ජාතික ජන බලවේගයේ ඇතැම් මැති ඇමැතිවරුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන යම් යම් ප්‍රකාශයන් හේතුකොට ගෙන සමස්ත මාලිමා ආණ්ඩුවම රටත් ජනතාවත් ඉදිරියේ අසීරුතාවට පත්ව තිබීම හේතුවෙන් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපතිවරයා තීරණය කොට ඇත්තේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොහොමයකටම කතාකිරීමේ වාරණයක් පැනවීමටය.
මේ සම්බන්ධයෙන් පැලවත්ත ජවිපෙ පක්ෂ මූලස්ථානයට පැමිණිලි රැසක් ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඉන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










