ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු මියගොස් තිබෙන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසනවා.Sri Lanka Latest News
මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ඔහු සඳහන් කළා.
අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ඔහු පැවසුවා.
මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවද ඔහු අවධාරණය කළා.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
පාසල් සිසුන් විශාල පිරිසක් මේ වනවිට අවතැන් කඳවුරු වල සිටින බවත්, එළඹෙන 16 දින පාසල් විවෘත කිරීමත් සමග ඔවුන්ට ළඟම ඇති පාසලට ගොස් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් හානියට පත්ව තිබෙනවා.
අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන නිල දත්ත වාර්තා ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් මෙරට දරුවන් 275,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළේ.
එවන් පසුබිමක් තුල ආපදාවට ලක්වූ බොහෝ ප්‍රදේශවල දරුවන්ගේ පාසල් පෙළපොත් ඇතුළු පාසල් උපකරණ ද ගංවතුරට හසුවීමෙන් ඇතිවූ බලපෑම් පිළිබදව මේ වන විට ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම, බොහෝ ප්‍රදේශවල පාසල් ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව තිබුණා.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දීර්ඝ කළ නව පාසල්වාරය එළඹෙන 16 වනදා ආරම්භ කිරීමටයි අධ්‍යාපන බලධාරීන් මේ වන විට සැලසුම් කර ඇත්තේ.










