රටේ සමස්ත ජනතාවගෙන් 30%ක් කුසගින්නේ සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
හම්බන්තොට මුල්කිරිගල පැවැති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
රටේ සමස්ත ජනතාව අසීරුවෙන් ජීවත් වද්දී ආණ්ඩුව බොරුවෙන්, ප්‍රෝඩාවෙන් ජනතාව රවට්ටමින් සිටින බවද එහිදී ප්‍රේමදාස මහතා කීය.










