• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දාස් ගාණක් මිනිස්සු මරපු – ලක්ෂ ගාණක් අසරණ කරපු – කෝටි ගාණක් දේපළ විනාශ කරපු – අහස කියපං අපි උඹට කරපු වරද මොකක්ද….? Sri Lanka Latest News

December 6, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
දාස් ගාණක් මිනිස්සු මරපු – ලක්ෂ ගාණක් අසරණ කරපු – කෝටි ගාණක් දේපළ විනාශ කරපු – අහස කියපං අපි උඹට කරපු වරද මොකක්ද….? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙලාව මැදියම් රෑ ඉක්මිලා ගිහිල්ලා. තත්පර කටුව හෙමින් හෙමින් හෙමින් හෙමින් ඔහේ ගමන් කරනවා. දැන් හුළඟේ හඬ ඇහෙන්නෙ නෑ. වැස්සෙ හෟ ඇහෙන්නෙ නෑ. බොර පාට වතුර පේන්නෙ නෑ. අහස හරිම සාමකාමීයි. බොහොම නිහඬයි. නිශ්ශබ්දයි. ඈතින් ඇහෙන්නෙ රැැහැයියෙක්ගෙ ඉකිබිඳුම. ඊට එහායින් මොකද්දෝ එකකට කලබල වෙච්ච බස්සෙක් තව එකෙක් එක්ක මොනවද මංදන්නෙ නෑ කියවනවා. තැන් තැන්වල හෙන්දිරික්කා මල් පිපිලා. ගහකොළ වැල් මල් නිශ්ශබ්දව ඉන්නෙ හරියට හොරකමක් අහුවෙයි කියලා බයෙන් වගේ. ඇත්තටම මේ අත්තක් කිනිත්තක්වත් හෙලවෙන්නෙ නෑ. ඒත් මීට දවස් කීපයකට කලින් මේ පරිසරය, මේ ගහකොළ, මේ අහස තිබුණු හැටි මට මතකයි.
මේ ලිපිය ලියන්නෙ දවස් ගණනක ව්‍යසනයක අවසාන කතාව විදිහට. ඇත්තටම හැමදාම මේ වගේ කතාවක් ලියනකොට මම අන්තිමට ලියපු එකක් තමයි ආයේ මේ වගේ කතාවක් මට කවදාවත් ලියන්න වෙන්න එපා කියලා. මම ලියන මේ ජාතියේ අන්තිම කතාව මේක වෙන්න කියලා. මේක මම මීරියබැද්ද නාය ගියපු වෙලාවෙ ලියපු ලිපියෙ අගත් ලිව්වා. අරනායක සාමසර කන්ද නාය ගියපු වෙලාවෙ ලියපු ලිපියෙ අගත් ලිව්වා. මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටිලා මිනිස්සු මැරිච්ච වෙලාවෙත් ලිව්වා. බුලත්කොහුපිටිය ඇතුළු ප්‍රධාන ස්ථාන කීපයක සිද්ධ වෙච්ච නායයාම් ව්‍යසන අවස්ථාවේදීත් මේක ලිව්වා. අදත් මම ඒක ලියනවා. ඒත් මම දන්නවා පත්තරකාරයෙක් විදිහට මගේ ජීවිතේ මේ වගේ අමිහිරි කතා ඕනෙ තරම් ලියන්න සිද්ධ වෙනවා කියලා. ඒත් තරුණයෙක් විදිහට පත්තර රස්සාවට ආපු මට අද වෙද්දී තියෙන්නෙ අවුරුදු දොළහක පත්තර ජීවිතේ මතක සැමරුම් විතරයි. ඒත් මම දන්නවා අවුරුදු පනහ හැට ඉක්මවූ පත්තර ජීවිතේ මතක සැමරුම් තියෙන මාධ්‍යවේදියෝ තාමත් අපි අතර ජීවත් වෙනවා. ඒ අයගෙන් අහලා බැලුවමත් මට දැනගන්න ලැබුණේ මේක තමයි ලංකාවේ සිද්ධ වෙච්ච විශාලතම ස්වභාවික ව්‍යසනය කියලා. මම දන්නෙ නෑ මීට වඩා විශාල ස්වභාවික ව්‍යසනයක් ලංකාවේ අපි නොදන්න කාලෙ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඇත්තටම මේක ලොකු – පොඩි මනින තක්සේරු කරන මොහොතක් නෙමෙයි. ඒ නිසා වැරැද්දක් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් සමාවෙන්න.Sri Lanka Latest News

