• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර සල්ලි ටික ඉල්ලගමුද සංගීත්? Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සින්දු කියන්න ආපු සංගීත් වේදිකාවේ කඩේ යන්න පටන් ගනී! කවුද කෙනෙක් යාන්තම් නවත්තන්න කියයි! ඒ පාර කියනවා මම කියන්න හැදුවේ වැරැදි කළොත් අනුරවත් පන්නනවා කියලලු! අනේ සංගීත් සින්දුම කියන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න දැන් ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට සල්ලි ඕනෙ කාලේ ආවා. ප්‍රශ්න වැඩිවෙලා තියෙන කාලේ, ගේදොර අහිමි වෙච්ච කාලේ, නිවාස අහිමි වෙච්ච කාලේ, මිනිස්සු අවතැන් වෙච්ච කාලේ. රටට කරදර කාලෙනේ මිනිස්සුන්ට උදව් උපකාර අවශ්‍ය වෙන්නේ. අපි මේ කියන්න යන්නේ අපිත් එක්ක බොහොම හිතවත් කලාකරුවෙක්ට පණිවුඩයක්. අපිට මතකයි සංගීත් කිව්වා එයාගේ මිතුරෙක් ඉන්නවා කියලා ඩොලර් මිලියනයක් දෙන්න ලෑස්තියි කියලා අනුර කුමාර ජනාධිපතිතුමාට. දැන් අපි මේ කියන්නේ වෙන මොනවත් නෙමෙයි, වෙන මුකුත් ප්‍රශ්න අදාළ නෑ මහත්තයෝ. අපිට ඔයා කියන එක තේරෙනවා. දැන් ඔයා කියනවානේ මේ ආණ්ඩුව කරපු දේවල් වැරදියි, ඔයාට නිකන් රැවටුණා වගේ එකක් හිතෙනවා, දැන් පොඩි දුකක් දැනෙනවා වගේ එකක්. ඒවා හරි. ඒක ඇත්ත. ඔබතුමා කියන එක සාධාරණයි. මොකද පස්සේ තේරෙනවා කියන එකේ ක්‍රමයක් තියෙනවා. අර පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා ඔය ගම් තුලානවල මිනිස්සු කියන්නෙත් ඒකයි. දැන් අපි කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔයාට හිතෙනවා නම් මේගොල්ලෝ හොඳ නෑ කියලා ඒකත් හරි. ඒ වුණාට අර ඩොලර් මිලියනයක් දෙන්නම් කිව්ව මිතුරා ඉන්නවනේ. එයාට පොඩි පණිවුඩයක් කියන්නකෝ දැන් ඔය ඩොලර් මිලියනය දෙන්න කියලා. මොකද එයා සමහර විට ඒක වෙන්කරලා පැත්තකින් තියලනෙ ඇත්තේ. මොකද ඔය ඩොලර් මිලියනය නොදෙන්න හේතුවකුත් නෑනේ, මොකද ඔයාලා හිතපු ආණ්ඩුවම ආවනේ. සමහර විට නරක වෙලා ඇති සල්ලි නැතුව වෙන්නත් පුළුවන්නේ.Sri Lanka Latest News

අපි කියන්නේ කවුරුවත් ඔය දේශපාලකයන්ට දෙන්න එපා. මොකද අපිට හොඳට පේනවා මේ දේශපාලකයෝ එහෙම මූල්‍ය වංචා කරන අය නෙමෙයි. මේගොල්ලෝ අතින් වැරදි වෙන්න පුළුවන්. මේගොල්ලෝ ඉතින් යම් යම් ගැටලු අඩුපාඩු වෙන්න පුළුවන්. සාපේක්ෂව ගත්තම කලින් හිටපු දේශපාලකයන්ට වඩා මේගොල්ලන්ගේ මූල්‍ය වංචා පැත්ත අඩුයි. කීප දෙනෙක් චෝදනා ලබලා තිබුණට වැඩි පිරිසක් ඉන්නේ එහෙම චෝදනාවක් වැරැද්දක් කුණු ටිකක් ගාගත්ත නැති මිනිස්සු. ඇත්තටම 159න් 100ක් විතර ඉන්නේ එහෙම. ඒ නිසා ප්‍රශ්නයක් නෑනේ සංගීත්. විනනිවිදභාවයකුත් තියෙනවනේ, අර චන්ද්‍රිකා බණ්ඩාරනායකත් ඇවිල්ලා සල්ලි දුන්නේ. තියෙන විදිහට අපිත් කීයක් හරි දෙනවනේ. හැමෝම කීයක් හරි දීලා ඔය පුළු පුළුවන් විදිහට මේක කරගෙන යන එකේ ඒ ඩොලර් මිලියනය ගෙන්න ගන්න බැරි වෙයිද? පොඩ්ඩක් එයාට පණිවුඩයක් කියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්, ඔබතුමාට බැරි නම් අපිට හරි දෙන්න අපි පණිවුඩේ කියන්නම්. මොකද සමහර විට එයා මේක දැක්කේ නැද්ද දන්නෙත් නෑ. එයාට මුකුත් ආරංචියක් ගිහින් නැද්ද දන්නෙත් නෑ.

