• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිස්බුල්ලා මැදිහත් වුණු රත්තරන් ගනුදෙනුවේ ඇත්ත නැත්ත මොකක්ද? Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හිස්බුල්ලා මැදිහත් වුණු රත්තරන් ගනුදෙනුවේ ඇත්ත නැත්ත මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට අදාළව කලින් කලට අපූරු කතන්දර අසන්නට ලැබෙයි. එහෙත් මේ කතාව එයට අදාළව අපට අසන්නට ලැබෙන්නේ එක්තරා විදේශ රාජ්‍යයක සිටය. බටහිර අප්‍රිකානු රටක් වන ඝානාවේ සිට මෙම වතගොත අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් මෙය අපගේ රට තුළින් ආරංචි වූ කතාවක් නොව, ඉහත ඝානාවේ ජනමාධ්‍ය හරහා ප්‍රකාශිත වූ මාධ්‍ය වාර්තාවකි. එරට පුවත්පත් ගණනාවක්ම මෙම පුවතට ප්‍රධාන තැනක් ලබාදී තිබූ අතර, එය පසුගියදා ශ්‍රී ලංකාව තුළද මහත් ආන්දෝලනයක් ඇතිකළේය. එසේම ලොව පුරා තවත් විවිධ මාධ්‍ය හරහාද යටකී පුවත විකාශය වී තිබිණි. එම මාධ්‍ය වාර්තා මෙම පුවත ප්‍රකාශ කර තිබුණේ මේ ආකාරයටය.Sri Lanka Latest News

‘ඝානාවේ වෙසෙන එක්තරා වංචනික අපරාධ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් වංචා කර ඇත. මෙම අපරාධකරුවන් මෙම සුවිශාල වංචාව සිදුකර ඇත්තේ හිටපු ශ්‍රී ලාංකික අමාත්‍යවරයාට ඩොලර් මිලියන 2ක් වටිනා රත්‍රන් ප්‍රමාණයක් ලබාදීමේ පොරොන්දුව මතය. මෙම හිටපු අමාත්‍යවරයා නම් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරනා ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාය. ආරක්ෂක අංශවල විමර්ශනවලට අනුව මෙම සිදුවීම ඇතිවී තිබෙන්නේ 2023 වසරේදීය. එනම් ඝානා රාජ්‍යය තුළ ඉතා රහසිගතව ක්‍රියාත්මක වන ‘වෙයිජා සින්ඩිකේට්’ නමැති අන්තර්ජාල අපරාධ සංවිධානයක් මෙම වංචාව සිදුකර ඇත. මෙම සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබ්දුල් රවුෆ් ආදම් ප්‍රධාන තවත් පුද්ගලයන් මෙම දූෂණ වංචාවට සම්බන්ධ වී ඇත. විමර්ශනවලින් හෙළිව ඇත්තේ 2023දී මෙම අපරාධකරුවන් පිරිස ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයාට රත්‍රන් තොගයක් ලබාදීමේ පොරොන්දුව මත ඩොලර් මිලියන 2ක් ලබාගෙන ඇති අතර, එහෙත් එම රත්‍රන් මෙතෙක් මන්ත්‍රීවරයාට ලබාදී නොමැති බවයි. වංචාකරුවන් රත්‍රන් ලබාදීමට අපොහොසත් වූ අතර, මන්ත්‍රීවරයා සමග තිබුණු සියලු සබඳතා කපාදැමීම (අත්හිටුවීම) සිදුකර ඇත. මෙම අපරාධ සංවිධානයේ නායකයා ශ්‍රී ලාංකික දේශපාලකයා සමග අදාළ ගනුදෙනුවට නීත්‍යනුකූලභාවයක් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද අස්සන් කර ඇත. මේ බව අනාවරණ කර තිබුණේ මෙම වංචාව ගැන පරීක්ෂණය මෙහෙයවන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේකොබ් කුබාල් විසිනි. මෙම සුවිශාල ගනුදෙනුවේදී ඝානාවේ පුද්ගලයන් ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයාට රත්‍රන් කිලෝග්‍රෑම් 50ක ප්‍රමාණයක් ලබාදීමට පොරොන්දු වී ඇත. ඝානාවේ ආරක්ෂක සහ වංචා දූෂණ අපරාධ අංශ වෙත ලැබී තිබුණු නිල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකෙරිණි…’