මේ ලිපිය කොහෙන් පටන් අරගෙන මොනවා ලියනවද, කොච්චර ප්‍රමාණයක් ලියනවද, කාගෙන් කාගෙන් තොරතුරු ගන්නවද කියන එක මම දවස් දෙක තුනක් තිස්සෙ හිතුවා. ඒත් මම දන්නවා මේ ලිපියට අගක් හෝ මුලක් තියෙන්න විදිහක් නෑ කියලා. ඒකට හේතුව පටන් ගත්තෙ කොතැනින්ද ඉවර වෙන්නෙ කොතැනින්ද කියලා නොදන්න, තවමත් අවසන් නොවුණු ස්වභාවික ව්‍යසනයක පසු කතාව ලියන එක මනුස්සයෙකුට ලේසි නෑ. මේ කතාව පුරාම, මේ පිටුව පුරාම තැන් තැන්වල වැටිලා තියෙන්නෙ මෘත ශරීර. මීට පැය ගානකට කලින් පණ තිබුණු හුස්ම ගත්ත මිනිස්සු, මියගිය වග දන්න තරම් ලස්සන වචන පාවිච්චි කරලා ලියන්න පුළුවන්කමක් නෑ.

පූජ්‍ය උඩත්තව අරියඥාන හාමුදුරුවෝ කියනවා මගේ අම්මා, තාත්තා, සහෝදරයා ඔය විදිහට නෑදෑකම් ගොඩක් කියලා මගේ පවුලේ සියලු දෙනාම මියගිහිල්ලා මගේ ඥාතීන්ගෙන් එකොළොස් දෙනෙක්ගෙ මෘත ශරීර හොයාගත්තා, තවත් එහෙම හොයාගන්න ගොඩක් අය ඉන්නවා කියලා. මේ කියන්නේ නකල්ස් කඳු පාමුල තිබිච්ච අතිශය සුන්දර ගම්මානයක් වෙච්ච නෙළුම්මල ගම්මානය ගැන. නෙළුම්මල ගම්මානය හදලා තිබුණෙ කඳු මුදුනක නෙවෙයි. කන්දක් කපලා නෙවෙයි. කඳු බෑවුමක නෙවෙයි. මේ ගම තිබුණෙ තැනිතලා මිටියාවතක. ගමට ඉහළින් කඳු යායක් තිබුණු බව ඇත්ත. මේක හරිම ලස්සන ගම්මානයක්. වලාසළු වියන් මැද නිහඬ නිසංසල හෙල්මැලි කුඹුරු අතර ලස්සන ගම්මානයක්. ඒත් මේ ගම්මානය දැන් නෑ. ඉතුරුවෙලා තියෙන්නෙ එක ගෙදරක් විතරයි. අනිත් ගෙවල් සියල්ලම පස් කන්දට යටවෙලා. ඒ පස් කන්ද යට මළ සිරුරු තිහක් හතළිහක් විතර මිහිදන් වෙලා. ඒවායින් කීපයක් විතරක් එළියට අරගෙන මිනි පෙට්ටි පෝලිමට තියපු තහඩු මඩුවක් යට ඒගොල්ලන්ට පාංශුකූලෙ දීලා අවසන් කටයුතු සිද්ධ කළා.

