නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16 වැනිදා) සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Sri Lanka Latest News
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. තවද මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 30-40ත් අතර තද සුළං ඇතිවේ.










