කුණාටුව සම්බන්ධව ඒ වගේම ඊට පස්සේ වර්ෂාපතනය සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් හටගත්තා. ඒක බීබීසී ලෝක සේවයේ කාලගුණ ප්‍රවෘත්තිවලත් කිව්වා. නමුත් ඊට පස්සේ ඔවුන් පුරෝකථනයක් කළා විශාල වර්ෂාපතනයක් ඇදහැලෙනවා කියලා දෙසැම්බර් මාසේ 10, 11, 12 වගේ දවස්වල. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ඒ කියන්නේ මේක හරි අමුතු විපරීත කාලයක්. අධිතාක්ෂණික උපකරණ තිබුණත් තව නවීන සිද්ධාන්ත සහ නවීන උපකරණ පාවිච්චි කළා වුණත් සුපර් කොම්පියුටර් පවා පාවිච්චි කළත් අද මුළු ලෝකෙම යම් අර්බුදයක තියෙනවා හරිහමන් කාලගුණ පුරෝකථනයක් කරන්න බැරිවෙන්න. සමහර ඒවා කියැවෙනවා. සමහර ඒවා කියැවෙන්නේ නැහැ. ඒකට හේතුවත් අපි හොයන්න ඕනේ. මේ අත්දැකීම් මම 2025 වසර පුරාම අත්දැක්කා. මොකද බොහෝ පුරෝකථන ඒ විදියටම සිද්ධ වුණේ නැහැ. අපි එතරම් බරක් නොතබා දැකපු දේවල් ඒ විදියටම වුණා. ඉතින් මොකක්ද මේ වෙන්නේ කියන එක හොයන්න වටිනවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපිට හොයන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් අධිතාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා කරන්න ඕනේ වැඩ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න අමාරුයි. කෙසේ නමුත් අපි හැමෝම මේ ඇතිවෙන විපරීත තත්ත්වය ගැන බලන එක කෝකටත් හොඳයි වර්තමානයට පමණක් නෙවෙයි අනාගතයටත්.

කෙසේ නමුත් මෙන්න මේකයි මම මේ 2025 අග දින කිහිපයයි 2026 මුල් දින කිහිපය අතර දකින වෙනස. මගේ අත්දැකීම සහ මේ විෂය පිළිබඳ තියෙන සිද්ධාන්ත දැනුමත් එක්ක ගත්තම 2025 දෙසැම්බර් මාසේ 29 වැනිදා සිට අපි ජීවත්වෙන කාලගුණයේ කිසියම් වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේක ලංකාවට විතරක් නෙමෙයි විශේෂයෙන්ම දකුණු ආසියාවටත් නැගෙනහිර ආසියාවටත් බලපානවා. දැන් අපි මේ විශේෂ අවධානයක් යොමු කරන්නේ ලංකාවටනේ. එතකොට ලංකාව සම්බන්ධයෙන් පමණක්ම නෙමෙයි දකුණු ආසියාවටයි නැගෙනහිර ආසියාවටයි අග්නිදිග ආසියාවේ කොටසකටත් මේක බලපාන බවත් අපි මතක තබාගමු. මොකක්ද වෙන්න යන්නේ?

පරිසරයේ දැඩි සිසිල් කාලගුණ තත්ත්වයක් හටගන්න පුළුවන්. එහි ආරම්භක අවස්ථාව මම දකින්නේ දෙසැම්බර් මාසේ 28. එතකොට ඒ 28 වැනිදා හටගන්න දේ අපිට දැනෙන්න පටන් ගන්නේ දෙසැම්බර් මාසේ 29 වැනිදා සිටයි. ඊළඟට දෙසැම්බර් 30, 31. ඔබ දන්නවා අපි යන්නේ අලුත් අවුරුද්දකට 2026 ට. ඒ 2026 අවුරුද්දේ පළමු සතිය ඒ කියන්නේ ජනවාරි 1, 2, 3, 4, 5, 6, 7 මෙන්න මේ දිනවලදී අනපේක්ෂිත වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දැඩි සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේක සෑහෙන කාලයකට පසුව අපි අත්දකින අත්දැකීමක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ පරිසරයේ දැනෙන අධි සීතල තත්ත්වයකුත් අනිත් පැත්තෙන් වර්ෂාවකුත් පෙන්නුම් කරනවා. එතකොට 2025 වසරේ අග දින එකතු වෙනවා තුනක්. 2026 මුල් දින හතක් එකතු වෙනවා. ආසන්න වශයෙන් දින 10ක් 11ක් වගේ කාලයක් මේ අත්දැකීම ලබන්න හැකියාව ලැබෙන බවයි මට පේන්නේ.

