• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සල් 900ක් තියෙන කෝට්ටේ පාර්ශ්වය ගන්න යන තීන්දුව මොකක්ද? ළඟටම ආවත් ජනාධිපති කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමි බලන්න එන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පන්සල් 900ක් තියෙන කෝට්ටේ පාර්ශ්වය ගන්න යන තීන්දුව මොකක්ද? ළඟටම ආවත් ජනාධිපති කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමි බලන්න එන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙර පැවැති රජයන්වල රාජ්‍ය නායකයන් සියලු දෙනාම පාහේ කෝට්ටේ සංඝ සභාවේ මහානායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමට පැමිණියත් වත්මන් ජනාධිපතිවරයා තවමත් එලෙස නොපැමිණි බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේ ඒ බව පැවැසුවේ පසුගියදා පැවැති උත්සවයකදී රැස්ව සිටි පිරිස අමතමිනි. එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළා.Sri Lanka Latest News

මේ රටේ රාජ්‍ය නායකයා මට කොයි විදිහට දොස් කියයිද දන්නෙ නෑ. ඕනෙ විදිහකට මම ඒකට මුහුණ දෙනවා. මේ රටේ රාජ්‍ය නායකයා අද වෙනකම් අපේ මහානායක හාමුදුරුවන්ව හමුවෙන්න ගියේ නෑ.

අමතක කරන්න එපා අපේ කෝට්ටේ සංඝ සභාවට පන්සල් නවසීයකට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේත් අපේ පන්සල්. අපේ මහානායක හාමුදුරුවෝ සියලු දේශපාලනඥයෝ ආශ්‍රය කළා. මේ රටේ හිටිය අතීතෙ ඉඳලා හැමෝම ආශ්‍රය කළා. හැමෝටම අවවාද දුන්නා. මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවෝ එක්ක, බෙල්ලන්විල විමලරතන අනුනායක හාමුදුරුවොත් එක්ක, ඒ වගේ වැදගත් හාමුදුරුවරු එක්ක ලොකු ලොකු ව්‍යාපාරවල ඉඳලා හැමදාම දේශපාලනයට උපදෙස් දුන්නා. ඒ පාලනය පවතින කාලෙ කාටත් උපදෙස් දුන්නා. අපිත් එහෙමයි. කොහෙවත් දේශපාලනයක අපි හිරවෙලා නෑ. අදත් නෑ, හෙටත් නෑ, අනිද්දත් නෑ. අපි දේශපාලනයක හිරවෙලා නෑ.

මහානායක හාමුදුරුවෝ පිළිබඳ පූර්ව නිගමනයක ඉන්නවද දන්නෙ නෑ. රටේ රාජ්‍ය පාලකයා උදේ හවා යන පාර්ලිමේන්තුව තියෙන්නෙ කෝට්ටේ. මහානායක හාමුදුරුවෝ වැඩඉන්න පන්සල තියෙන්නෙ කෝට්ටේ. රාජ්‍ය පාලකයාට අද වෙනකම් අපේ මහානායක හාමුදුරුවෝ මුණගැහෙන්න බැරිවුණා. ලෝකෙන් එන දූත පිරිස් එනවා මහානායක හාමුදුරුවෝ හම්බවෙන්න. අපේ රටේ විවිධ අය එනවා හම්බවෙන්න. මහානායක හාමුදුරුවන්ව අද වෙනකම් හම්බවෙන්න මේ රටේ පාලකයා ආවේ නෑ.

අපිට පේනවා, අපේ මහානායක හාමුදුරුවෝ ඔය පූජා වට්ටිවලට, එක එක ඒවාට යටත් වෙන කෙනෙක් නෙවෙයි. මහානායක හාමුදුරුවන්ට ලොකු පෞරුෂයක් තියෙනවා. මේ රටේ වැඩඉන්න මහා සංඝරත්නය අතර වැඩිමහලුම හාමුදුරුවෝ නමක්, මහානායක හාමුදුරුවෝ නමක්, අවුරුදු අනූදෙකක් දැන්. මහානායක හාමුදුරුවෝ ගාවට එන්න කාටවත් ලැජ්ජ වෙන්න ඕනෙ නෑ, මහානායක හාමුදුරුවෝ කඩාපනින්නෙ නෑ.

