දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දින කිහිපයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රටවල රාජ්‍ය නායකයෝ රැසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කණගාටුව පළ කළ අතර, යළි ගොඩනැගීමේ කටයුතුවලදී සිය අඛණ්ඩ සහාය මෙරටට ලබා දෙන බවටද සහතික වූහ.Sri Lanka Latest News
මේ අතර, ඊයේ (02) රාත්රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ පාකිස්ථානු අගමැති ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසනකාරි තත්ත්වය පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී පාකිස්ථානු රජයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවද අගමැති ශෙබාස් ශරීෆ් මහතා ජනාධිපතිවරයා වෙත සහතික විය.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-03










