• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කුරුණෑගල සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යයි! නිලධාරීන්ට සති 2ක කාලයක් දෙයි! මීටපස්සේ අනවසර ඉදිකිරීම් බෑ! අවසර දීමත් තහනම්! සංගමු රජමහා විහාරයේ නාහිමියන් අක්කර 20ක් අවතැන්වූවන් නැවත පදිංචි කරන්න දෙයි! PHOTOS I Sri Lanka Latest News

December 8, 2025
in Exclusive
Reading Time: 21 mins read
A A
අනුර කුරුණෑගල සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යයි! නිලධාරීන්ට සති 2ක කාලයක් දෙයි! මීටපස්සේ අනවසර ඉදිකිරීම් බෑ! අවසර දීමත් තහනම්! සංගමු රජමහා විහාරයේ නාහිමියන් අක්කර 20ක් අවතැන්වූවන් නැවත පදිංචි කරන්න දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර, ඊට අදාළ නීතිද ශක්තිමත් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා එසේ නොවුණහොත් මීට වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදු වනු ඇති බව පෙන්වා දුන්නේය.

ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ යටතේ මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුම් සෙවීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (07) පස්වරුවෙ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ සියලු පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා මාර්ග ඉදිරි සති 02 තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ඒ වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවන ලෙසත්, දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කළ නොහැකි මාර්ග පිළිබඳ තොරුතුරු සහ අවශ්‍ය ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත්, 2026 වසරට අදාළව එම ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ පළාත් මාර්ග 1,181කට හානි සිදුව තිබෙන අතර පාලම් 35කට සහ බෝක්කු 162කට, පැති බැම් 01ට හානි සිදුව තිබේ. ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

ආපදා තත්ත්වය හේතුවෙන් බිද වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ ජනාධිපතිවරයා අවසාන පාරිභෝගිකයා දක්වා එම සේවාවන් ලබා දීම සේවා සපයන ආයතනවල වගකීම බවත් අදාළ ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් පවතින බාධා ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 12,729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් 7,215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවත්, 5,514ක් වගා කළ නොහැකි බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. ජල සැපයුම නොමැතිවීම නිසා කුඹුරු අස්වැද්දිය නොහැකි නම් ඒ සඳහා තාවකාලික ජල සැපයුම් ලබා දීමට ජලපාවහන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හැකි තරම් අඩු කර ගනිමින් එම කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන් අතර ගොවීන් වෙත බිත්තර වී සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලීය.

එමෙන්ම බඩඉරිගු, එළවළු සහ අතිරේක බෝග වගාවන්ට සිදුව ඇති හානිය සහ එම ගොවි ජනතාව වෙත වන්දි ලබා දිමේ ක්‍රමවේදයද විමසා බැලිණි.

ළිං පවිත්‍ර කිරීමේ කටයුතුවලදී ප්‍රමුඛ වගකීමක් ප්‍රාදේශීය සභාවලට පැවරෙන බවත්, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ලබා ගනිමින් කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙත දැනුම් දුන්නේය.

දිවයින පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එම නීති සකස් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ අතර සත්ත්ව ගොවිපොළ නිසි ලෙස ලියාපදිංචි වී නොතිබීමහේතුවෙන් වන්දි ලබා දීම් ආදි කටයුතුවලදි ගැටලු මතුවන බවද පෙන්වා දුන්නේය.

එබැවින් රට පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ දත්ත එක් පද්ධතියකට ගෙන නැවත සමාලෝචනයක් සිදු කරමින් වන්දි ලබා දීම් පිළිබඳ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය යළි නගා සිටුවීම, සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා මෙන්ම පාසල් යළි විවෘත කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ජනතාව යළි පදිංචි කිරීම සඳහා ඉඩම් හදුනා ගැනීම සහ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡ කෙරුණු අතර වන්දි ලබා දීමේ කටයුතුවලදී සහ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරු පූර්ණ ලෙස මැදිහත්විය යුතු බවටද උපදෙස් දුන්නේය.

මේ අතර නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දීමට මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති උදම්මිමට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ලිපි ලේඛනද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මුල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් සිදු කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද, ප්‍රාදේශී සභා සභාපතිවරු ඇතුළු නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු, ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-07

SendShareShare
Previous Post

‘අනේ ප්ලීස් එපා..’ කියලා අනුර කිව්වාට සජිත්ගේ ගමන නවත්වන්න බැරිවෙයි! දොම්පෙට වෙච්ච හානිය බලන්න යයි! IMF එකට කරන්න ඕන යෝජනා ආණ්ඩුවට මතක් කර දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

විදෙස් සංචිත 2.09%කින් පහළ බසී! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.