2025 දෙසැම්බර් 18 වන දින, තානාපති මහින්ද සමරසිංහ මහතා හාර්ට් සෙනෙට් කාර්යාල ගොඩනැගිල්ලේදී රිපබ්ලිකන් සෙනෙට් සභික Rick Scott (R-FL) හමුවී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ඔහුව දැනුවත් කළේය.Sri Lanka Latest News
සෙනෙට් සභික Rick Scott ප්‍රථම වරට 2018 දී එක්සත් ජනපද සෙනෙට් සභාවට තේරී පත් වූ අතර දැනට ෆ්ලොරිඩා ප්‍රාන්තය නියෝජනය කරමින් ඔහු දෙවන වරටත් සේවය කරයි. සෙනෙට් සභාවට සම්බන්ධ වීමට පෙර, ඔහු ෆ්ලොරිඩාවේ 45 වන ආණ්ඩුකාරවරයා ලෙස වාර දෙකක් සේවය කළ අතර, එහිදී ඔහු ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ෆ්ලොරිඩාවේ දිගුකාලීන අනාගතය සුරක්ෂිත කිරීමට උත්සාහ කළේය.
නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මධුක වික්‍රමාරච්චි සහ ආරක්ෂක උපදේශක කොමදෝරු දුමිඳු අබේවික්‍රම යන මහත්වරු තානාපති සමරසිංහ සමඟ රැස්වීමට සහභාගී වූහ.











