පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ තානාපතිනි ගරු කාමන් මොරෙනෝ මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී හමු විය.Sri Lanka Latest News
මෙහි දී දෙපාර්ශ්වය අතර දිත්වා සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින ආපදා තත්ත්වය සහ ඉන් පසුව උද්ගත විය හැකි වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා යුරෝපා සංගමයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේය.
ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා සහ රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යාමටත් බිඳ වැටී ඇති දුම්රිය සහ මහාමාර්ග ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට ගැනීමටත් සහාය ලබා දෙන ලෙසත් මේ අවස්ථාවේ යුරෝපා සංගමය ප්‍රමුඛ ගෝලීය නායකයන් විසින් ලබා දෙන සහාය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.














