ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවය.
ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත.
අදාළ සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්.
එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් වේ.


