තවමත් අහල පහළ ගම්වල මිනිස්සු දන්න කියන නෑදෑ හිතමිතුරන්ව හොයනවා. ඒගොල්ලො කතා කරන්නෙ නෑ. ඒගොල්ලො හිනාවෙන්නෙ නෑ. ඒගොල්ලො ආගිය විස්තර කියන්නෙ නෑ. ඒත් සත පහක ප්‍රයෝජනයක් නැතුව, සත පහක ලාභයක් නැතුව, සත පහක වාසියක් නැතුව මේ මිනිස්සු මළ සිරුරු හොයමින් පස් කඳු අතර අතින්, කකුලෙන්, පොරවෙන්, උදැල්ලෙන්, කැත්තෙන් පස් කඳු හාරමින් තමන් දන්න කියන මිනිස්සුන්ව හොයනවා.

කඳුපොල චන්ද්‍රිගම ගම්මානයේ කතාවත් ඕකම තමයි. එකම පවුලක මිනිස්සු මේ කඳු සිරස යට මිහිදන් වෙලා, ඒ අයගෙ මළ සිරුරුවත් හොයාගන්න බැරි තරමට මේ පරිසරය චණ්ඩ වෙලා.

බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ මේ විදියෙම තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඉන්දියාවේ සහන කණ්ඩායම් පවා ඇවිල්ලා මේ බදුල්ලෙ සොරණාතොට කියන ගමේ මෘත ශරීර හොයමින් ඉන්නවා. කීදෙනෙක් මැරුණද, කීදෙනෙක් යටවෙලාද, ගෙවල් කීයද, මේ කිසි දෙයක් ගැන නිශ්චිත තොරතුරක් අපිට කියාගන්නවත් පුළුවන්කමක් නෑ. හුඟක් අය හිතනවා එහෙම නෑ, ගණන් හදලා ඉක්මනට අපිට මළ සිරුරු ගාන කියන්න පුළුවන් වෙයි, මියගිය ගාන කියන්න පුළුවන් වෙයි කියලා.

නෝනාවරුනි මහත්වරුනි, අපි ඔක්කොම මිනිස්සු. මැරුණෙත් මිනිස්සු. ගණන් හදන්නෙත් මිනිස්සු. මෘත ශරීර ගණින්නෙත් මිනිස්සු. මියගිය ගණන අතුරුදන් ගණන ගෙවල්වල හිටපු ගණන හරියට කියන්න ඕනෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙත් ගේදොර ඉඩකඩම් වතුපිටි යානවාහන සියල්ල මිහිදන් වෙලා නැතිවෙලා ගිහිල්ලා. දරු මුණුබුරෝ, නෑදෑ හිතමිත්‍රයෝ හැම පවුලකින්ම එක්කෙනෙක් දෙන්නෙක්වත් මැරිලා ගිහිල්ලා. එහෙම වෙලාවක මේ ගණන් හදලා කියන්න පුළුවන් දක්ෂයෙක් මේ මනුස්ස ලෝකෙ ඉන්න විදිහක් නෑ.

කොටගල තලවකැලේ දුම්රිය මාර්ගය ඇතුළු ගොඩක් පැති නාය ගිහිල්ලා යටවෙලා විනාශ වෙලා ගිහිල්ලා. අලවතුගොඩ ගම්මානයක් පිටින්ම නායගිය ප්‍රවෘත්තියක් අපිට හම්බවුණා. එක එක තැන්වල එක එක කතා කියැවුණත් ඇත්ත කතාව පවුල් පනහක් නෙමෙයි මිනිස්සු පනහකට මේ විදිහට අවසන් ගමන් යන්න සිද්ධ වුණා කියන එක කියලයි හිතවතෙක් කිව්වේ. අපි දන්නෙ නෑ ඒකෙ ඇත්ත නැත්ත. කොහොම වෙතත් මේ අලවතුගොඩ තවම මළ සිරුරු හොයමින් ඉන්නවා.

