කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අයෙකුට දෙවැනි වරට සිදුකළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.
ඒ අනුව එම නිලධාරියා ඇසුරු කළ හිඟුරාණ, මුවන්ගොල ග්‍රාම 08 ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් ඊයේ දිනයේ සිට නිරෝධායනය කිරිමට පියවර ගත් බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රසාත් විජේලත් සඳහන් කළේය.
එම පිරිසට අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරිමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් හිඟුරාණ නගරයේ දෙවැනි පාලම සහ ගල්මඩුව දක්වා ප්‍රදේශවල අමතර පංති පැවැත්වීම, දේශපාලන රැස්වීම් පැවැත්වීම සහ වෙනත් උත්සව සහ සති පොළ යනාදිය පැවැත්වීම නතර කිරිමට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් ලබාදී ඇත.










