ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් යළි ඒකාබද්ධ වන්නේ නම් එය සිදුකළ යුතු ආකාරය පිළිබඳ කිසියම් නිශ්චිත ක්‍රමවේදයක් මේ වනවිට සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් කොට ඇති බවක් දැනගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, පක්ෂ දෙක ඒකාබද්ධ වන්නේ නම් එහි නායකත්වය බහුතර බලය හිමි සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හට හිමිවිය යුතු බව එම පක්ෂයේ ස්ථාවරය වී තිබේ.
ඒ සඳහා ඉඩකඩ සලසමින් එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමෙන් පසු ඒ මහතාට ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් පිරිනැමීමටද සජබය යෝජනා කර ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව, මෙම පදනමේ සිට සාකච්ඡා ඉදිරියට මෙහෙයවීමටද සජබය මේ වනවිට තීරණය කර ඇති බවක් දැනගන්නට තිබේ.










