සිය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනට සජිත්ගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියද පිවිස තිබේ.
ඒ අනුව සජිත්ට සහාය පළකරන ලෙස ඉල්ලමින් එජාප ජ්‍යෙෂ්ඨයන් හට දුරකතන ඇමැතුම් ලබා දීමට හේමා ප්‍රේමදාස මහත්මිය කටයුතු කොට ඇත.
ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුටම එසේ දුරකතන ඇමැතුම් ලබා දීමට හේමා ප්‍රේමදාස මහත්මිය කටයුතු කොට තිබේ.










