• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවදානම පහව ගිහින් නෑ! කැලණි ගඟ අවට පහත්බිම්වල ඉන්න අය අවධානයෙන් ඉන්න! I Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිගේ ගමත් යටවෙයි! ඇමැති අවතැන්වූවන්ට උදව් කරන්න ගමටම යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.Sri Lanka Latest News

වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ කොළඹ ආසන්නයේ පහත්බිම් ආශ්‍රිතව මෙන්ම කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

“මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම 10.8 දක්වා උපරිමයකට ඇවිත් තියෙනවා. අපේ නිරීක්ෂණ අනුව බොහෝ දුරට 10.88 අගය හංවැල්ල ජල මට්ටමේ උපරිම අගය වීමට ඉඩ තිබෙනවා. නාගලගම්වීදියේ ජල මට්ටම ආසන්නම අඩි 7 දක්වා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ සිට පහළට යද්දි හංවැල්ල ජල මට්ටම උපරිම අගයකට පැමිණීමත් සමගම ඒ අතර ප්‍රදේශයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි. විශේෂයෙන්ම හංවැල්ල ප්‍රදේශවල ජලය විහිදී ඇති ප්‍රදේශවලටත්, ඒ ආශ්‍රිත ජලය විහිදී ඇති ප්‍රදේශ මෙන්ම පහත්බිම් තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතීමටත් ඒ ප්‍රදේශවල ඉන්න අයට තවදුරටත් අඩියක හෝ ජල මට්ටමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ තත්ත්වය නිසා කොළඹ ආසන්නයේ ප්‍රදේශවලත්, කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවලටත් ජලය ඇතුල් වී තිබෙන බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශවල ඉන්න අය තවදුරටත් සැලකිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. මොකද කැලණි ගඟ ආසන්නයේ ජල මට්ටම් මේ වන විටත් ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා.”

එමෙන්ම අත්නගලු ඔය ආශ්‍රිතව ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

තවද මාවිල්ආරු ගංවතුර වේලි කැඩී යාමේ අවදානමක් සම්බන්ධව වාර්තා පළ වුවත් එය පරීක්ෂා කිරීමට පවා එම ස්ථානය යාමට නොහැකි මට්ටමේ ඉහළ ජල මට්ටමක් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ ආශ්‍රිත ප්‍රදේශ වෙතද තවදුරටත් ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

“දූනමලේ අපගේ ජල මාපකවල ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුරක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශවන ගම්පහ, ජාඇල, වත්තල, කඳාන වැනි ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි එ නිසා ඒ ප්‍රදේශවල සහ පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මහඔය ජලාශයේ ගංවතුර තවමත් අධි ගංවතුර තත්ත්වයක පවතින්නේ මේ නිසා මේ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ගංවතුර තත්ත්වයන් වැඩි වීමේ හැකියාවක් තිබෙනවා. 

මහවැලි ගඟේ ඉහළ සිට පැමිණි ජලය ඒ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව විසිරී පැවතුනත් ඉන් පහළ ත්‍රිකුණාමලය දක්වා යන මාවිල්ආරු, කින්යා, මුත්තූර් වැනි ප්‍රදේශවලට ජලය ඇතුල්වී විහිදෙමින් පවතිනවා. ඒ නිසා එම ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම් ඉහළයාමේ අවදානමක් තියෙන බවත් ඒක සැලකිය යුතු උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කතා බහට ලක්වෙනවා මාවිල්ආරු ගංවතුර වේලි කඩාගෙන යාමක් සම්බන්ධයෙන්. ගංවතුර වේලි කඩාගෙන යාම පරීක්ෂා කිරීම ඉතා ඉහළ ජල මට්ටමක් පවතින නිසා නොහැකි වී තිබෙනවා. මෙම වේලි කඩන් ගියත් නැතත් ‍මේ වන විට ගංවතුර එම ප්‍රදේශවල විහිදී තියෙන්නේ. එම නිසා කින්නියා, මුත්තූර්, සූරියපුර වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා.

එමෙන්ම බොහෝ ඉහළ ගංගා දෝණිවල ජල මට්ටම් අඩුවෙමින් පැවතියත්  ගියත්   පහළ ද්‍රෝණි තවමත් බැස ගිහින් නෑ ඒ වගේම ජල මට්ටම් අඩුවූ ස්ථානවල පවා මේ වන විට අනතුරුදායක මට්ටමක තියෙන්නේ ඒ නිසා ජල මට්ටම් අඩුවීමේදී ඇතිවන අනතුරු ජල මට්ටම් වැඩිවීමේදී සිදුවන අනතුරුවලට සමානයි ඒ නිසා මෙම ජල මට්ටම් අඩුවීම නිසා එහි ක්‍රීඩා කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවීම, මේවා බලන්න යාම, යටවූ මාර්ග ස්ථාන භාවිත කිරීම ඉතාමත්ම අනතුරුදායකයි මොකද මේ තුළ නොපෙනන හානි විශාල වශයෙන් සිදුවී තිබිය හැකියි.”
 
SendShareShare
Previous Post

විනාශ වුණු නුවරඑළිය ගොඩගන්න පයින්ම යන්නේ මේ සොල්දාදුවො නෙමෙයි! මතක තියාගන්න ‘රණවිරුවෝ’ කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජීවිත බේරගන්න කියලා වතුරට බැහැලා තමන්ගේ ජීවිතය අවදානමේ දාගන්න එපා! ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජාතික පුහුණුකරු කියන මේ කතාව අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.