මැතිවරණය සදහා තව දින 3ක් පමණක් ඉතිරිව පැවතියද ජන්ද කාඩ් ලක්ෂ හතරහාමාරක් තවමත් බෙදාගත නොහැකිව තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ජන්ද කාඩ් නොලැබුණු ජනතාවට බදාදා පස්වරු 5ට පෙර ආසන්නතම තැපැල් කන්තෝරුවලට ගොස් එම කාඩ් පත් ලබා ගත හැකි බවකි.
ඒ සදහා ජාතික හැදුනුම්පත රැගෙන යන ලෙසද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.










