• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ ලෙවල් මේ ලෙවල්…! ළමයි ගැන හිතන්න! ගුරුවරු ගැන හිතන්න! ඉස්කෝල ගැන හිතන්න…! Sri Lanka Latest News

December 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කන්න නෑ! යන්න විදිහක් නෑ! ගෙවල්වල ප්‍රශ්න! කොළඹ ‌ඉස්කෝලවල පොඩි පන්තිවල ළමයි 50%ක් පාසල් යන්නෙ නෑ! ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය කරන බිහිසුණු හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය කල්ගිහිල්ලා. මේක ආණ්ඩුව ගත්ත ඉතාම බුද්ධිමත් තීරණයක්. ගත්ත දවස, ගත්ත වෙලාව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි දන්නවා ආණ්ඩුව උත්සාහ කළේ මේ ගැටලුව හැකි තරම් අවම කරගෙන ප්‍රශ්නෙ විසඳගන්න. ඒත් ආණ්ඩුවට සිද්ධ වුණා විභාගය කල් දාන්න.Sri Lanka Latest News

අපි දන්නවා පහුගිය කාලෙම ශ්‍රී ලංකාවේ සිද්ධ වෙච්ච විවිධ ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගය හරි පිළිවෙළකට කරගන්න බැරුව ගියා. ඒ නිසා මේ අවස්ථාවේ උසස් පෙළයි සාමාන්‍ය පෙළයි සාමාන්‍ය විදියට තියලා ලබන අවුරුද්දෙ ඉඳන් විභාග කාලසටහන හරියට පවත්වාගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරමින් හිටියා. ඒත් අවාසනාවකට ඒක හිතුවටත් වඩා අවුල් වුණා. දැන් පරණ විදියට තීන්දු ගන්න බෑ. ගරු ඇමැතිතුමියනි, ඔබතුමිය හිතන වැඩේ දැන් කරන්න බෑ. අග්‍රාමාත්‍යතුමියට, නැත්නම් අධ්‍යාපන ඇමැතිතුමියට අවශ්‍ය වෙලා තිබුණු නිවැරදි අධ්‍යාපන සැලැස්ම දැන් අමතක කරලා දාන්න. දැන් තත්ත්වය අපි හිතුවට වඩා උඩු යටිකුරු වෙලා ඉවරයි.

ලංකාවේ සැලකිය යුතු ප්‍රදේශයක පාසල් සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච, අවදානම් තත්ත්වයේ තියෙන, ගොඩනැගිලි කඩාවැටෙන, කඳු කඩාවැටෙන තත්ත්වයකට පත්වෙච්ච අවස්ථාවකදී, රටේ විශාල ප්‍රමාණයක් මියගිය අවස්ථාවකදී, රටක් ඇතුළේ ඇත්තටම විභාගයක් තියන්න පුළුවන්ද කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කියන්නේ අපිට හිතෙන දේ. සමහර විට අධ්‍යාපනය සම්බන්ධව ඉන්න විශේෂඥවරුන්ට මීට වඩා මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති. ඒගොල්ලො හිතලා හොයලා බලලා තීන්දු ගන්නවා ඇති. නමුත් අපි ඔබට කියන්නම් ප්‍රශ්න කීපයක් ගැන.

විභාගයක වැදගත්ම කොටස තමයි දරුවෝ. දරුවන්ගේ මානසිකත්වය මේ වෙලාවේ විභාගයකට ගළපෙනවද? තමන්ගේ අම්මා තාත්තා නැති වෙච්ච, පොත්පත් සියල්ල නැති වෙච්ච, ගේ දොර නැති වෙච්ච, දේපළ නැති වෙච්ච, නෑදෑ හිතමිත්‍රාදීන් නැති වෙච්ච, උන්හිටිතැන් නැති වෙච්ච, බලාපොරොත්තු සුන් වෙච්ච ළමයෙකුට හෙට ගිහිල්ලා විභාගෙ ලියන්න බෑ. ඒක එක පැත්තක තියෙන ප්‍රශ්නයක්. දරුවන් හිතාගන්න බැරි තරම් අසරණ වෙලයි තියෙන්නේ. ඒ නිසා විභාගය සම්බන්ධව වඩාත් ගැඹුරින් කල්පනා කරලා තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා.