ඊළඟට කොත්මලේ කතාව. කොත්මලේ කතාව අපිට තවම හරියට දැනගන්න බැරිවෙච්ච කතාවක් කියලයි මම හිතන්නේ. කොත්මලේ මාවතුර ඉහළගම කියන ප්‍රදේශයේ නායයාමෙන් පුද්ගලයො පනහක් අතුරුදන් වෙලා කියලා ඇතැම් තැන්වල කියැවෙනවා. ලියන මොහොත වෙද්දී එතැනින් මෘත ශරීර නවයක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම වෙතත් කොත්මලේ මුළු පැත්තෙම ඇවිද්ද කෙනකුට දකින්න හම්බෙන්නෙ නායයාම් ලකුණු, පස්කඳු කඩාවැටුණු ලකුණු, ගෙවල් දොරවල් අහිමි වුණ ලකුණු, මිනිස්සු මැරුණු ලකුණු. කොත්මලේට යන්න එන්නවත් තවමත් හරියට ක්‍රමයක් නෑ.

කොත්මලේ සිද්ධ වෙලා තියෙන දේවල් බලන්නේ, දකින්නේ ඩ්‍රෝන යානා මගින්. මේක අපි දන්නේ නෑ තව මාසයක් දෙකක් යනකොට හරියට පාරවල් පාදාගෙන පරණ පුරුදු විදිහටම කොත්මලේට යන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ කොහොම වෙතත් මේ වෙනකොට නම් කොත්මලේ කියන්නේ මිනිස්සුන්ට මතකයක් විතරක් බවට පත්වෙලා තියෙනවා.

කොත්මලේ අතර තිබුණු ප්‍රාදේශීය නගර සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහිල්ලා. ඉන්ධන පිරවුම්හලේ එවක ඉන්ධන පිරවුම්හලක් තිබුණු බවට තියෙන සලකුණ පමණක් ඉතුරු වෙලා. මේ සියල්ලම තවමත් නොවිසඳුණු අබිරහස් මරණ බවට පත්වෙමින් තියෙන්නෙ. කොත්මලේ ප්‍රදේශයට ළඟාවීමේ හැකියාව පවා නොතිබුණ නිසා කොත්මලේ කී දෙනෙක් මියගිහිල්ලාද, කඳු කීයක් නාය ගිහිල්ලද, ගෙවල් කීයක් විනාශ වෙලාද කියන එක සම්බන්ධව නිවැරදි තක්සේරුවක් දෙන්න පුළුවන් කෙනෙක් අපිට කොත්මලෙන් හොයාගන්න හම්බුණේ නෑ.

කොත්මලේ මරණ ගැන තව ටික දවසකින් නිශ්චිත තොරතුරක් දෙනතුරු අපිට සිද්ධ වෙන්නේ මේ කඳු මුදුන්වල නිහඬ නිසංසල පස් කඳු යට මිහිදන් වෙච්ච මිනිස්සුන්ව හොයන්න. ඒ වෙනුවෙන් වෙහෙසෙන දහස් ගණන් මිනිස්සුන්ගේ ඇස්වල තියෙන බොර පාට දිහා බලාගෙන හූල්ලන්න. වෙහෙස මහන්සිය නැතුව බඩට කෑමක් නැතුව නිදාගන්න ගෙයක් දොරක් නැතුව තමන්ගේ අහල පහළ හිටපු මිනිස්සු හොයන මිනිස්සු දිහා බලාගෙන ඉන්න.

කොත්මලේ පාරවල් සීසීකඩ වෙන්න කැඩිලා. තියෙන අඩියක් අඩියක් ගානේ දැනෙන්නේ බයක්. කොයි වෙලාවේ පාරක් කඩාගෙන යයිද, කන්දක් කඩාගෙන වැටෙයිද, ගලක් ඔළුවට පෙරළෙයිද කියලා කියන බයත් එක්කයි කොත්මලේ පැත්තේ පාරවල්වල ඇවිදින්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ කොත්මලේ ජලාශයේ වේල්ල සම්බන්ධව එන සමහර ආරංචි, සමහරු කියන බොරු, සමහර විට ඇත්ත විය හැකි කතා එක්ක බයෙන් සලිත වෙච්ච මිනිස්සුන්ගේ ඇස් අස්සේ හැංගිලා තියෙන වේදනාව දරාගෙන කොත්මලෙන් පිටවෙන එක හැර වෙන කරන්න දෙයක් නෑ. කොත්මලේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න, නැත්නම් කොත්මලේ මිනිස්සුන්ගේ දුක නිවන්න, කියන්න පුළුවන් එක වචනයක් ගැනවත් දන්නේ නැති නිසා කොත්මලේ මිනිස්සුන්ගෙන් මේ විපත ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද කියලා අහන්න, හිතක් පපුවක් නැති පත්තරකාරයෙක්ට මිසක වෙන කෙනකුට බෑ. ඒ නිසා ඒ මිනිස්සුන්ට හිතෙන දේ අපි හිතාගමු කියලා කොත්මලෙන් සමුගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

