• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය මාස 2ට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ ලයිස්තුව එළියට! I Sri Lanka Latest News

November 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන දේපළ අවභාවිතා කිරීම යන චෝදනාව යටතේ, පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

අද දිනයේ දී මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යේෂ්ඨ උපදේශකයෙකුද වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඒ, 2015 වසරේ දී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා නිසි ක්‍රමවේදයෙන් බැහැරව රුපියල් කෝටි නමයකට වඩා වැඩි වටිනාකමකින් යුතු තාවකාලික වී ගබඩා ආනයනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ හිටපු සාමාන්‍යාධිකාරවරයෙකු වන සුමතිපාල මහානාම සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න යන අය ඊයේ දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ එජාප මූලස්ථානය වන සිරිකොත නවීකරණය කිරීම සදහා රුපියල් ලක්ෂ 16 කට වඩා වැඩි මහජන මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.

ඔක්තෝබර් 31 වන දා, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන අහමඩ්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබී ය.

ඒ, 2015 වසරේ දී, කොටි නමයකට වඩා වැඩි මුදලක් වැය කරමින් නිසි ක්‍රම සම්පාදන ක්‍රියාවලියෙන් තොරව තාවකාලික ගබඩා මිල දී ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. (මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වූ චරිත රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ද මෙම චෝදනාවට අදාලවයි.)

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අනීතිකව වන්දි මුදලක් නිකුත් කිරීම යන චෝදනාව මත, වන්දි ගෙවීමේ කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ, සේපාලිකා සමන්කුමාරි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමරශන කොමිෂන් සභාව මගින් පසුගිය දා අත්අඩංගු-වට ගනු ලැබීය.

ඊට අමතරව, නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොළඹ 5, මයුර පෙදෙසේ පර්චස් පනස් පහක ඉඩමක් බදු දීමේ දී රජයට කෝටි තුනකට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ තවත් නිළධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංග-ුවට ගන්නා ලදී.

SendShareShare
Previous Post

කඳානෙන් අල්ලපු සුදු ගල්වල රස පරීක්ෂක වාර්තාව ඇවිත්! හොයාගත් සුදු ගල්වල අයිස් හදන රසායනික නෑලු! හැබැයි ඒ දවස්වල මිද්දෙණියෙන් මතුවුණේ ‘අයිස්’ කියලා ආණ්ඩුවේ මැතිඇමැතිවරු රටට කිව්වා! ලංකාව ඇතුළේ අයිස් හදන්න කඳානට නුවරඑළියට අරන් ගිහිල්ලත් කිව්වා! මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයකුත් දුන්නා! දැන් ඒ කියපු ඒවට මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මිනිස්සුන්ට පුදුම රථගායක් තිබිලා තියෙන්නේ! මේ මාස 10ට අලුත් වාහන 220,000ක් ලංකාවට ඇවිත්! ආණ්ඩුව හොයපු බදු ආදායම බිලියන 587ක්!  I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.