ඊළඟ දේ තමයි ගුරුවරු. විභාග රාජකාරිවලට ගුරුවරු අවශ්‍යයි. ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණයට ගුරුවරු අවශ්‍යයි. ඇත්තටම විභාග රාජකාරිවලට ප්‍රමාණවත් ගුරුවරු ප්‍රමාණයක් අපේ රටේ ඉඳීද? විභාග රාජකාරිවලට අවශ්‍ය කරන ගුරුවරුන්ට ගෙවල් අහිමි වෙලා, දරුවෝ අහිමි වෙලා, පවුල් අහිමි වෙලා, ඒගොල්ලෝ විභාග රාජකාරිවලට වාර්තා කරයිද? වාර්තා නොකළොත් දෙන්න දඬුවමක් තියෙනවද? විභාග රාජකාරි පවත්වන්න පුළුවන් ගොඩනැගිලි, ශාලා ප්‍රමාණවත්ව තියෙනවද? පාසල්වල සමහර වෙලාවට පවුල් පදිංචි වෙලා. පාසල් ඇතුළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවලා. සමහර පාසල්වල වතුර පිරිලා. සමහර පාසල් ශුද්ධ කරන්න දවස් ගානක් ගතවෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් යටතේ විභාගයක් තියන්න පුළුවන්ද රටක? එතකොට ඇත්තටම ලංකාවේ පාසල් පද්ධතිය යළි යථාවත් කරන්න දවස් කීපයක් ගතවෙන නිසයි ඉස්කෝලේ පටන් ගන්න දවසත් 16 වැනිදා කළේ. එතකොට 16 වැනිදාට කලින් ලංකාවේ විභාගයක් තියන්න පුළුවන් මට්ටමක් නෑ කියලයි අපි විශ්වාස කරන්නේ.

ඒ වගේම රට ඇතුළේ දැන් තියෙන ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ විභාගය තියන්නේ කවද්ද කියන එක. විභාගයක් තියන්න සතියක්ද, දෙකක්ද, මාසයක්ද, මාස කීපයක්ද කල් යන්නේ කියන එක තීරණය කරන්න ඕනෙ මේ ප්‍රශ්නවල තියෙන ගැඹුර තක්සේරු කරලා. මාර්ග පද්ධතිය නිවැරදි කරගන්න බැරි නම්, ගමනාගමන පහසුකම් ටික හරියට හදාගන්න බැරි නම්, ලංකාවේ ප්‍රධාන මාර්ග පවා වහලා දාලා තියෙන තත්ත්වයක් යටතේ රටක විභාගයක් කරන්න බෑ.

ඒ ලෙවල් කියලා කියන්නේ තරග විභාගයක්. කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ ගෙදර ඉඳන් කාර් එකේ ඇවිල්ලා විභාගෙ ලියන ළමයා සහ ඉතාම බරපතළ ප්‍රශ්නත් එක්ක විභාගෙ ලියන ළමයට එක තරගයක් ඇතුළේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කරන්න සිද්ධ වෙන තත්ත්වයක් යටතේ මේ විභාගය තියන්න එපා කියන එකයි අපිට නම් ඉල්ලන්න තියෙන්නේ. ඒකට හේතුව ගරු අග්‍රාමාත්‍යතුමියනි, ඔබතුමියගේ වරදක් නෙවෙයි. ආණ්ඩුවේ වරදකුත් නෙවෙයි. රටේ අපි දන්නා කාලේ සිද්ධ වෙච්ච විශාලතම ව්‍යසනය. එහෙම නැත්නම් අපේ ජීවිත කාලේ අපි දකින විශාලතම ව්‍යසනය සිද්ධ වෙලා අවසානයි. මේක බෝම්බ ගහන යුද්ධ කාලේ වගේ එකක් නෙවෙයි. මේක කොරෝනා කාලේ වගේ එකකුත් නෙවෙයි. මේක සුනාමි වගේ එකකුත් නෙවෙයි. මේ ව්‍යසනය තාමත් අවසාන නෑ. මියගිය ගණන තවමත් ගණනය කරන්න බෑ. හානි වෙච්ච ප්‍රමාණය තවමත් හිතන්නවත් බෑ.

විභාගෙන් කොටසක් තියලා ඉවරයි. ඒක අපි දන්නවා. අපි දන්නේ නෑ විභාගෙන් කොටසක් තිබ්බට පස්සේ ඒ ප්‍රශ්න පත්‍රවලින් එක කොළයක් හරි විනාශ වෙලා තියෙනවද නැද්ද කියලා. අපි විශ්වාස කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව මේ කොළ විනාශ නොවෙන විදිහට යම්කිසි විදිහකින් උපක්‍රම දරන්න ඇති කියලා. නමුත් ඇතැම් විදිහකින් මේ ප්‍රශ්න පත්‍ර විනාශ වෙලා නම් ඒකට විභාග දෙපාර්තමේන්තුවටවත්, රජයටවත්, අධ්‍යාපන අමාත්‍යාංශයටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. බලාපොරොත්තු නොවෙච්ච විදිහට ගේදොර ඉඩකඩම් යානවාහන සියල්ල විනාශ වෙච්ච රටක ප්‍රශ්න පත්‍ර ටිකක් විතරක් පරිස්සම් කරන්න මිනිස්සු තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා නම්, ඒ අය දෙවිවරු. නමුත් එහෙම කරන්න බැරිවුණා කියලා ඒ මිනිස්සුන්ට යක්ෂයන් වෙන්න සිද්ධ වෙන්නේ නෑ. ඒකට හේතුව රට ඇතුළේ සියල්ල අහිමි වෙලා තියෙන මොහොතකදී, විභාග දෙපාර්තමේන්තුව අතින් සිද්ධ වෙන වරදකට අපිට සමාව දෙන්න සිද්ධ වෙනවා. අපි දන්නේ නෑ එහෙම වෙලා ඇති කියලා. අපි විශ්වාස කරනවා එකතු කිරීම් මධ්‍යස්ථානවල තත්ත්වය ඒ තරම් නරක නැතුව ඇති කියලා. නමුත් එවැන්නක් සිද්ධ වෙලා නම් ඒ ගැන දැන් දෙවරක් හිතන්න වෙනවා. විභාගය ආයේ පාරක් ලියන්න වෙනවා කියලා හෝ ප්‍රශ්න පත්‍රවලට ආයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා හෝ ළමයින්ට තරහා වෙන්න කාරණයක් නෑ.

