කිසිම අපේක්ෂකයකු මැතිවරණ නීති නොපිළිපදින බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පෙන්වා දෙයි.
අද (02) දින බදුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මේ බව කීය.
එම නිසා මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් අධිකරණය හමුවට පමුණුවා දඩුවම් දෙනු ලැබුවහොත් ඒ පුද්ගලයාට වසර 7ක් යන තෙක් මැතිවරණවලට ඉදිරිපත් විය නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේ නොමැතිව අපෙක්ෂකයන්ට මැතිවරණ නීති සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.










