• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අහෝ රන්වල නොදිටි මොක්පුර! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අලුත් කතානායකතුමාට බලපෑම් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික දැක්මට අනුව නීතිය පොදුවේ සැමට සමව ක්‍රියාත්මක විය යුතුය. එයින් අර්ථකථනය කරනුයේ පුද්ගලයකුගේ තරාතිරම, ධනය, බලය, ජාතිය හෝ ආගම කුමක් වුවත් සෑම පුද්ගලයකුම නීතියට යටත් විය යුතු බවය. පාලකයා මෙන්ම සෙසු සියලු ජනතාව එකම නීතිරීති මාලාවකට අනුව කටයුතු කිරීමටත්, එම නීති මාලාවට බැඳී කටයුතු කිරීමටත් මෙන්ම කිසිවකුත් නීතියට ඉහළින් නොසිටිය යුතු බවත් මෙහිදී අර්ථකථනය කරනු ලබයි. හුදෙක් සමාජයේ අත්තනෝමතික පාලන තත්ත්වයන් වළකා යුක්තිය හා සාධාරණත්වය සියලු දෙනාටම සමානව ලැබිය යුතු බවද තවදුරටත් මෙනයින් අර්ථකථනය කරනු ලබයි.Sri Lanka Latest News

නූතන ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රථම හුදෙක් ඔවුන්ගේ දැක්ම තුළ සඳහන් කෙරූ මූලික පාඨයක් වුයේ ‘නීතිය සැමට එක සමානව’ ක්‍රියාත්මක කරන බවයි. දේශපාලන වරප්‍රසාද නීතිය හමුවේ බලපවත්වනුයේ නැති බව තරයේ ප්‍රකාශ කෙරූ ආණ්ඩුව, වර්තමානයේ සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් හමුවේ නීතිය නවා ඇති බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කරනු දැකගත හැකිය. ඒ අනුව පසුගිය මැතිවරණ වේදිකාවන්හි නිතර කෑමොර දුන් පොරොන්දුව වූයේ ‘සැමට නීතිය සමව’ වුවද ප්‍රභූ පාලකයන්ට එම නීතිය අහෝසි බවට වත්මන් ආණ්ඩුවටද චෝදනා එල්ල වී තිබේ. යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව පවසා බලයට පත්වූ ආණ්ඩුව මුල් මාසයන්හිම බරපතළ ගැටලු ඇති කොටගෙන තිබීම ආණ්ඩුවට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් බැව් සඳහන් කළ යුතුමය.

කතානායක ධුරය පවා කෙටි කලකට දැරූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර හුදෙක් නීතිය අනීතිකව ක්‍රියාත්මක වූ අවස්ථාවකි. එම අවස්ථාව හුදෙක් නීතිය අනීතිකව ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව නොවේ. අශෝක රන්වලගේ දේශපාලන ගමනෙහි පසුබෑම ආරම්භ වීම සිදුවූයේ ඔහුගේ අධ්‍යාපන සහතික පිළිබඳ ඇති වූ මතගැටුම් හමුවේය. ජපානයෙන් ලැබූ බව කියන ‘ආචාර්ය උපාධියක්’ තමා සතුයැයි කියමින් කතානායක ධුරයට නාමයෝජනා ඉදිරිපත් කළද අවසානයේ අදාළ සහතික ලබාදීමට නොහැකි වූ නිසා බොහෝ දෙනාගේ අවලාදයන්ට ලක්වීමට ඔහුට සිදුවිය. ‘සහතිකය ගෙදර, හෙට ගෙනත් දෙන්නම්’ කීවද වසරක් ගතව ඇතත් තවමත් ඔහු එම සහතික ඉදිරිපත් කර නොමැත. මේ හුදෙක් වත්මන් ආණ්ඩුවෙහි තත්ත්වයයි. රටේ උත්තරීතම ස්ථානය වන පාර්ලිමේන්තුවේ මූලික තනතුර ගැනීම උදෙසා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේදී රටේ නීතිය ක්‍රියාත්මක නොකර සිටීම හුදෙක් ආණ්ඩුවේ රැවටීම්සහගත බව මුළුමනින්ම පෙන්නුම් කරන්නක් බව විපක්ෂය එකල පෙන්වා දුන්නේය.

දෙවැනි සිදුවීම නම් මෑතකදී අශෝක රන්වල අතින් සිදුවූ රිය අනතුරයි. එහිදී අනතුරට පත් කාන්තාව ඇතුළු ප්‍රදේශවාසීන් ද චෝදනා කරනු ලැබුවේ අශෝක රන්වල අනතුරට මුහුණදුන් අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවය. නීතියට අනුව සාමාන්‍ය පුද්ගලයකු මත්පැන් පානය කොට රිය පැදවූයේ නම් පොලිස් නිලධාරීන් විසින් අනතුර සිදුකළ රියැදුරා වහා අත්අඩංගුවට ගෙන බැලුම් පිම්බීමට යොමුකොට, එදිනම අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි. එය සාමාන්‍ය ජනතාවට හිමි සාමාන්‍ය නීතියයි. නමුත් නීතියේ ආධිපත්‍යය ගැන මහා පුරාජේරුවෙන් කතාකොට, සමානාත්මතාවයේ වගකීම පිළිබඳ හුවාදැක්වූ ආණ්ඩුවේ වතගොත හමුවේ අශෝක රන්වල හට වෙනස්ම ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කොට ඇති ආකාරය මෙනයින් මනාව පසක්වනු ඇත. පසුදින දහවල් වනතුරුත් රන්වල සම්බන්ධයෙන් නිසි වෛද්‍ය පරීක්‍ෂණ හෝ ප්‍රකාශ ලබාගැනීමක් සිදුනොකිරීම පිළිබඳ ජනතාවට ඇත්තේද ආණ්ඩුව කෙරෙහි මහත් ගැටලුවකි. විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයකි. මත්පැන් ඔහුගේ ශරීරයෙන් ඉවත් වීමට ඔහුට කාලය ලබාදුන්නේද යන්න හුදෙක් ජනතාවගේ මූලික සැකය වී ඇත.

මෙහිදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ එම අවස්ථාවේ ‘බැලුම් පරීක්ෂණ කට්ටල අවසන් වී තිබූ බව’ය. මෙය කෙතරම් නම් විහිළුසහගත ප්‍රකාශයක්ද යන්න නිසැකවම වැටහෙනු ඇත. ජනතාව මන්දමානසිකයන් ලෙස සිතා මෙවැනි අදහස් රටේ බලධාරීන් ප්‍රකාශ කරන්නේද යන්නත් විටෙක සිතෙනු ඇත. නූතන තාක්ෂණික යුගයකදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නා වූ බව පැවසූ ආණ්ඩුවකින් මෙවැනි පිළිතුරු කිසිසේත්ම ජනතාව බලාපොරොත්තු වූයේ නැත. රටේ පොලිස් ස්ථානයක මත්පැන් පරීක්ෂණ කට්ටල නොමැති වීම හා නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් ලෙස පෙන්වීම හුදෙක් නීතිය නැමීමට උත්සාහ කළ අවස්ථාවක් ලෙස බොහෝ දෙනා චෝදනා කරන්නකි.

ප්‍රභූ උතුමාණන්ලාගේ වරප්‍රසාදයන් පෙන්නුම් කරන තවත් එක් බරපතළ වරදක් මෙහිදී අශෝක රන්වල විසින් සිදුකොට ඇත. වෛද්‍යවරයකු නොවන බැව් දැන දැනම තම බිරිඳගේ වෛද්‍ය බලපත්‍රය වාහනයේ ප්‍රදර්ශනය කොට නීතියේ වරප්‍රසාද අමු අමුවේ අවභාවිත කර ඇති බව ඉතා හොඳින් පැහැදිලි වනු ඇත. ‘අපි කිසිසේත් වරප්‍රසාද පාවිච්චි නොකරන’ බව කියා කෑමොර දුන් පිරිසම වරප්‍රසාද පෙන්වමින් කටයුතු කිරීම හුදෙක් ඔවුන්ගේ දේශපාලන සදාචාරය බිඳවට්ටනු ලබන්නකි. මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් පරස්පර විරෝධී අදහස් සමග සනාථ වන එක් සැකයක් වනුයේ වරදකරු ආරක්ෂා කිරීමට පොලිසියටත් ඉහළින් යම් පාර්ශ්වයක් බලපෑම් එල්ල කළ බවය.

කුමන ආණ්ඩුවකට හෝ තම අනන්‍යතාව, සත්‍යභාවය රැකගත හැක්කේ කෙටි කාලයක් පමණකි. වත්මන් ආණ්ඩුව පත්වූයේ නම් ‘සිස්ටම් චේන්ජ් කරන’ බව පවසාය. නමුත් අශෝක රන්වල සිද්ධිය හමුවේ පෙනීයන්නේ පැරැණි පාලනයන් මෙන්ම වර්තමාන ආණ්ඩුවත් දේශපාලන හිතවත්කම් හමුවේ නීතිය නවන බවය. සාමාන්‍ය මිනිසකුට නීතිය එක ලෙසකටත්, ආණ්ඩුවේ ප්‍රබලයන්ට තවත් ලෙසකටත් නීතිය ක්‍රියාත්මක කරවීම ආණ්ඩුවට කළු පැල්ලමක් එකතු කරන බැව් ඔවුන් තරයේ සිහි තබාගත යුතුය. ජනතාවගේ විශ්වාසයන් සෝදාපාලු කර ජනතාව රැවටීම හුදෙක් වත්මන් ආණ්ඩුවේ ගමනට අසුබ නිමිත්තක් බව මෙහිදී ඔවුන් වටහාගත යුතුම වූවක් බව නොකිවමනාය.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

SendShareShare
Previous Post

හිමාලයත් පුපුරන්නද යන්නේ? ඉන්දියානු භූමියේ පිපිරීම මොකක්ද? ලංකාවට තියෙන අනතුර භයානකද? මේක නම් ලේසි වෙන එකක් නෑ! Sri Lanka Latest News

Next Post

පන්සල් 900ක් තියෙන කෝට්ටේ පාර්ශ්වය ගන්න යන තීන්දුව මොකක්ද? ළඟටම ආවත් ජනාධිපති කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමි බලන්න එන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.