අමාත්‍යවරුන් වන මංගල සමරවීර මහතා හා එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් කතානායක කරු ජයසූරිය මහතා හමුවී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමට කටයුතු කොට ඇත.
අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම සාකච්ජාව ඊයේ (28) කතානායක නිලනිවෙසේ පැවැත්වී තිබේ.
මෙහිදී සජිත්ට සහාය ලබා ගැනීම සදහා කතානායකවරයා එකග කර ගැනීමට මංගල සහ එරාන් දැඩි උත්සාහයක් දරා තිබුණද එය අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී සජිත්ට වාසිසහගත වන අයුරින් හර්ෂද සිල්වා මහතා විිිිිිසින් සකස් කරන ලද මතවිමසුමක ප්‍රතිපලද මංගල සහ එරාන් විසින් කතානායකවරයාට ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් කතානායකවරයා දෙදෙනාටම ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂයේ සම්ප්‍රදාය අනුව යමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා සම්මත කරන නාමයෝජනාවකට පමණක් තමන්ට සහාය පළ කළ හැකි බවත්, එසේ නොවන කිසිදු යෝජනාවකට තමන්ට සහාය ලබා දිය නොහැකි බවත්ය. එමෙන්ම පක්ෂය කඩන කිසිදු ක්‍රියාවකට තමන්ට සහාය ලබා දිය නොහැකි බවද කතානායකවරයා මෙහිදී අවධාරණය කර ඇත.