කොත්මලේ ඉඳලා ඊළඟ කතාවට අපි හොයාගෙන යන්නේ කුරුණෑගලට. කුරුණෑගල කියලා කියන්නේ ඇත්තටම විශාල වශයෙන් කඳු තියෙන, විශාල වශයෙන් නාය යන, ලොකුවට කඳු කපලා ගොඩනැගිලි ඉදිකරපු තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් කුරුණෑගලට මෙහෙම විපත් වෙනවත් අඩුයි. හැබැයි ඉබ්බාගමුව පුදුක්කුලම අරගම කන්ද නායයාම හේතුවෙන් සිද්ධ වෙච්ච ආපදාව අතිශය විශාලයි. මේක සිද්ධ වෙන්නෙත් ආපදාව ඉවර වෙලා දවස් කීපයක් ගතවුණාට පස්සේ. මේ විදිහට ආපදාවක් සිද්ධ වෙයි කියලා කිසිම විදිහකින් බලාපොරොත්තු නොවිච්ච ඉබ්බාගමුවේ මිනිස්සුන්ට මේ හදිසියේ කඩා වැටිච්ච වේදනාව දරාගන්න පුළුවන් වෙයිද කියලවත් හිතන්න බෑ.

මාවතගම පැත්තේ පවා කඳු නායගිහිල්ලා තියෙද්දී ඇත්තටම පත්තරකාරයෝ විදියට අපිට මේ කන්දක් කන්දක් ගානේ, නාය ගිය නාය ගිය තැනක් ගානේ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ කතාව ලියන්න පුළුවන්කමක් නෑ. කතා දහයක් ලියනකොට තව පහළොවක් මගඇරෙනවා. මිනිස්සුන්ගේ වේදනාව අකුරුවලින් අමුණන්න බැරි නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ බලාගත්ත අත බලාගෙන ඉන්න මිනිස්සුත් එක්ක කොහේ හරි තැනක ඉඳගෙන ඒ මිනිස්සු බලාගත්ත අතම අපිටත් බලාගෙන ඉන්න. ඕනෙ තරම් උත්තර ඇති, දැන් මේ මිනිස්සු නගාසිටුවන්න ඕනේ, මේ මිනිස්සුන්ගේ හිත් හදන්න ඕනේ, මේ මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න ඕනේ, බොහෝ දෙනෙක් එහෙම කියනවා. ඒත් බලාපොරොත්තු කියන ඒවා කඩෙන් අරන් ඇවිල්ලා බෙදලා දෙන්න පුළුවන් නම්, පිටරටකින් හරි ගෙන්නලා ඒ මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඒත් බලාපොරොත්තු කියන්නේ එහෙම දේකට නෙමෙයි.

