• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගඟට ගලන්න ඉඩ දෙමු! ගංවතුරෙන් බේරෙන නෙදර්ලන්ත පාඩම! Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ඕනෑම රටක ගංවතුර තත්ත්වයක් පාලනය කිරීමට සාමාන්‍යයෙන් භාවිත කරන ක්‍රමවේදය වන්නේ ගඟ දෙපස උසට තාප්ප බැඳීම හෝ වේලි ශක්තිමත් කරමින් වතුර ගොඩබිමට ඒම වැළැක්වීමයි. නමුත් මුහුදු මට්ටමටත් වඩා පහළින් පිහිටි නෙදර්ලන්තය වැනි රටක්, වසර ගණනාවක් තිස්සේ ජලය සමග කළ සටනින් පසුව තේරුම් ගත් යථාර්ථය වූයේ සොබාදහමට එරෙහිව තාප්ප බැඳීම තවදුරටත් සාර්ථක විසඳුමක් නොවන බවයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළ යාම සහ වර්ෂාපතනය වැඩි වීමත් සමගම, වේලි තව තවත් උසට බැඳීම අනතුරුදායක බව ඔවුන් වටහා ගත්තේය. ඒ වෙනුවට ඔවුන් තීරණය කළේ ජලය අවහිර කරනවා වෙනුවට ජලයට ගලා යන්නට වැඩි ඉඩක් ලබාදීම වඩාත් ආරක්ෂිත බවයි.Sri Lanka Latest News

මෙම වෙනසට ප්‍රධානතම හේතුව වූයේ 1993 සහ 1995 වර්ෂවලදී ඔවුන් මුහුණ දුන් දරුණු ගංවතුර තත්ත්වයන්ය. විශේෂයෙන් 1995දී ඇතිවූ ගංවතුර අවදානම නිසා මිනිසුන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සහ සතුන් විශාල ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට රජයට සිදුවිය. මෙම සිදුවීමත් සමගම නෙදර්ලන්ත රජය තීරණය කළේ සාම්ප්‍රදායිකව ගඟ හිරකරමින් වේලි බඳිනවා වෙනුවට, ‘රූම් ෆො රිවර්’ හෙවත් ‘ගඟට ඉඩක්’ නමින් නවතම සංකල්පයක් ක්‍රියාවට නැංවීමටයි. මෙහි මූලික අරමුණ වූයේ අධික වර්ෂා කාලවලදී ගඟට පිටාර ගැලීමට අවශ්‍ය ඉඩකඩ කෘත්‍රිමව සකසා දීම හරහා ජනාවාස ආරක්ෂා කිරීමයි.

මෙම ව්‍යාපෘතිය යටතේ නෙදර්ලන්තයේ ප්‍රධාන ගංගා ආශ්‍රිත ස්ථාන 30කට වැඩි ප්‍රමාණයක විශාල ඉදිකිරීම් වෙනස්කම් සිදු කෙරුණි. ඔවුන් කළේ ගඟ අයිනේ තිබූ ආරක්ෂිත වේලි ගඟෙන් තවත් ඈතට ගෙනගොස් නැවත ඉදිකිරීමයි. එමගින් ගඟේ පළල වැඩිවූ අතර, වතුරට ගලා යන්නට තිබූ ඉඩකඩ පුළුල් විය. මීට අමතරව ඔවුන් ගංගා පතුල හාරා වඩාත් ගැඹුරු කළ අතර, ගඟ මැද ජලය ගලායෑමට බාධා වනසේ තිබූ බාධක ඉවත් කිරීමටද කටයුතු කළේය. ඇතැම් ප්‍රදේශවල ගඟේ ප්‍රධාන ජල පහරට අමතරව, ගංවතුර කාලයට පමණක් ජලය ගලායා හැකි අමතර ඇළ මාර්ග හෝ හයි වෝටර් කැනල්ස් නිර්මාණය කිරීමද මෙම ව්‍යාපෘතියේ තවත් උපාය මාර්ගයක් විය. මේ සියල්ල හරහා සිදුවූයේ වතුර පාර ගම්මාන තුළට කඩාවැදීම වෙනුවට, ඒ සඳහා වෙන්කළ පුළුල් භූමිය තුළ ආරක්ෂිතව ගලායාමයි.

යුරෝ බිලියන 2.3කට ආසන්න මුදලක් හෙවත් රුපියල් කෝටි ගණනක් වැයකරමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය හුදෙක් ගංවතුර පාලනයට පමණක් සීමා වූවක් නොවේ. ගංගාව පුළුල් කිරීමේදී සහ වේලි ඈතට ගෙනයාමේදී නිර්මාණය වූ අලුත් භූමිය, ඔවුන් ඉතා අලංකාර ලෙස ප්‍රතිනිර්මාණය කළේය. ගංවතුර නැති කාලවලදී ජනතාවට විවේකීව කාලය ගතකළ හැකි උද්‍යාන, බයිසිකල් මංතීරු සහ සොබාදහම රසවිඳිය හැකි පරිසර පද්ධති බවට මෙම ප්‍රදේශ පත්විය. මේ නිසා ගංවතුරෙන් ආරක්ෂාව ලැබෙනවාට අමතරව නගරයේ අලංකාරය සහ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටද මෙම ව්‍යාපෘතිය සමත් විය.

වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල් දේශගුණික විපර්යාස නිසා ඇතිවන ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටී. එවැනි පසුබිමක නෙදර්ලන්තයේ මෙම වැඩපිළිවෙළ මුළු ලෝකයටම කියාදෙන්නේ ඉතා වටිනා පාඩමකි. එනම් සොබාදහම පාලනය කිරීමට උත්සාහ කරනවාට වඩා, සොබාදහමේ හැසිරීම තේරුම්ගෙන ඊට අනුගත වෙමින් ජීවත් වීම වඩාත් ආරක්ෂිත සහ තිරසාර බවයි. කොන්ක්‍රීට් තාප්පවලින් ජලය නවත්වනවාට වඩා, ජලයට ගලා යන්නට ඉඩදීමෙන් අපට සොබාදහම සමග එක්ව ආරක්ෂිතව ජීවත් විය හැකි බව නෙදර්ලන්තය ප්‍රායෝගිකව ඔප්පු කර ඇත.

විශ්ව කර්ම

SendShareShare
Previous Post

සජිත්ගේ උදව් ‘ප්ලීස් එපා’ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

අර සල්ලි ටික ඉල්ලගමුද සංගීත්? Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.