• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගේ උපාධිය මඩක්ද? ලෙඩක්ද? Sri Lanka Latest News

November 23, 2025
in Exclusive, News
Reading Time: 4 mins read
A A
නාමල්ගේ උපාධිය මඩක්ද? ලෙඩක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ යළිත් කතාබහක් ඇති වී තිබේ. මෙම තත්ත්වය මතු වූයේ මාධ්‍යවේදී නිර්මලා කන්නංගර පළකරන ලද ලිපියක් හේතුවෙනි. එම ලිපිය මගින් නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්න කර තිබේ.Sri Lanka Latest News

උපාධි සහතිකය පිළිබඳ ගැටලුව
ඉහත දක්වා ඇති උපාධි සහතිකයට මහාචාර්ය මැල්කම් ගිලීස් නමැති උපකුලපතිවරයා 2009 සැප්තැම්බර් 15 වැනි දින අත්සන් තබා ඇති බව දක්නට ලැබුණද, ඔහු 2009 ජූලි මාසයේදී එම තනතුරෙන් ඉවත් වී තිබේ. ඒ පිළිබඳ ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය 2009 ජූලි 23 වැනිදා වාර්තා කර තිබුණේ,Shock at Resignation of City University vice chancellor යන සිරස්තලය සමගිනි.

ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව 2009 වසරේ ජූලි මාසයේ සිට 2010 වසර දක්වා ජූලියස් වෙයින්බර්ග් එහි වැඩබලන උපකුලපතිවරයා ලෙස පත්කෙරිණි. 2010 වසරේදී ශ්‍රීමත් පෝල් කරන් එහි උපකුලපතිවරයා ලෙස පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස නොවැ. 19 වැනිදා පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.
‘ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහු ඉදිරිපත් කරල තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ සහතිකයට අස්සන් කරපු උපකුලපතිවරයා ජූලි 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සෙ තමයි, උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නෙ. ඒ නිසා ඔහුගේ උපාධි සහතිකය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් ඒ වෙබ් අඩවිවලින් මතු කරලා තියෙනවා…’

නීති විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳ ගැටලුව
මේ අතර, නාමල් රාජපක්ෂ ඉහත කී උපාධි සහතිකය පදනම් කරගෙන නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන්ද ගැටලුවක් මතුවී තිබේ. නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා නාමල් රාජපක්ෂ 2009 සැප්තැම්බර් 25 වැනි දින අයැදුම් කර ඇති අතර, එදිනම ඊට අනුමැතිය ලැබීමත්, නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීමත් සිදුකර තිබීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන්ද අමාත්‍ය නලින්ද ජයතිස්ස අදහස් පළකළේය.

‘ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එකක් නැතුව ලෝකෙ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතනවලින් තමයි, ඒ අයට අවස්ථාව තිබෙන්නේ. නමුත් මේ සිටි යුනිවර්සිටි ලන්ඩන්, මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙවෙයි. සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ඒ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධියක් ගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලලා තියෙන්නෙ 2009 සැප්තැම්බර් 25. ඇප්ලිකේෂන් එක දාපු දවසෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඒක භාරගෙන තිබෙනවා. සැප්තැම්බර් 25 ඒ ඇප්ලිකේෂන් එක භාරගන්නකොට ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළිඅරගෙන නැහැ. ඒක පිළිඅරගෙන තියෙන්නෙ ඔක්තෝබර් 15.’

‘නාමල් රාජපක්ෂට මඩ ගහනවා’ – ඩී.වී. චානක
මේ අතර, අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළේ, ආණ්ඩුව ‘අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂට ගහන’ බවය.

