ආපදා සහන සැලසීම සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩායමක් අද (30) දිනයේ දිවයිනට පැමිණෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
ආපදාවට පත් වූ ජනතාව වෙත වෛද්‍ය ආධාර ලබා දීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
එහිදී ප්‍රථමව කණ්ඩායමක් පැමිණ තත්ත්වය මැන බැලීමෙන් අනතුරුව මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ජපානයෙන් පැමිණෙන විශේෂඥ කණ්ඩායමෙන් ලැබෙන වෛද්‍යමය ප්‍රතිලාභය ජනතාවට වඩාත්ම සුදුසු ස්ථාන වෙත ලබා දීම පිළිබඳ සාකච්ඡා පවත්වා තීරණය කරනු ලබන බවය.
එමෙන්ම ඉන්දියාවෙන් ද වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍ය ආධාර රැගත් යානයක් අද පැමිණීමට නියමිත බව ද මෙහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.










