• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වී ගොවියන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වාගෙන ගොවි ප්‍රශ්න ගැන ලාල්කාන්තලා සාකච්ඡාවක් කරයි! PHOTOS I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
වී ගොවියන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වාගෙන ගොවි ප්‍රශ්න ගැන ලාල්කාන්තලා සාකච්ඡාවක් කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එම ගොවීන් සමඟ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද, අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව සඳහන් කළේය.

ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකළ යුතු බවත්, මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

එසේම, පොහොර සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ලෝක වෙළෙඳපොළෙහි තත්ත්වයද සැලකිල්ලට ගෙන පොහොර සහනාධාර මිල තීරණය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ගබඩාකරණය, වී වේලා ගැනීම ඇතුළු නිෂ්පාදන කාර්යයන් සම්බන්ධයෙන් ගොවින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමට ගත හැකි පියවර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඉදිරියේදී නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම වැනි තීන්දු තීරණ ගැනීමේදී දිස්ත්‍රික් මට්ටමින් යෙදවුම්වල නිෂ්පාදන පිරිවැය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසත්, එම සාධකයද සලකා බලා වීවලට ලබා දෙන සහතික මිල තීන්දු කිරීමේ අවශ්‍යතාවත් මෙහිදී ලාල්කාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වී ගොවීන්ට අවශ්‍ය බීජ සහ පොහොර සහනාධාර ඇතුළු පහසුකම් ලබා දී තිබෙන්නේ රාජ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කර නොමැති කාලයක බවත්, රාජ්‍ය ආයතනවලට, නිලධාරීන්, අවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීම මෙන්ම අදාළ ක්ෂේත්‍රවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට අවශ්‍ය පියවර ගත යුත් බවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

තමන් මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට පළමු වතාවට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව මැදිහත් වීම පිළිබඳ මෙහිදී රජයට ස්තූතිය පළ කළ ගොවීහු, වී ගොවීන් මුහුණ දී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේදී රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද සඳහන් කළහ.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. ඒ. ආර්. තුෂාර වික්‍රමාරච්චි යන මහත්වරු, වී අලෙවි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ වී ගොවීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-11-25

SendShareShare
Previous Post

පුරාවිද්‍යාව දැමූ බෝඩ් ගලවලා ට්‍රැක්ටරේක පටවන් ගිය වාලච්චේන සභාපති උසාවියට බාර වෙයි! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තු සේවිකාවකට ලිංගික හිංසන කළැයි කියන සිද්ධියේ වාර්තාව කතානායකතුමා අතට! දීලා තියෙන තීන්දුව මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.