මෙම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලාංකික දිනයේ දැනට සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව විපක්ෂය නියෝජනය කරන දෙමළ, මුස්ලිම් පක්ෂ නායකයින් සහ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ පැවැත්විණ.Sri Lanka Latest News
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත්, අපේ රට කවර හෝ ජාතිවාදී උගුලකට හසු වීමට ඉඩ නොතබන බවත් මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන ලෙස සියලු දෙනාට ආරාධනා කළේය.
එමෙන්ම, සියලුදෙනාට එක්ව කටයුතු කළ හැකි පරිදි මෙහි වැඩසටහන් සහ සැලසුම් නිර්මාණය කරන ලෙස සංවිධායක මණ්ඩලයට ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබිණ.


