‘ආණ්ඩුව ඇන ගන්නවා කියල දැන ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇන ගන්නවා කියලා බලාගන්න. පළමුවැනි එක තමයි, අනුර කුමාර දිසානායක මහත්තය පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කතා කරනව කියන්නෙ අනිවාර්යයෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැත්නම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනව කියන්නෙ ආයෙත් ආණ්ඩුව හොඳටම ඇනගෙන. දැන් 21 රැස්වීම දැකලා ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ තමයි ඉන්නෙ. දැන් ඔබතුමාලා තුනෙන් දෙකක බලයක් අරගෙන ආවට පස්සෙ ඔබතුමාලා ඔය කතාවම කිව්වා. ඔය ලෝ ඩිග්‍රිය ගැන කතා කළානෙ. ඒ වෙලාවෙ ඔබතුමාලා නිකන් හිටියෙ නෑනෙ. ඔබතුමාලා ගියා උසාවියට, මැජිස්ටේ්‍රට් කෝට් නම්බර් වන් එකේ චීෆ් මැජිස්ටේ්‍රට් යටතේ දාලා තියෙනවා බී42852/01/25 යටතේ ඔබතුමාල නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. අනේ හරි සරල කාරණයක් නලින්ද ජයතිස්ස මැතිතුමා කියන්නෙ. හොර සයිට් හදාගෙන ඒවයින් මඩ ගහනව වෙනුවට නලින්ද ජයතිස්ස මැතිතුමා හෙට යන්න සීඅයිඩී එකට, දෙන්න මේ කරුණු ටික. එතකොට උසාවියට වාර්තා කරන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් කටඋත්තර ගත්තා, අද වෙනකම් අධිකරණයට කරුණු වාර්තා කරල නෑ.’

නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය පිළිබඳ තවත් චෝදනා
2010 වසරේදී, නීති විද්‍යාලයේ තවත් ශිෂ්‍යයෙකු වූ තුෂාර ජයරත්න නමැත්තෙකු, නාමල් රාජපක්ෂ නීති විද්‍යාල විභාග සඳහා පෙනී සිටීමේදී වංචා කළ බවට චෝදනා කළේය.
නාමල් රාජපක්ෂගේ නීති විද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් මතුවන චෝදනා පිළිබඳව අදහස් විමසීමට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පොදු දුරකතන අංකයට ඇමතූ විට ඊට පිළිතුරු දුන් නිලධාරිනියක පැවැසුවේ, අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් විමසිය හැක්කේ නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් පමණක් බවය. එහෙත්, ඔහු රැස්වීමක සිටින හෙයින්, ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි බව ඇය පැවැසුවාය. ඔහුගේ ජංගම දුරකතන අංකයද තමන් සතුව නැති බව දැනුම් දුන්නාය.

‘අවලාද අපහාස’
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා නාමල් රාජපක්ෂ දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, මෙම ලිපිය පළකරන අවස්ථාව වන තෙක් ඊට ප්‍රතිචාරයක් නොලැබිණි. කෙසේ වෙතත්, අදාළ චෝදනා ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.
‘මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කිහිපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මාස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයාබැලීම් කරගෙන යනවා. අද වෙන තුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවිවලින් මඩක් ගහනවා. දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහාසවලට 21 වැනිදා උත්තර ලැබේවි.’

නාමල් රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ‘නීතිමය ක්‍රියාමාර්ග’
මේ අතර, නාමල් රාජපක්ෂගේ නීතිඥ වෘත්තිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුවන බවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වන බවය.
‘අපි විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ල ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට. ඒ ආයතනයට අපි පැමිණිලි කළා, ඉතාමත් සංවිධානාත්මක ලෙස නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ නීතිඥ විභාගය සම්බන්ධව ඔහුගේ නීතිඥ වෘත්තිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර කරමින් සිටිනවා. ඒ සම්බන්ධව ඉක්මන් පියවර ගන්න කියල අපි ඉල්ලීමක් කළා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නත්, නීතිමය කටයුතු සඳහා අවතීර්ණ වෙන්නත් අපි සැලසුම් කරමින් සිටිනවා.’

බීබීසී සිංහල

SendShareShare
Previous Post

කුමාරයා ගැන ඉතින් හරීන්ගෙන් තමයි අහන්න ඕනේ..! එයා කුමාරයාටත් බනිනවා..! හොද කියනවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

නුගේගොඩ පොහොට්ටු වේදිකාව හොල්ලපු සාවින්ධ්‍යාට කුණුහරුපෙන් බණින ජාතික කුණුහරුප බළකාය! වීරප්පන්ගේ මඩ සෙට් එක! ලැජ්ජයි..! මේකද වෙනස..? මේකටද තරුණයො පාරට බැහැලා අරගල කළේ…? රෝහිණී කවිරත්න කාන්තාවන් වෙනුවෙන් පෙරට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
Uncategorized

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.Sri Lanka Latest...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.