විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය මඟින් ක්‍රියාත්මක කරන ‘රටම එකට‘ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) සවස 3.00ට ආරම්භ වේ.Sri Lanka Latest News
මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මේ වැඩසටහනේ අරමුණ වී තිබේ. මහජන සහභාගිත්වයක් සහිත පුළුල් යන්ත්‍රණයකින් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුමයි. මත්ද්‍රව්‍ය සැපයීම සහ ඊට ඇති ඉල්ලුම අඩාළ කිරීම ද අපේක්ෂිතය.
පාසල්, විශ්වවිද්‍යාල, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ද මේ වැඩසටහනට එක්කර ගැනේ. ‘රටම එකට‘ වැඩසටහනේ සමාරම්භය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 30 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විණි.










