• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැසි වනාන්තර බලන්න, සත්තු බලන්න කිලෝමීටර් සීය දෙසීය යන්න ඕනෙ නෑ…! යන්නකො හෝමාගමට! Sri Lanka Latest News

December 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වැසි වනාන්තර බලන්න, සත්තු බලන්න කිලෝමීටර් සීය දෙසීය යන්න ඕනෙ නෑ…! යන්නකො හෝමාගමට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සොබාදහම කියන්නේ හරි අපූරු දෙයක්. එය අපිට නොකියා ලබාදෙන දේවල් ගැන අපිට හිතාගන්නවත් බෑ. අපේ රට සොබාදහමේ හා ජෛව විවිධත්වයේ අපූරු මර්මස්ථානයක්. සියවසකට පෙර සිට සෙමෙන් සෙමෙන් සංවර්ධනය නිසා අපිට අහිමි වුණු සොබාදහමේ සම්පත් අපමණයි. කොළඹ නගරයට ආසන්නයේ පිහිටි හෝමාගම නගරයට යාබදව සදාහරිත තෙත්බිම් වනාන්තරයක් ඇති බව දැනගත්තොත් ඔබ පුදුම වේවි. එකී වනාන්තරයට අනාගතයේ දිනක ඇති විය හැකි ඉරණම ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ.Sri Lanka Latest News

සොබාදහමට හිතැති, ඒ ගැන පර්යේෂණ කරන ආචාර්යවරුන් හා තරුණ තරුණියන් පිරිසකගේ අප්‍රමාණ ධෛර්ය නිසා තවමත් ආරක්ෂා වී තිබෙන මෙම වනාන්තර පද්ධතිය ‘දියගම වැසි වනාන්තරය’ ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකදේශීය ශාක, ඒකදේශීය කුරුල්ලන්, සමනලයින්, උරගයන් හා ජල මූලාශ්‍රවලින් පෝෂණය වෙමින් තවමත් අලකලංචියක් නොවී රැකගත යුතු මෙම නොඉඳුල් පරිසර පද්ධතියේ වගතුග ගැන කතාබහ කරන්න කැලෑ කොලම හා සම්බන්ධ වුණේ දියගම වනාන්තරය පිළිබඳ පර්යේෂණය කරන කණ්ඩායමේ සාමාජික ශ්‍යාමල් රසාංග සහෘදයා. අපි මෙතැන් සිට ඔහුගේ කතාවට සවන් දෙමු.

දියගම අක්කර සීයක විතර විශාල ඉඩමක් විදියට තමයි මේ භූමිය මුලදි තිබුණේ. දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසුව අද වෙද්දී එය අක්කර 50ක වගේ භූමි ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා වනාන්තර විදිහට ඒ කොටසේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සුදීරා රංවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජෛව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකළා පසුගිය වසරේ. ඒ අධ්‍යයනයේදී තහවුරු වුණා මෙහි ජෛව විවිධත්වයෙන් ඉහළ ශාක විශේෂ 100ක් පමණ තියෙනවා කියලා. ඒ වගේම පක්ෂි විශේෂ 90ක්, ක්ෂීරපායින් විශේෂ 20ක්, ඒ වගේම උභයජීවීන් විශේෂ 10ක්, මත්ස්‍ය විශේෂ 18ක්, සමනල් විශේෂ 60ක් ඇතුළු මුළු සත්ව විශේෂ 200කට වැඩි ප්‍රමාණයක් මේ ආශ්‍රිතව වාර්තා වෙනවා.