තමන්ගේ පවුලේ ඉතුරු වෙලා තියෙන්නේ තමන් විතරයි කියලා හිතෙනකොට, රෑ මැදියේම ඇහැරෙනකොට, රෑට නින්ද නොවෙනකොට, ඒ මිනිස්සුන්ට බත් කන්න කියලා බල කරන්න පුළුවන් කමක් තියෙනවද? ඒ මිනිස්සුන්ට ජීවිතය සම්බන්ධව හෙට, අනිද්දා, ඊළඟ සතියේ, ඊළඟ මාසේ කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ඉන්නකොට අපිට පුළුවන්ද ඒ මිනිස්සුන්ට විවිධ දේවල් යෝජනා කරන්න? ඇත්තටම මේ රටේ දේශපාලනයවත්, මේ රටේ ආණ්ඩු පක්ෂ විපක්ෂවත්, මේ රටේ ආගමක්වත්, මේ රටේ ජාතියක්වත්, කුලයක්වත් කිසි දෙයක් නොබලා එකම විදිහට මුළු රටටම මේ විපත බලපෑවා. අපි දැක්කා ආපදා ප්‍රදේශ විදිහට දිස්ත්‍රික්ක 22ක් නම් කරලා තියෙනවා. මට හිතෙන විදිහට මේ දිස්ත්‍රික්කවලට අයිති නොවෙන්නේ ලංකාවේ තියෙන පරිපාලන දිස්ත්‍රික්කවලින් ගාල්ල, මාතර, හම්බන්තොට විතරයි. අනිත් සියලු පරිපාලන දිස්ත්‍රික්ක ආපදා ප්‍රදේශවලට නම් කරලා තියෙනවා කොළඹ සහ ගම්පහද ඇතුළුව.

මරණ සහතික නිකුත් කිරීම තමයි දැන් කඩිමුඩියේ සිද්ධ කරන්නේ. මළ සිරුරු හොයන එක තමයි මිනිස්සු වැඩියෙන් උනන්දුවෙන් කරන්නේ. මේ කොහෙවත් පණ තියෙන මිනිස්සු නැති බව අපි දන්නවා. හැබැයි මේ මීට සතියකට කලින් පණ තිබුණු මිනිස්සු, හෙටක් ගැන හිතපු මිනිස්සු, බලාපොරොත්තු පොදි බැඳගත්ත මිනිස්සු, ලබන සතියේ කරන දේවල් හිතපු මිනිස්සු, දරුවෝ ඉස්කෝලේ දාන්න සැලසුම් හදපු මිනිස්සු, උසස් පෙළ ලියන්න සාමාන්‍ය පෙළ ලියන්න පොත්පත් එක්ක ඔට්ටු වෙච්ච දරුවෝ, විභාගවලින් ගොඩ ගිහිල්ලා ජීවිතේ හීන හොයාගෙන යන්න බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සු තමයි මේ පස් කඳු යට හැංගිලා ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ මළ සිරුරු තමයි මේ හොයන්නේ. ගේදොර, කැඩුණු බිඳුණු වාහන, නැති වෙච්ච දේපළ ලැයිස්තු හදලා ලියනවා නම් මේ ලිපියට මුළු පත්තරේම ඉඩ ලැබුණත් මදි.

අපි ලස්සනයි කියලා හිතාගෙන හැමදාම බලන්න දකින්න විඳින්න හොයාගෙන ගිය සීත කඳුකරය සම්පූර්ණයෙන්ම සුනුවිසුණු වෙලා, සීසීකඩ වෙලා ගිහිල්ලා. අඩුම තරමේ සමහර පැතිවලට යන්න පාරක්වත් මේ ලියන මොහොත වෙනකොට හදාගන්න බැරිවෙලා තියෙනවා. ආයේ එහෙම පාරක් හදන්නේ කවද්ද කියලා හිතාගන්නවත් බැරිවෙන තරමට පාරවල් කැඩිලා බිඳිලා ගිහිල්ලා. සමහර වෙලාවට සමහර ප්‍රශ්නවලට උත්තර මේ ලෝකේ ඉන්න කවුරුවත් ගාව නෑ කියලා හිතෙන තරමට සමහර තැන් කැඩිලා බිඳිලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසාම අපි කාටවත් බලකරන්නේ නෑ, කාටවත් යෝජනා කරන්නෙත් නෑ, කාටවත් මෙහෙම කරමු අරෙහෙම කරමු කියලා කියන්නෙත් නෑ. ඒත් මේ ගොඩනැගිලි හැදුණේ, මේ පාරවල් හැදුණේ, මේ ගෙවල් හැදුණේ නිකන් නෙමෙයි, දවසෙන් නෙමෙයි, දෙකෙන් නෙමෙයි. කඩුගන්නාවේ අනතුර වෙලාවෙත් අපි මේ කතාවම කිව්වා. ලංකාවේ බලධාරීන් ඉන්නවා, නිලධාරීන් ඉන්නවා. හැමදේටම කට වහගෙන රුපියල් 5000ක් අතේ මිට මොළෙව්වට පස්සේ ඕනෙ දේකට අවසර දීලා මිනිස්සු මැරෙන්න ඇරපු අයට නම් අපිට ඇඟිල්ල දික් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකට හේතුව මේ ගොඩනැගිලි පර්යේෂණ වගේ ආයතන, භූ විද්‍යා හා පතල් සම්බන්ධ ආයතන, මහ පොළොව, පොළොවේ කරන ඉදිකිරීම් සම්බන්ධව යම් යම් දේවල් හොයලා බැලුවා නම් මීට වඩා හොඳයි.