ඒකෙදි අපි කෝකටත් මේ සම්බන්ධව යම් අවධානයකින් පසුවීම වැදගත් කියන නිසයි මම මේ පුරෝකථනය කරන්නේ. ලංකාව සම්බන්ධව ගත්තොත් වැඩි වශයෙන්ම මේ බලපෑමට නතු වෙන්න පුළුවන් ප්‍රදේශ ටිකක් අපි හඳුනාගමු අපේ විශේෂ සිද්ධාන්ත පාවිච්චි කරලා. ඔබ දන්නවා ලංකාවේ වර්ෂා කලාප තියෙනවා. දැන් ඊසාන මෝසම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙන් පෙන්නන්නේ උතුර, නැගෙනහිර රටේ ඊසානදිග ප්‍රදේශය, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, ඒ වගේම වයඹ පළාත වැඩි වශයෙන් මේ පීඩනයට ලක්වෙන්න ඉඩකඩ තියෙනවා.

එහි ද්විතීයික ඵලයක් ලෙස සබරගමුව සහ ඌව පළාත් දෙකටත් ඊළඟට එහි තුන්වැනි මට්ටමේ බලපෑම බස්නාහිර සහ දකුණු පළාත්වලටත් ඇතිවෙන්න පුළුවන්. මම මුලින්ම කිව්ව කලාපයට උතුරුමැද පළාතත් අයිති වෙනවා. එතකොට මෙහෙම ගත්තහම මුළු රටටම මේක දැනෙනවා එක් එක් කලාප හැටියට. ඒ කියන්නේ වැඩිම බලපෑම ඇති කලාප හැටියට පෙන්වන්නේ උතුර, නැගෙනහිර, උතුරුමැද, වයඹ. ඊළඟට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් සහ ඒ ආශ්‍රිත විශාල ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට තමයි සබරගමුව, ඌව සහ තුන්වැනි අදියරට තමයි බස්නාහිර සහ දකුණට බලපාන්නේ.

අපි බලමු මේ කටයුත්ත සිද්ධ වෙනවාද කියලා. මේ පුරෝකථනය කියන්නේ දැඩි වර්ෂාපතනයක් හෝ එක දිගට ඇදහැලෙන වර්ෂාවක්. ඒ කියන්නේ ඊසානදිග මෝසමේ උච්චතම අවස්ථාව වෙන්න පුළුවන් අපි මේ දකින්නේ. එතකොට ඒක දැඩිම වර්ෂාපතනයක් හෝ දැඩි සීත කාලගුණ තත්ත්වයක් මේ තියෙන තාරකා කාලගුණ විද්‍යාවේ සිද්ධාන්ත අනුව ගෝචර වෙනවා. එතකොට මේ දකින දේ තමයි මම ඔබට කල්තබා පුරෝකථනය කළේ. ඒක වීමේ හැකියාව 65%ක් දක්වාම ඉහළ අගයක් ගන්නවා. එය නොවීමේ හැකියාව 35%ක් වගේ ප්‍රමාණයකට තමයි පෙන්නුම් කරන්නේ.

මම සොබාදහම අධ්‍යයනය කරන්නේ සාම්ප්‍රදායික දැනුමකින්. ඉතින් ඒ දැනුම වගේම කල්තබා මේ පූර්ව කථනය ඉදිරිපත් කළේ, එතකොට කෙනකුට කල් වෙලා ඇතිව අධ්‍යයනය කරන්නත් පහසුවක් ලැබෙන නිසා.

SendShareShare
Previous Post

මාතලෙත් සිද්ධියක් වුණා… බදුල්ලෙත් සිද්ධියක් වුණා… ලංකාවට යටින් ගලන අද්භූත ගඟ ලංකාවම ගිලගනීද? Sri Lanka Latest News

Next Post

තරහා අවසරයි අපේ හාමුදුරුවනේ…. මෙන්න මේ ටිකත් අහලා හිටියා නම්….! නොදන්නා දේශපාලනය ගැන කතාකරන්න යන්න එපා….! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.