• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලවලින් බලය ගත්ත අයට වැඩේ දෙල්වෙන්නයි යන්නේ! නේපාලයේ බලයෙන් පන්නපු ඔලී ආයෙත් එළියට ආවා! බංග්ලාදේශයේ අරගල නායකයාත් මරලා! මිනිස්සු ආපහු පාරට බැහැලා! I Sri Lanka Latest News

December 19, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලවලින් බලය ගත්ත අයට වැඩේ දෙල්වෙන්නයි යන්නේ! නේපාලයේ බලයෙන් පන්නපු ඔලී ආයෙත් එළියට ආවා! බංග්ලාදේශයේ අරගල නායකයාත් මරලා! මිනිස්සු ආපහු පාරට බැහැලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංග්ලාදේශයේ අරගල දේශපාලන නායකයෙකු වූ 32 හැවිරිදි ශරීෆ් ඔස්මාන් හාදිගේ ඝාතනයත් සමඟ එරට ප්‍රධාන නගර රැසක දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී තිබේ. සිය දැඩි ඉන්දියානු විරෝධී මතවාදය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි හාදි, 2024 වසරේදී හිටපු අගමැතිනි ෂීක් හසීනා බලයෙන් පහකිරීමට මග පෑදූ ශිෂ්‍ය අරගලයේ කැපී පෙනෙන චරිතයකි.Sri Lanka Latest News

පසුගිය සිකුරාදා ඩකා නුවරදී සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් සිටියදී, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පිරිසක් හාදිගේ හිසට වෙඩි තබා තිබුණි. බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පූරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත විය.

හාදිගේ අභාවය සැලවීමත් සමඟ උරණ වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ඩකා අගනුවර වීදි බැස ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බව වාර්තා වේ. එහිදී බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතන දෙකක් වන ‘ද ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රෝතොම් ආලෝ’ ගොඩනැගිලිවලට විරෝධතාකරුවන් ගිනි තබා ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයන් රැසක් ගොඩනැගිලි තුළ සිරවී සිටි අතර පසුව ගිනි නිවන හමුදාව මැදිහත් වී තත්ත්වය පාලනය කර තිබේ.

මීට අමතරව, රාජ්ෂාහි ප්‍රදේශයේ පිහිටි බංග්ලාදේශ නිර්මාතෘ ෂීක් මුජිබර් රහ්මාන්ගේ නිවසට සහ අවාමි ලීග පක්ෂ කාර්යාලයට ද විරෝධතාකරුවන් ගිනි තබා අලාභ හානි පමුණුවා ඇත.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පළුදු වී තිබේ. චිතගොං නුවර පිහිටි ඉන්දියානු සහකාර මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්වූ පිරිස් ඉන්දියානු විරෝධී සටන් පාඨ ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්ත ඉන්දියාවෙන් වෙන් කරන බවට බංග්ලාදේශ දේශපාලන නායකයන් කළ ප්‍රකාශ සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි විරෝධය පළ කර ඇත. මේ හේතුවෙන් බංග්ලාදේශයේ වෙසෙන ඉන්දියානු ජාතිකයින්ට අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙස විශේෂ උපදේශන මාලාවක් ද නිකුත් කර තිබේ.

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් මහතා ජාතිය අමතමින් කියා සිටියේ හාදිගේ මරණය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමනට පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි. මෙය එළඹෙන පෙබරවාරි 12 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් බවට ඔහු චෝදනා කළේය.

හාදිගේ අභාවය වෙනුවෙන් එළඹෙන සෙනසුරාදා දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ජාතික ධජය අඩකුඹු කර තැබීමට ද තීරණය කර ඇත. ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන්නෙකුට බංග්ලාදේශ ටකා මිලියන පහක (ඇමරිකානු ඩොලර් 42,000 ක පමණ) ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

SendShareShare
Previous Post

වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම් කළේ බාල බෙහෙත්වලින් ජීවිත දෙකක් නැතිවෙච්ච එක ගැන ප්‍රසිද්ධියේ කතාකරපු නිසාද? VIDEO I Sri Lanka Latest News

Next Post

කඩවතදී සොයාගත් පාවෙන බෝල වෑල්ව (Float Operated Valves) තොගය විනාශ කිරීමට නියෝග! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.