අපි දන්නවා රටේ ගෙයක් හදනකොට වීදි රේඛා සහතිකයක් ලබාගත යුතුයි. ගෙදර ප්ලෑන් එක අරගෙන ගිහිල්ලා ඒක අනුමත කරගන්න ඕනේ. එහෙම අනුමත කරගන්න බැරි ඉදිකිරීමක් ලංකාවේ හදන්න බෑ. ඒත් මේ ඉදිකිරීම් කවුද එහෙනම් අනුමත කළේ? සාමාන්‍යයෙන් කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල මාතරටත් වඩා කන්ද උඩරට ඉදිකිරීම් කරනකොට අපි දැක්කා තත්පරෙන් කෝටි ගණන් වටිනාකම් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හැටි. කඳු පාමුල, කඳු සිරස මත, කඳු බැවුම්වල, කඳුවලට මායිම්ව, ගංගාවකට ඔයකට වැවකට මායිම්ව හදපු සමහර ඉදිකිරීම් එක ක්ෂණයකින් කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හැටි. මේවා නිසි ඉංජිනේරුමය කාර්යාංශයක් යටතේ ඉදි කළා නම්, නිවැරදි ක්‍රමවේදයකට හැදුවා නම් මෙහෙම කැඩිලා බිඳිලා යන්නේ නෑ. ඒකයි ඇත්ත කතාව.

ඊළඟට හැමදාම අපි කරන්නේ ආපදාවක් ගේ ඇතුළට ආවට පස්සේ ඒ ආපදාවට මුහුණ දෙන එක. අපිට ආපදාවක් එන්න කලින් ඒකට සැලසුමක් හදලා, ඒ වෙනුවෙන් යුතුකමක් ඉටුකරන්න තියෙනවා නම් ඒක හොඳයි කියලයි අපි විශ්වාස කරන්නේ. සහෝදරවරු බොහොම හොඳයි. අපි නරකයි කියලා කියනවා නෙමෙයි. හැබැයි මේ විපත සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය පවා බොහෝ දේවල් වාර්තා කරද්දී, තමන් හැමදේම දන්නවා කියලා කෙනෙක් හිතාගෙන හිටියා නම්, ඒ අයට නම් මෙවැනි අවස්ථාවලදී යම් චෝදනාවක් එල්ල කරන්න සිද්ධ වෙනවා. මොකද ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කරන්න පටන් අරගන්නේ සතියක දෙකක ඉඳලා. ලංකාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය, සමාජ මාධ්‍යවල ඉන්න විවිධ දැනුම් තේරුම් තියෙන කට්ටිය මේ ගැන ගොඩක් දේවල් ලියනවා. කඩුගන්නාවේ කන්ද කඩන් වැටිච්ච අවස්ථාවේ ඉඳලා මේ ආපදා සම්බන්ධව දැනුවත් කිරීම් මිනිස්සු කරනවා. ආපදා සම්බන්ධව දැනුවත් කිරීම කරන්න කඳු කඩන්වැටෙන්න ඕනේ නෑ. ආපදා සම්බන්ධව දැනුවත් කිරීම කරන්න නාය යනකන් ඉන්න ඕනේ නෑ. මාධ්‍යවේදීන් විදිහට, ලේඛකයෝ විදිහට, සාහිත්‍යකාරයෝ විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධව දේවල් ලියන්න, කියන්න. මිනිස්සු දැනුවත් කරන්න. සුරංගනා කතා වෙනුවට ඇත්ත කතා මහපොළොවේ පැල වුණා නම් ඇත්තටම මිනිස්සුන්ගේ ඔළුව උඩට ජීවිත කඩන් වැටෙන්නේ නෑ. අපි දැන් හුස්මක් අරගෙන ආයේ පටන් අරගමු.
ජාති, ආගම්, කුලමල භේද කිසි දෙයක් නැතුව අපි නැගිටිමු. ගාල්ලෙන් මාතරින් හම්බන්තොටින් එන මිනිස්සුන්ට ලේබල් ගහන එක නවත්තලා, ආධාර එකතු වුණාම ලොරි ටික ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆියක් ගහන එක නවත්තලා, මමයි ගෙනාවේ, අරයයි ගෙනාවේ, මෙයයි ගෙනාවේ කියන බයිලා වෙනුවට, ලෝකෙට ගිහිල්ලා ප්‍රයිවට් ජෙට් එකකින් ආධාර ගේන්නම් කියලා සුරංගනා කතා කියනවා වෙනුවට, අපි අපිට පුළුවන් විදිහට අපේ යුතුකම් ටික ඉෂ්ට කරමු.