ඒ නිසා මම මේ කාරණය පැහැදිලි කළේ, පාලකයන් යහමගට ගන්න ඕනෙ හින්දා. පාලකයන් හැටියට මම කියන්න කැමැතියි, මේ රටේ භික්ෂුන් වහන්සේලාව බෙදාගන්න එපා. මේ තමන්ගේ පක්ෂයේ අය, මේ අනුන්ගේ පක්ෂයේ අය කියලා. මේ රටේ භික්ෂුන් වහන්සේලා කවුරුත් එකයි. අඩු වැඩි වශයෙන් ඇතැම් විට අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න එපා. මේ රටේ භික්ෂුන් වහන්සේලා මොනවා කිව්වත් ඉදිරියේ ඉඳගෙන අහගෙන ඉඳීමේ පෞරුෂය දේශපාලනඥයන්ට තියෙන්න ඕනෙ.
මම වරක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉස්සරහ තියාගෙන, එතුමා බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. හැබැයි එතුමා මගෙත් එක්ක අද වෙනකම් තරහ වුණේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට අපි ඉදිරියේ තියාගෙන දොස් කියලා තියෙනවා. කවදාවත් එතුමිය අපිට දොස් කියලා නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි දොස් කියලා තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා තියෙනවා. එතුමන්ලා හොඳ වැඩ කළා, නමුත් වැරදි වැඩත් කළානේ. වැරදි වැඩ වෙන්න පුළුවන්නේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ මැතිතුමත්, ගෝඨාභය මැතිතුමත්, කවුද රනිල් වික්‍රමසිංහ මහත්මයත්, එතුමන්ලා අදටත් එනවා. අදටත් උපදෙස් ගන්නවා. පැරදුණේ ඔබවහන්සේලා නිසයි කියලා කියන්න චෝදනා කරන්න එන්නේ නෑ.

ඉතින් මම මේ සඳහන් කළේ, මාව විවිධ විදිහට කෝට්ටේ සංඝ සභාව උඩට තියාගන්න හදනවාය, ඒවා ඕනෙ එකක් ඕනෙ කෙනෙක් කියපුදෙන්. මෙතැන ඉන්නවා නම් කවුරු හරි, මෙතැන ඉන්නවා අපි දන්න මන්ත්‍රීවරු ටිකක්. ඔබතුමන්ලා එක්ක අපි තරහ නෑ. හැබැයි ඔබතුමන්ලා අපිව හම්බවෙන්න එන්නෙත් නෑ. අපි විරුද්ධ නෑනේ ඔබතුමන්ලාට. අපි ඔබතුමන්ලාට පෞද්ගලිකව විරුද්ධ නෑ. ඔබතුමන්ලගේ කිසි පෞද්ගලික තොරතුරක් අපි දන්නෙ නෑ. දැන් මෙතැන නගරාධිපතිතුමා මම මයික් එක අතට ගන්නකොටම මන්ත්‍රීතුමියයි දෙන්නා නැගිටලා ගියා. අපි තරහ නෑ.

අපි මේ කියන්නේ සමාජයේ යම්කිසි නිවැරදි පාලනයක් තියෙනවා නම්, ඒ පාලනය තුළ ඉන්න පක්ෂද, විපක්ෂද, හොරුද, තක්කඩිද, හොඳ අයද, රස්තියාදුකාරයොද, වැඩකට නැති අයද, දුප්පත්තුද, පෝසත්තුද, අර නිකායද, මේ නිකායද, මේ එකකින්වත් වැඩක් නෑ. සමාජයක, ඒ සමාජයේ ජීවත් වෙන සියලු දෙනාම මගේ දරුවෝය කියන හැඟීමෙන් කටයුතු කරන්න ඕනේ.

SendShareShare
Previous Post

අහෝ රන්වල නොදිටි මොක්පුර! Sri Lanka Latest News

Next Post

බිමල් ඊයෙ කියපු දේ අද කරලා පෙන්නයි!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.