අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවෙසේ ඊයේ (28) රාත්‍රියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.
මෙම විශේෂ භෝජන සංග්‍රහයට පක්ෂ නායක රනිල් වික්‍රමසිිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගි වී ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව තානාපතිවරුන් 25කට අධික පිරිසක්ද ඊට සහභාගිව සිටි බවත් දැනගන්නට තිබේ.
එහිදී පක්ෂය ඉදිරියට ගෙන යන ආකාරය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය සූදානම් කරවන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති බව ද දැනගන්නට ඇත.