දැන් ඔබට මෙම කතාව කුමක්දැයි යම් අයුරකින් අවබෝධ වනවා ඇතිය. එහෙත් මෙම කතාවේ තවත් පිටු පෙරළෙන්නට තිබෙයි. පසුගිය දිනවල මෙම වතගොත ශ්‍රී ලංකාව තුළ අතිශය ආන්දෝලනයක් ඇති කළේ මෙවැනි සිදුවීමකට මෙරට දේශපාලකයන්ද සම්බන්ධ වී තිබීම හේතුවෙනි. එසේම ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වීම හේතුවෙනි. මෙම සිදුවීම ඇසූ බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මෙතරම් සුවිශාල මුදලක් අදාළ දේශපාලකයා සතුව තිබීම ප්‍රශ්නයට නගමිනි. ඩොලර් මිලියන 2ක් යනු ඩොලර් ලක්ෂ 20ක මුදලක් වන අතර, එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් රුපියල් කෝටි 70ක් පමණ වෙයි. එසේම ලබාදීමට නියමිත වූ රත්‍රන් ප්‍රමාණයද කිලෝග්‍රෑම් 50කි. මේ අනුව බලන විට මෙය මෙරට පමණක් නොව ජාත්‍යන්තරය පවා පුදුමයට පත්කරන ලද පුවතක් විය. මෙම කතාවේ ඉතිරි දෙවැනි කොටස කුමක්දැයි සොයා බලමු. එනම් ඉහත ඝානාවේ මාධ්‍ය වාර්තා කියා සිටින්නේ කුමක්ද?

‘මෙම වංචනික සිදුවීමට අදාළ ඝානාවේ සැකකාර පුද්ගලයන් 11 දෙනා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගියදා ඔවුන්ට එරෙහිව ඝානාවේ අගනුවර වන ඇක්‍රාහි අධිකරණය විසින් නඩු පවරනු ලැබීය. එම නඩුව පසුගියදා විභාගයට ගැනුණු අතර, මෙම පුද්ගලයන් (චූදිතයන් 08 දෙනකුට ඇප ලබාදීම සිදුකර ඇත. ඉතිරි ප්‍රධාන චූදිතයන් 03 දෙනකු තවද අත්අඩංගුවේ පසුවෙයි.) මෙම නඩුව නැවත විභාග කිරීමේ දිනය නොවැම්බර් 20 ලෙසට ප්‍රකාශ වී ඇත. ව්‍යාජ මවාපෑමෙන් වංචා කිරීම සහ අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ චූදිතයන්ට නඩු පවරා ඇත…’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ ඇත. එනම් විශාල ආන්දෝලනයක් ඇතිකළ මෙම කතාව සත්‍යයක්ද? එය සත්‍ය හෝ අසත්‍ය යැයි තීරණය කිරීමට අපට හැකියාවක් හෝ බලයක් නැත. එසේ වන්නේ මෙම සිදුවීමට අදාළ විමර්ශනය ඝානාවේ රාජ්‍ය ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් සිදුකරන අතර, අධිකරණය තුළ නඩුවක්ද විභාග කිරීමය. ඝානාවේ රාජ්‍ය ආරක්ෂක මණ්ඩල ලේකම් කාර්යාලය මගින් මෙම සිදුවීමේ විමර්ශන මෙහෙයවයි. චූදිතයන්ගේ අභියාචනා භාරගැනීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව කුඩා රත්‍රන් කුට්ටි කිහිපයක්ද තිබී ඇත. ඔවුන් මෙම රත්‍රන් ප්‍රදර්ශනය කරමින් පුද්ගලයන් රැවැටීමට ලක්කර ඇත.

කෙසේ වෙතත් ඝානාවේ ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළ පරිදි තමන් සම්බන්ධ කරගත් ඝානාවේ රත්‍රන් ව්‍යාපාර ගනුදෙනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ප්‍රතික්ෂේප කර ඇත. තමන් මෙවැනි සිදුවීමකට සම්බන්ධ නැති බවත්, ඔහු නිල නිවේදනයක් හරහා ප්‍රකාශ කර ඇත. එසේම ඝානාවේ පුවත්පත් ප්‍රකාශද ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා අසත්‍ය පුවත් යැයි ප්‍රකාශ කර ඇත. එහෙත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ වරක් ඔහු සෞදි අරාබියේ සිට ඔහුගේ මිතුරන් සමග ව්‍යාපාරික අරමුණු සඳහා ඝානාවට ගිය බවත්, එහිදී ඇතැම් පුද්ගලයන් වංචනික ක්‍රියාවන් සිදුකිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තමන් වහාම ඝානාවේ ආරක්ෂක අංශ වෙත දැනුම් දුන් බවත්ය. ඒ අනුව පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බවත්ය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවට කුඩු එන පාරවල් දන්නවා…! අල්ලගන්නවා නම් හොඳ ඔත්තුවක්…!Sri Lanka Latest News

Next Post

භද්දිය හිමිගෙන් කාලීන බණක්! බුදුන් වහන්සේගේ චීවරය දේශපාලන වේදිකා සරසන කොඩියක් කරගන්න දෙන්න එපා! ඒ අය දිනුවට පස්සේ අපි වැස්සට ඉහළපු කුඩේ වගේ තමයි! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.