• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භාණ්ඩාගාරේ පිරිලා තියෙද්දී මිනිස්සු මෙච්චර රන් බඩු උකස් කරන්නේ ඇයි? Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉගෙන ගන්න සල්ලි නෑ! ආදායම් නැතිවෙලා! කන්න බොන්න විදිහක් නෑ! මේ අවුරුද්දෙ මුල් මාස 10ට මිනිස්සු කෝටි 19,300ක රත්තරන් උකස් කරලා! ආර්ථික අර්බූදයේ තරම පේනවා නේද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට කොරෝනා වසංගතය මෙන්ම ඇතිවූ දූෂිත පාලන තත්ත්වයද හේතුවූ බව කවුරුත් දන්නා කාරණාවකි. එම අර්බුදකාරී තත්ත්වය හුදෙක් තවමත් විසඳී නොමැත. මෙම ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ බොහෝ විට දෛනික ආදායම මත යැපෙන, සීමිත ඉතිරිකිරීම් සිදුකරන, දරිද්‍රතාවයෙන් පෙළෙන, නිර්ධන පන්තියේ ජනතාවය. ඔවුන් ‘පොඩි මිනිසා’ ලෙස අර්ථකථනය කළහොත් නිවැරදි වනු ඇත. කුලී වැඩ කරන්නන්, සුළු ව්‍යාපාරිකයන්, ත්‍රිරෝද රථ රියැදුරන් හා ග්‍රාමීය මට්ටමේ කෘෂිකර්මාන්තයේ නියැළෙන්නන් මෙම ගණයට අයත් වේ. වර්තමානය තුළ ඔවුනගේ සැලකිය යුතු පිරිසක් අනතුරුදායක මූල්‍ය උගුලක සිරවී සිටිති.
මෙම ආර්ථික අර්බුදය හේතුකරගෙන ජනතාවට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලික ණය මත යැපීමට සිදුවී ඇත. ජීවන වියදම දිනෙන් දින ඉහළ යාම මෙන්ම ආදායම පහළ වැටීමත් හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වයන් හටගෙන ඇත. ණය බර හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව හුදෙක් සමාජීය හා මානසික වශයෙන් විවිධාකාරයේ තර්ජනයන්ටද මුහුණපා ඇතත් එහිදී මූලිකවම ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පවුල් බොහෝ ගණනක් ඔවුනගේ රත්තරන් උකස් කිරීමට පෙලඹී ඇත. එහිදී නිල දත්ත අනුව මේ වසරේ රන් බඩු උකස් කිරීමේ ණය ඇස්තමේන්තුව රුපියල් බිලියන 365.5ක් දක්වා ඉහළ ගොස් ඇත. පොලී ප්‍රතිශතයද වර්ධනය වීම හේතුවෙන් උකස් කෙරූ රත්තරන් බඩු නැවත බේරාගැනීමටද ඔවුනට හැකියාව ලැබී නොමැති අවස්ථාද අනන්තවත් සමාජයෙන් අපට අසන්නට ලැබෙනු ඇත.Sri Lanka Latest News