මතක තියාගන්න මේ නගර, ගම්, නියම්ගම් සුද්ද කරලා, කඳු උඩ තියෙන ගෙවල් ටික අස්පස් කරලා, ආයෙත් ඒ ගේ ඇතුළේ ගිහිල්ලා පදිංචි වෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි නිවැරදි සැලසුමකට, ඔළුව කෙළින් තියාගෙන නැගිටින්න පුළුවන් ක්‍රමවේදයක් හදමු. මාස හතරක් පහක් යනකන් මේ මිනිස්සුත් එක්ක අත් අල්ලගෙන හිටගන්න ඕනේ. එහෙම නැතුව තනියම හිටගන්න බැරි, වාරු නැති, කන්ද උඩරට මිනිස්සුන්ට තනියම ජීවත් වෙන්න කියලා දෙන්න තරම් අපිට හයියක් නෑ. තනියම නැගිටින්න තරම් ඒ මිනිස්සුන්ට හයියකුත් නෑ. ඒක ඒ මිනිස්සුන්ගේ අඩුපාඩුවක් නෙමෙයි. මේ වගේ තත්ත්වයක් යටතේ ඇත්තටම මනුස්සයෙකුට ජීවිතේ ඔළුව කෙළින් තියාගෙන නැගිටින්න අමාරුයි.

මිනිස්සු මැරෙන්නේ එකපාරයි. ඒත් පවුලක හයහත් දෙනෙක් මියගියාම, එක්කෙනෙක් විතරක් ඉතුරු වුණාම, සමහර වෙලාවට මුළු පවුලම මියගියාම, මරණ ගෙදර කරන්නවත් යාගන්න බැරුව ගියාම, අවමඟුලටවත් සහභාගි වෙන්න බැරුව ගියාම, අවමඟුලක්වත් නැති වුණාම, අඩුම තරමේ මෘත ශරීර වළලන්න මිනී පෙට්ටියක්වත් හොයාගන්න බැරි තැනට මිනිස්සු ජීවිතවලින් අතිශය පහළට වැටුණම, ඒ මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් විතරක් තිබ්බට මදි. ඒ මිනිස්සුන්ට පණ දෙන්න, පණ පිඹින්න මනුස්ස හදවත් ඕනේ. ඒවත් අරන් කන්ද උඩරට එන මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නේ ‘පරිස්සමට…. මේක බොහොම භයානක කාලයක්….’

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඒ ලෙවල් මේ ලෙවල්…! ළමයි ගැන හිතන්න! ගුරුවරු ගැන හිතන්න! ඉස්කෝල ගැන හිතන්න…! Sri Lanka Latest News

Next Post

අනුර අස්ගිරි මහනාහිමියොත් බැහැදකී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.