ලබන 21 වැනිදා පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වෙන ආණ්ඩු විරෝධී රැලියට එජාපය නියෝජනය කරමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පමණක් සහභාගි කරවීමට එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එජාපයේ ඉහළ තනතුරු දරන කිසිවකුත් ඒ අනුව ඊට සහභාගි නොවීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ප්‍රකාශ කොට සිටියේ පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට සහභාගි වීම සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඇති බවත්, එහි වාසි මෙන්ම අවාසිද ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන් එජාපය දැනුවත් කර ඇති බවත්ය.










