• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවෙදි ආණ්ඩුව වැඩ කරපු විදිහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

December 4, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.Sri Lanka Latest News

දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.

සිදුවූ හානිය

පසුගිය දිනවල වැඩි ම බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාත්මකව ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් මහනුවර සහ ගම්පොළ අවට ප්‍රදේශවල නායයාම් ගණනාවක් වාර්තා වී ඇති අතර, නොවැම්බර් 30 වන විටත් තවදුරටත් එම ප්‍රදේශවල පුද්ගලයන් අවතැන් වෙමින් පවතින බව එම සංවිධානය නිරීක්ෂණය කර තිබේ.

දැනට වසා දමා තිබූ ප්‍රධාන මාර්ග කිහිපයක ප්‍රවේශයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇතත්, තවමත් බරපතළ ලෙස යටිතල පහසුකම් අර්බුදයක් පවතින බව වාර්තාවේ සඳහන් ය.

එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ගංවතුර, නායයාම් සහ හානි වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ග අලුත්වැඩියාවට බාධා ඇති වී තිබෙන බව වත්මන් තොරතුරුවලින් පෙනී යන බව ය.

රජයේ මැදිහත්වීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවේ, මෙම ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.

සිදුවිය හැකි ප්‍රමාදයන් මග හරවා ගනිමින් රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර, අතිරේක ඇස්තමේන්තුවක් හරහා තවදුරටත් ආධාර ලබා දීමට නියමිත බව ඔවුන් වාර්තාවේ දක්වා තිබේ.

එමෙන් ම අත්‍යවශ්‍ය සේවාවන් සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සිදුවෙමින් පවතින බවත්, ජීවනෝපාය සහ කර්මාන්ත නැවත ගොඩනැගීමට අදාළ කටයුතු ද සිදුවෙමින් පවතින බව ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතු සහ ගලවාගැනීමේ මෙහෙයුම් සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසියේ සහය ඇතිව සිදු කරන අතරතුර, පිසූ ආහාර, වියළි සලාක, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු හදිසි ආධාර රජය, සිවිල් සමාජ සංවිධාන, දේශපාලන ආයතන, මාධ්‍ය සහ පෞද්ගලික අංශය විසින් මහජනතාවගේ නොමසුරු සහයෝගය සහිතව බෙදා හරින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ඇති විය හැකි ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, තාවකාලික බාධාවන් නොතකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා පවතින බවට රජය මහ ජනතාවට සහතික වී ඇති බවත්, පාරිභෝගික භාණ්ඩ මිල කෘතිමව ඉහළ නංවන වෙළෙඳුන්ට එරෙහිව පැමිණිලි සඳහා වෙළෙඳ අමාත්‍යාංශය දුරකතන අංක ලබා දී ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

මීට අමතරව, බලපෑමට ලක්වූ නිවාස සඳහා රු. 10,000ක ප්‍රදානයක් ද රජය සිදු කරයි.

හදිසි නීති විධිවිධාන

හදිසි නීති රෙගුලාසි යටතේ, සංසරණය වන වැරදි තොරතුරු සහ වෛරී කතා මැඩපැවැත්වීම සඳහා විධිවිධාන හඳුන්වා දී ඇති නමුත්, එම රෙගුලාසි අනිසි ලෙස භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සිවිල් සමාජ සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයින් විසින් මතු කරන ලද කනස්සල්ලට ප්‍රතිචාර දක්වමින්, මෙම හදිසි පියවර භාවිතා කරනු ලබන්නේ සහන කටයුතු වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා නැවත අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අරමුදල් කළමනාකරණය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා රජයේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් රජය විසින් පත් කර ඇති බව ද වාර්තාවේ සඳහන් ය.

සහන මෙහෙයුම් සඳහා මූල්‍ය දායකත්වයන් රැස් කිරීමට රජය විසින් නිල පරිත්‍යාග රස කිරීමේ ක්‍රමවේදයක් නිවේදනය කර ඇති අතර, සහන භාණ්ඩ ඉක්මනින් සැකසීම සහතික කිරීම සඳහා වේගවත් නිෂ්කාශන යාන්ත්‍රණයක් ද රජය විසින් හඳුන්වා දී ඇති බව එහි දැක්වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා නම් කරන ලද පරිත්‍යාග රේගු බදු සහ අගය එකතු කළ බද්දෙන් නිදහස් කර ඇති බව එක්සත් ජාතින් නිරීක්ෂණය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග කටයුතු කරමින් සිටින බව ඔවුහු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

හදිසි නීතිය යොදාගෙන මාධ්‍ය පාලනය කරන්න නියෝග දීපු වටගලගේ කතාවට හතරවටින්ම විරෝධය! මේ ආණ්ඩුව යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාරක! ආණ්ඩුව මාධ්‍යයට තර්ජනය කරපු පළමු අවස්ථාව මේක නෙමෙයි! ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිවේදනය මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මිලියන 400ක් වියදම් කරලා ගෙනාවේ 2004දි..! සජිත් ඊට අවුරුදු 10කට පස්සේ 2014 පාර්ලිමේන්තුවේදී ඇහුවා! උත්තර නෑ! 2024ත් පාර්ලිමේන්තුවේදී ඇහුවා! උත්තර නෑ! මේ මහා විනාශයෙන් පස්සේ 2025දිත් ඇහුවා! තාමත් උත්තර නෑ! වැස්ස ගැන.. හුළඟ ගැන.. සුනාමි ගැන තිතටම කියන්න පුළුවන් ඩොප්ලර් රේඩාර් සිස්ටම් එක තවමත් වැඩ නෑ! කවුරුත් කතා කරන්නේ නෑ! කතා කරන එකම කෙනා සජිත් විතරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.