ඇත්තටම ඩොලර් මිලියනයක් කියන්නේ ඉතින් බොහොම ලොකු ගාණක්නේ. රටේ මේ වගේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට අපිට කොන්ද කෙළින් කරලා නැගිටින්න අපි හැමෝම උදව් වෙන්න එපායැ. හරි වැරැද්ද වැඩක් නෑනේ. අනිත් එක අපිට පේනවානේ සංගීත් ඔයාලා හදපු ආණ්ඩුව මේ මොහොතේ කොච්චර කට්ට කනවද කියන එක. කොච්චර වෙහෙස වෙනවද කියන එක. ඒ වෙහෙසට අපි සහාය දක්වන්න එපායැ. ආණ්ඩුවට බලය තියෙනවද, බලය නැද්ද, හොඳද, නරකද, ඇත්ත කිව්වද, බොරු කිව්වද කියන එක දෙවැනියට හිතන්න ඕනෙ කතාවක්නේ.

ඇත්තටම මේ ලංකාවේ දේශපාලකයෝ දේශපාලනය කරන අස්සේ රඟපාන්නයි, රඟපාන මිනිස්සු, සින්දු කියන අය දේශපාලනයට එහෙන් මෙහෙන් කහින්නයි වෙන වෙන ඒවා කරන්නයි ගියාම තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. තමන් තමන්ගේ හදාගත්ත තත්ත්වේ තියාගෙන තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන හිටියා නම් නිකන් මේ දේශපාලනය අස්සේ කුණු කතා අහගන්න වෙන්නේ නෑනේ. දැන් තැන් තැන්වල ෆේස්බුක් එකෙත් දාලා තියෙනවා අර සංගීත්ගේ මිතුරාට කියන්න බැරි වෙයිද දන්නේ නෑ කියලා ඩොලර් මිලියනය ගංවතුර ආධාරවලට හරි දෙන්න කියන්න කියලා.

දැන් අපිට මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ සංගීත් ඒ ඩොලර් මිලියනය කෝ? දැන් ඩොලර් මිලියනයක් දෙනවා කියලා ඔයා කිව්වානේ ඉතින්. අපි දන්නේ නෑ බොරුවක්ද ඔයා කිව්වේ කියලා. එතකොට ඒ ස්ටේජ් එකේ නැගලා ඔයා කිව්වේ බොරුවක්ද? ඒ කියන්නේ බොරුවක් කියලා ඔයා මිනිස්සුන්ව රැවැට්ටුවද? ඩොලර් මිලියනයක් වුණත් දෙනවා, මේ ආණ්ඩුව මාර හොඳයි කියලා අපිව රවට්ටලා නිකන් අපිව ගොනාට අන්දලා එහෙම ඡන්දෙ අරන් දුන්න වැඩක්ද ඔයා එදා කළේ? හැබැයි ඉතින් එහෙම වැඩ නම් කරන්න එපා සංගීත්. මොකද අර කලින් බොරු කරපු වංචාකා කරපු තක්කඩි දේශපාලකයෝ නිසානේ අපි ඔවුන්ව පන්නා ගත්තේ. දැන් එහෙම උන්ව පන්න ගන්නත් තක්කඩිකම් කරලා හරියන්නේ නෑනේ. බොරු කරලා හරියන්නේ නෑනේ. මොකද අපි දේශපාලකයන්ට ආදරේ නෑ සංගීත්. අපිට දේශපාලකයෝ වැඩක් නෑ. අපි රටේ පාලකයන්ට ආදරය කරන්න යන්නේ නෑ. පාලකයෝ කියලා කියන්නේ නිකන් ඈතින් පේන බහිරව රූප වගේ. හැබැයි අපි මේ රටේ කලාකරුවන්ව අදහනවා. අපි මේ කලාකරුවන්ට ආදරය කරනවා. අපි මේ කලාකරුවන්ව හඳුනාගන්නේ, කලාකරුවන්ව දකින්නේ, අපි මේ කලාකරුවන්ට ආදරය කරන්නේ හරියට සඳකඩ පහණක් වගේ, මුරගලක් වගේ.

එහෙම කලාකාරයෝ මෙහෙම තැන්වලට බැහැලා නිකන් අර ඇඟේ පතේ ගාගෙන, නාගෙන, වැඩේ වර්චස් කරගෙන, ගොං කතා කියනකොට අපිට හරි දුකයි සංගීත්. ඒ දුක තියෙන්නේ ඇත්තටම ඔයාලා ගැනටත් වඩා අපි ගැන. මොකද අපි ආදරය කරන මිනිස්සුනේ අපිව රවට්ටලා තියෙන්නේ කියලා හිතෙනවා. ඒ නිසා මේ සියලු චෝදනාවලින් මිදෙන්න ලබන සති දෙක තුන ඇතුළත ඒ ඩොලර් මිලියනය අරන් එන්න. එතකොට අපි ඔයාට ලොකු ලිපියක් දාලා දෙන්නම් මෙන්න සංගීත් ඩොලර් මිලියනය ගෙනාවා කියලා. ඒ යාළුවාට කියන්නකෝ ඒ යාළුවා දෙන්න ලෑස්තියි කියලා ඔයා කිව්වානේ. අපිට දැන් නෑ කියන්න බෑනේ ඔවා නේද?

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගඟට ගලන්න ඉඩ දෙමු! ගංවතුරෙන් බේරෙන නෙදර්ලන්ත පාඩම! Sri Lanka Latest News

Next Post

නෝනට ඔපරේෂන් එකක් කළා! තව එකක් සඳුදා කරනවා! බබාට ස්කෑන් එකක් කළා! රන්වලගේ බීලාද කියලා බලන ටෙස්ට් එක කරලා තිබ්බේ ඊළග දවසේ දවල් 12ට! අපි ගැන බැලුවා කිව්වට දරුවව බලන්නවත් කවුරුවත් ආවේ නෑ! රන්වලගේ වාහනයේ හැප්පුුණු තාත්තා මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.