පවුල් සබඳතා බිඳවැටීම ණයබර හේතුවෙන් ඇතිවන දරුණුතම ප්‍රතිඵලයකි. ඇතැම් විට නිවසේ ගෘහ මූලිකයා හට ණයබර ගෙවාගැනීමට නොහැකි කල්හි බිරිඳටද රැකියාවකට යාමට සිදුවෙයි. එහිදී දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුද අඩාළ වනු ඇත. මේ වනවිටත් එම තත්ත්වය අපේ රටේ බොහෝ පීඩිත හා දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් තුළ දැකිය හැකි වන්නකි. එමෙන්ම මුදල් අවශ්‍යතා හේතුවෙන් ඇතැම් විට දරුවන් තමන්ගේ පාසල් ගමන අත්හැර දැමීමට කටයුතු කරනු ලබයි. එමෙන්ම පීඩිත ණය හේතුවෙන් ඇතැම්විට පිරමීඩ ක්‍රමය වැනි වංචනික ලෙස මුදල් ඉපයීමේ ක්‍රමද භාවිත කිරීමට ජනතාව බොහෝ විට පෙලඹෙනු ඇත. තාරුණ්‍යය හටද මෙම ගැටලුව වර්තමානයේදී ඍජුවම බලපා ඇත. ඒ කෙසේද යත් බොහෝ තරුණ තරුණියන් නූතනයේදී රට අතහැර දමා ගොස් පිටරට රැකියාවක නිරත වීම උදෙසා උත්සුක වනුයේ හුදෙක් ලංකාවේ ආර්ථික ක්‍රමවේදය ඉතාමත් මන්දගාමී මෙන්ම වියදම්ද ඉහළ යන බැවිනි. තම තාරුණ්‍යය විදෙස් රැකියාවකට යොමුකිරීමට මෙහිදී ඔවුන්ට සිදුවනු ඇත. මෙම තත්ත්වය හුදෙක් රටේ අනාගතයටද ඇති කරනු ලබන බලපෑමකි. සමාජීය වපසරියේ ඇති මෙම ණය අර්බුදය යන්න හුදෙක් නියාමනය නොවුණහොත් ණය බර සමස්ත පරම්පරාවක්ම ආගාධයට ඇද දමනු නියතය.
මෙනයින් ජනතාව හට ඇතිවන මානසික පීඩාවද හුදෙක් සුළුපටු නොවේ. අහිංසක දරු පැටවුන් හට කන්න අඳින්න නොලැබෙන අවස්ථාවක මවක් හා පියෙක් බොහෝ අපහසුතාවට පත්වනු ඇත. එවැනි තත්ත්වයක් හමුවේ දරුවන්ද මරුමුවට පත්කරමින් ජීවිත හානි කොටගත් මවුවරුන් පියවරුන් නැතුවා නොවේ. අධික මානසික ආතතිය, විශාදය වැනි රෝගී තත්ත්වයන්ට මූලිකවම හේතුවී ඇත්තේ පවුල් සංස්ථාවන්හි හටගෙන ඇති ණය අර්බුදය බැව් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලබයි. එමෙන්ම මුදල් අර්බුදය හේතුවෙන් අපරාධ වර්ධනය වීමේ ප්‍රවණතාවයක්ද වර්තමානය තුළ දැකගත හැකි වන්නකි. සොරකම්, ඝාතන ආදිය ඇතිවීමට එහිදී මූලික හේතුවක් වී ඇත්තේ ජනතාවගේ ණය මුදල් අර්බුදයයි.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ අර්ථකථනයට අනුව හුදෙක් රට ස්වයංපෝෂිත යැයි පැවැසුවද තාරුණ්‍යය තුළ බොහෝ විට ණය අර්බුදය හේතු කරගෙන යම් යම් ගැටලු ඇතිවී ඇත. මන්දයත් එක් පසෙකින් විශ්වවිද්‍යාල උපාධිධාරීන් තම අධ්‍යාපනය හමාර කොට රැකියාවක් ලබාගැනීමේදී ඉමහත් ගැටලුවලට භාජනය වී ඇත. ඊට මූලිකවම හේතුව වී ඇත්තේ මුදල් ගැටලුවයි. වසර හතරක් තිස්සේ උපාධිය හදාරමින් සිටියද අවසානයේදීත් බොහෝ කලක් ගතවී හමාර වුවද රැකියා විරහිත උපාධිධාරීන් බොහෝ සෙයින් සමාජයෙහි ඇත. එහිදී ඔවුන්ගේ ජීවිත හා තාරුණ්‍යය ගෙවෙන ආකාරය ඉතාමත් දුක්ඛිතය. විවාහයක් හෝ කරගැනීමට අධික වියදමක් දැරීමට සිදුවීමේදී තම රැකියාවෙන් හෝ බැංකු මගින් හෝ ණය මුදල් ගැනීමෙන් විවාහය සිදුකළද අධික වියදම් හේතු කරගෙන හා ණය බර හේතු කරගෙන සමස්ත තාරුණ්‍යයම ඉතාමත් දැඩි පීඩිත තත්ත්වයකට පත්වී ඇති කාලවකවානුවක් බැව් ඔවුන් අර්ථකථනය කරනු ලබයි. මන්දයත් එය ඔවුනුත් අත්විඳි තත්ත්වයක් නිසාවෙනි.

අයවැය ඉදිරිපත් කිරීමේදී ඇතැමුන් රට ස්වයංපෝෂිත බවත් හා භාණ්ඩාගාරය ටි්‍රලියන ගණනින් පිරී ඇති බවත් පැවැසුවද නූතනයේ කන වේල් ප්‍රමාණය අවම කොට ඇති පවුල් සංඛ්‍යාව වර්ධනය වී ඇත. මන්දපෝෂණය හේතුවෙන් දරුවන් බොහෝ සෙයින් පීඩිත තත්ත්වයකට පත්වී ඇත. ගර්භණී කාන්තාවන් හට ත්‍රිපෝෂ පැකට්ටුව ලබාදීමට තරම්වත් සමත්භාවයක් නැති කාලවකවානුවක භාණ්ඩාගාරය පුරවා ගැනීමෙන් කුමන ඵලයක්ද? රැකියා අවස්ථා නොමැති පිරිස් කෙතරම් නම් රටෙහි සිටීද? අනාගතයට තීරණයක් ගැනීමට නොහැකිව සිටින තරුණ තරුණියන් කෙතරම් නම් සිටීද? මුදල් ඉපයීම් කරණකොට ගෙන එහිදී නොකළ යුතු රැකියාවල නිරත පිරිස් කෙතරම් නම් සිටීද? මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ රජය විසින් අසත්‍ය තොරතුරු හුවා දක්වමින් රටේ ස්වයංපෝෂිතභාවය පෙන්නුම් කිරීමට උත්සුක කිරීම රටේ ඉදිරි අනාගත පැවැත්මට සිදුකරනු ලබන දැවැන්ත බලපෑමක් බැව් ඔවුන් පසක් කරගත යුතුමය. එහිදී වල්පල් නොදොඩා ජනතාවට සත්‍ය තත්ත්වය ඉදිරිපත් කොට ඔවුන්ගේ සිහින බලාපොරොත්තු බිඳවැටීමට ඉඩ නොදී ඒවා මල්ඵල ගැන්වීමට පියවර ගැනීම රජයේ දැඩි වගකීමක් වනු නිසැක බව පසක් කරමු.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක

SendShareShare
Previous Post

අගමැතිනියත් ඔව් කියනවා – ඇමැතිති ඔව් කියනවා ! පොල්තෙල් බදු වංචාවේ ගාන බිලියන 10යි !කවුද මේක යටගහන ජගතා…? Sri Lanka Latest News

Next Post

කඩේ තේ බිබී ඉද්දී කඩුගන්නාවේ ගල් පෙරළෙයි! කඩේ විනාශයි! අයෙක් මරුට! 4ක් හිරවෙයි! පාර වහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.