පසුගිය කාලයේදී මේක බලන්න ආවා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ දායකත්වයෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක්. ඔවුන් කිව්වා මේක වැසි වනාන්තර ලක්ෂණ සහිත වනාන්තරයක් කියලා. ඉතින් ඒ අනුව මේක තමයි කොළඹට ළඟින්ම අපිට ඉතිරි වෙලා තියෙන වැසි වනාන්තර කොටස.
මේ ආශ්‍රිතව හඳුන් දිවියා, දිය බල්ලා ඒ වගේ සතුන් ජීවත් වෙනවා. මේ මෑතකදී සම්පත් සෙනෙවිරත්න මහාචාර්යතුමාගේ මගපෙන්වීම යටතේ උණහපුළුවන් පිළිබඳ අධ්‍යයනයක් මෙහිදී සිදුකළා. එහිදී ලැබුණු දත්ත අනුව ලංකාවට ආවේණික රතු උණහපුළුවන් 50ක විතර ගහනයක් මේ ආශ්‍රිතව වාසය කරනවා. ඉකෝ ටුවරිසම් වගේ කටයුතු සඳහාත් මේ ස්ථානය පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ උණහපුළුවන් නැරඹීම සඳහාම පැමිණෙන විදේශිකයන් ඉන්නවා. ඒ නිසා මෙතැන සංචාරක ආකර්ෂණය වැඩි තැනක් බවට පත්කරන්න පුළුවන්.

ඒ වගේම, මේ ආශ්‍රිතව ජලාශ දෙකක් තියෙනවා, වැසි වනාන්තර කොටසකුත් තියෙනවා. ඒක නිසා මේකේ තෙත්බිම් පක්ෂීනුත් ඉන්නවා, වැසි වනාන්තරේ ඉන්න පක්ෂීනුත් ඉන්නවා. තෙත්බිම් පක්ෂීන් විදිහට ඉන්නවා දුර්ලභ ඩ්වෝෆ් කිංෆිෂර්, ඒ කියන්නේ ‘රන් පිළිහුඩුවා’. සාමාන්‍යයෙන් ඒ සතුන් මේ වගේ ප්‍රදේශවල දකින්න ලැබෙන්නේ ඉතා දුර්ලභව. ඒ වගේම ‘මල් සේරුවා’, ‘මානාතුඩු පිළිහුඩුවා’ ඇතුළු ලංකාවට ආවේණික පිළිහුඩු විශේෂ හතෙන් හතරක්ම මේ වනාන්තරය තුළ ඉන්නවා. මෙහි වනාන්තර කොටසේ කෑරලුන් විශේෂ තුනක් පමණ දකින්න ලැබෙනවා. ‘කහ හිසැසි කෑරලා’ සහ ‘බොර හිසැසි කෑරලා’ත් මෙහි දකින්න පුළුවන්. ඒ වගේම ‘ගිනිපිට මහා කෑරලා’, ‘පිට දම් බටගොයා’ වගේ ලංකාවට ආවේණික පක්ෂී විශේෂ 10ක් විතර මේ ආශ්‍රිතව දකින්න පුළුවන්.

මේ වගේ ජෛව විවිධත්වයෙන් අනූන වටිනා පරිසර පද්ධතියක් රැකගැනීමට පරිසරයට ආදරය කරන හැම කෙනෙක්ම උපරිමයෙන් කැපවීම අත්‍යාවශ්‍යයි. ‘කැලෑ කොලම’ කියවන පාඨක ඔබගෙන් අපි ඉල්ලා සිටින්නේ කොළඹට නුදුරින් පිහිටා තිබෙන මේ දියගම වැසි වනාන්තරය ගැන හැමෝම දැනුවත් කරන්න. එය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරලා, හෙට දවසට දායාද කරන්න හැම දෙනාම එකතු වෙන්න කියන ඉල්ලීමත් බොහොම ගෞරවයෙන් සිදුකරනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

මෝදිගේ විශේෂ පණිවුඩයක් අරන් ‘ජයශංකර්’ හෙට ලංකාවට එනවා! චීනයේ තුන්වැනි ඉහළම නායක ‘ලෙජි’ අනිද්දා ලංකාවට එනවා! අනුර දෙන්නාත් එක්කම සාකච්ඡා කරනවා! I Sri Lanka Latest News

Next Post

අලුත්ම බෙහෙත් වංචාව එළියට දැම්මාට බයවෙලා! දොස්තර චමල්වයි සජිත්වයි හප්පන්න ලොකු බොරුවක් ගහලා! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.