2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ‘ප්‍රජාශක්ති’ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ දැනුවත් කිරීමට ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු අද (22) කොළඹට කැඳවා තිබේ.Sri Lanka Latest News
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහන බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු පුළුල් ලෙස දැනුවත් කිරීමට නියමිතය.
එමෙන්ම, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව, සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාව, ප්‍රජාශක්ති වැඩසටහනේ ඩිජිටල් පද්ධති සහ අවකාශ පිළිබඳ හඳුන්වා දීම මෙන්ම ඩිජිටල් ආර්ථික වැඩසටහන තුළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ භූමිකාවත්, අල්ලස් සහ දූෂණ පිටුදැකීම සහ විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-11-22










