අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ළග තබාගෙන සිටි කොලොන්නාව සහ කැළණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා එම අයිස් මත්ද්‍රව්‍ය පෑලියගොඩ පට්ටිය හංදියේ ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැණුනු බව පොලිසිය සදහන් කළේය.
සිය භාරයට ගැණුනු එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් හා සරසවි සිසුන් කිහිප දෙනෙක්ද මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී සිටින බවට පොලිසිය අනාවරණය කරගෙන තිබිණ.








