• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

21 රැලියට මම යන්නෙ නෑ! ඒක මම පක්ෂයටත් දැනුම් දුන්නා! UNP එක එකතු වෙන්න ඕන සජබය එක්ක මිස පොහොට්ටුව එක්ක නෙමෙයි! නවීන් එළියට බහී! නුගේගොඩ රැලිය කට මුල තියා UNPය ඇතුළේ පිපිරීමක්! I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

21 වැනිදා නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට එජාපයද සහභාගී වන බවට පක්ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය තීන්දු කළද තමන් ඊට සහභාගී නොවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

විශේෂ X පණිවුඩයක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් මෙය ඉකුත් කළමනාකරණ කමිටු රැස්වීමේදී පක්ෂයටද දැනුම් දුන් බවකි.

එහිදී දිසානායක මහතා පෙන්වා දී ඇත්තේ එජාපය එකතු විය යුත්තේ සජබය සහ අනෙකුත් පක්ෂ සමග මිස පොහොට්ටුව සමග නොවන බවකි.

නවීන් දිසානායක මහතා 21 නුගේගොඩ රැස්වීමට එක් නොවන බව මීට පෙර රාජ්‍ය රහස් තීරයේ අප පළමුවෙන්ම අනාවරණ කිරීමට කටයුතු කළේ ඉකුත් 9 වැනි දිනය.

නොවැම්බර් 9 රාජ්‍ය රහස් කළ හෙළිදරව්ව!

රනිල්ට එරෙහිව කැරැල්ලක්

නමුත් තවමත් සජබය ඇතුළේ සිටින රනිල්ගෙන් ඉන්ධනහල් බලපත් ගත්, මත්පැන් බලපත් ගත්, ඉඩම් ගත් කීප දෙනකු සැලසුම් කරන්නේ රනිල් සහ සජබය එකතු කරන්නටය. නමුත් මේ වනවිට එයද අසාර්ථක වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම රනිල් ගසන මේ දේශපාලන ගේම් දැනට එජාපය ඇතුළේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනාටද හොඳ හැටි වැටහී ඇති බවක් දැකගන්නට තිබේ. ඒ අනුව අප මෙවර රාජ්‍ය රහස් තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ රනිල්ට එරෙහිව නැවත වතාවක් එජාපය ඇතුළේ බරපතළ කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවය. විශේෂයෙන්ම එජාපයට අරක් ගෙන සිටින රනිල්-වජිර-සාගල යන ත්‍රිමුර්තියට එරෙහිව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් දැඩි තීන්දුවකට යෑමට තීරණය කොට ඇති බවය.

එහි පළමු ඉඟිය වී ඇත්තේ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ රුවන් විජේවර්ධන සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කොට තිබීමය. අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රුවන් දැනටමත් තමන් එජාපයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත් වන බවත්, ඒ වෙනුවට වෙනත් අයකු නියෝජ්‍ය නායක තනතුරට පත්කරන්නා ලෙසත් රනිල්ට දැනුම් දී ඇති බවය. තමන් ටික කාලයකට දේශපාලනය කිරීම නවත්වා පවුලේ ව්‍යාපාර වෙනුවෙන් කාලය කැපකරන බව රුවන් පක්ෂ නායකත්වයට දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ. මෙම දැනුම්දීමෙන් අනතුරුව මේ දක්වා රුවන් පක්ෂයේ කිසිදු කටයුත්තකට සහභාගි වී ඇති බවක් දැනගන්නට නැත.

මෙය තමන්ට එරෙහිව එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් නිසා පසුගිය සතිය පුරාම මෙම තොරතුර පිටතට යෑම වළක්වා ගැනීම සඳහා රනිල් විශාල උත්සාහයක් දරා තිබිණි. රුවන්ගෙන් හිස්වූ නියෝජ්‍ය නායක තනතුරට වෙනත් පුද්ගලයකු පත්කළහොත් ඒ හරහා පක්ෂ අර්බුදය එළියට යන නිසා එම තනතුර හිස්ව තැබීමටද රනිල් කටයුතු කොට තිබිණි.

එමෙන්ම තවත් එජාප ජ්‍යෙෂ්ඨයකු වන නවීන් දිසාසායක දැනටමත් ප්‍රකාශ කොට ඇත්තේ තමන්ද ලබන 21 වැනිදා පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගි නොවන බවය. ඒ අනුව අද අප මෙම තීරය ඔස්සේ තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටින්නේ ලබන 21 වැනිදා නුගේගොඩදී පැවැත්වෙන රැලියට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම සහභාගි නොවීමට තීන්දු කොට ඇති බවය. රාජිතද පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ පොහොට්ටුව සමග තවදුරටත් දේශපාලනය කිරීමේදී හොඳ නරක දෙපැත්තක් ඇති බවත්, තමන් ඒ බව දැනටමත් එජාපයට දැනුම් දී ඇති බවත්ය. ඒ අනුව රාජිතද බොහෝ දුරට 21 පැවැත්වෙන රැලියට සහභාගි නොවනු ඇත. ඒ අනුව 22 වැනිදා වනවිට රනිල්ට යන්තමින් හෝ ඉතිරිවී ඇති දෙතුන් දෙනාද ඔහුගෙන් ඉවත්ව රනිල්ට එරෙහිව ගසන ඊළඟ කැරැල්ලේ ඉදිරිපෙළ සාමාජිකයන් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

රනිල්ට එරෙහිව එජාපය ඇතුළේ කැරැලි ආරම්භ වූයේ අද ඊයේ නොව, 2005 සිටය. එහි ප්‍රතිඵලයක් වූයේ 100කට ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සිටි එජාපය රනිල්ගේ නායකත්වය යටතේ බින්දුවටම වැටී එකදු මන්ත්‍රීවරයකුවත් නොමැති තත්ත්වයට පත්වීමය. ඒ අනුව මෙවර රනිල්ට එරෙහිව පක්ෂය ඇතුළේ ඇතිවෙමින් යන කැරැල්ල බොහෝ දුරට රනිල්ට එරෙහි අවසන් කැරැල්ල වනු ඇත. අප එසේ කියන්නේ එජාප – සජබ සමගියට ඉඩදී වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට වූ ප්‍රබල යෝජනාවක් පක්ෂයේ ඉතිරිව සිටින ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඉතා නුදුරු දිනෙකදී රනිල්ට ඉදිරිපත් වීමට නියමිතව තිබීම නිසාය. බොහෝ දුරට මෙම යෝජනාව ඉදිරිපත් වීමෙන් පසු ඊට වැඩි ප්‍රසිද්ධියක් නොලැබෙනු ඇති බව අපගේ අදහසය. නමුත් දැනටමත් ඒ සම්බන්ධයෙන් තැන් කීපයකදීම විශේෂ සාකච්ඡා වට ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කරමින් එජාප කැරැල්ලේ පළමු අදියර අවසන් කිරීමට අපි කටයුතු කරමු.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

චම්පිකගේ රාජගිරියේ රිය අනතුරු නඩුව ජනවාරි 20 යළි කැඳවන්න උසාවිය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

කතානායක කාර්යාලයේ දාර නයෙක්! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.