මොකද ඒකට හේතුව සියල්ල අහිමි වෙච්ච ළමයෙක් එක්කයි ඔබට මේ ප්‍රශ්නේ විසඳගන්න වෙලා තියෙන්නේ. ඔබ ඔබේ දේවල් අහිමි වෙලා නැත්නම්, ඔබ ඔබේ නිවසේ සුවපහසුවට ඉන්න අතරතුරේ, ඔබට බෑ අධිකරණයට යන්න, ඔබට බෑ තර්ක කරන්න. මොකද ඒකට හේතුව ඔබේම වයසේ ඔබ වගේම දරුවෙක් සියල්ල අහිමි වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා. ඈ වෙනුවෙන් හෝ ඔහු වෙනුවෙන් තමයි විභාගය මේ විදිහට කල්දාන්න සිද්ධ වෙන්නේ සහ විභාගය වෙනුවෙන් යම් යම් තීන්දු ගන්න සිද්ධ වෙන්නේ.
කොහොම වුණත් විභාගය නිශ්චිතව දින කීපයක් හෝ සති කීපයක් හෝ මාස කීපයක් කල්දමන බවට හරි පණිවුඩය ලබාදෙන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යාංශයට බලකරනවා. ඒකට හේතුව ළමයින්ට තියෙන්න ඕනේ අරමුණක්, ඉලක්කයක්. එහෙම නැතුව එහෙට මෙහෙට පාවෙවී ඉන්න බෑ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උදේ හතරට විභාගෙ නතර කරන්න ගත්තු තීරණය වගේ හෙට විභාගෙ තියෙනවා කියලා තීන්දු ගන්න එපා. ඒකට හේතුව ළමයින්ගේ ජීවිතය සම්බන්ධවත් මේක අතිශය වැදගත්, අතිශය තීරණාත්මකයි. මොකද තව අවුරුදු දහයකින් උසස් පෙළ ප්‍රතිඵලය අරගෙන රැකියාවකට යන දරුවට මේ කතන්දර ටික කියන්න වෙන්නේ නෑ. අපේ කාලේ තමයි අර ගංවතුරක් ආවේ, අපේ කාලේ තමයි කඳු කඩන් වැටුණේ කියලා කිව්වා කියලා, ඒ විභාග ප්‍රතිඵලයේ තියෙන බර, ගිය අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්දේ විභාග ප්‍රතිඵලයත් එක්ක සමපාත වෙද්දී, ඔහුට හෝ ඈට පාඩුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම හදපු ප්‍රශ්න පත්‍රවල ඊළඟට පේපර් මාර්කින් කරන තැන්වල, ඒ වගේම ප්‍රශ්නපත්‍ර බලන්න එන ගුරුවරු අතර යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. පේපර් මාර්කින් මම හිතන්නේ හරි නම් දැනුත් ආරම්භ වෙන්න ඕනේ. ඉතින් පේපර් මාර්කින්වලට ගුරුවරු ඉන්නවද කියන්න අපි දන්නේ නෑ. සියල්ල අහිමි වෙච්ච මිනිස්සු ප්‍රශ්න පත්‍ර බලන්න එන්නේ නෑ. ඒ නිසා මේ සියල්ල නිවැරැදි කරගෙන ආයෙත් දවසක විභාගය තියන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් නම් විභාගය සැලකිය යුතු ආකාරයකින් කල් දාන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සෙල්ලම් නෑ! ජලාශ 71ක් තවමත් වාන් දමනවා! ඒ අතර ප්‍රධාන ජලාශ 36ක්! Sri Lanka Latest News

Next Post

දාස් ගාණක් මිනිස්සු මරපු – ලක්ෂ ගාණක් අසරණ කරපු – කෝටි ගාණක් දේපළ විනාශ කරපු – අහස කියපං අපි උඹට කරපු වරද මොකක්ද….? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.