• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නවීන්ගේ නායක කතාවට අකිල-දයා-පාලිත-සාගල-වජිර කන පැලෙන්නම දුන් උත්තර මෙන්න

July 27, 2020
in News, Politics, Uncategorized
Reading Time: 5 mins read
A A
රනිල්ව වේදිකාවේ තියාගෙනම නවීන් රනිල්ට පන්න පන්න ගහයි
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණය ළංවෙත්ම දේශපාලන පොරපිටියද උණුසුම් වෙලා. ඇතැම් දේශපාලනඥයන්ගේ හදවත් තුළ දැවෙන අනාගත බලාපොරොත්තු දැන් දැන් එළියට පනින්න පටන් අරන්. අනාගත ජනාධිපති – අගමැති වීමේ සිහිනයක්ද දැන් දැන් දේශපාලන කරළිය තුළින් මතුවෙනවා. ඒ සඳහා තම තමන් සතුව ඇති දේශපාලන ජ්‍යෙෂ්ඨත්වය ගැන ජනතාවට කියෙන්නේද අන්න ඒ අනාගත සිහින දකින අයයි. ඒවගේ අනාගත අගමැති ජනපති සිහින දැන් තියා දකින දේශපාලන කතාවක් පසුගිය සතියේ අපට අසන්නට ලැබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ (අලියා) ලකුණෙන් තරග කරන අපේක්‍ෂක නවීන් දිසානායක මහතා එවැනි කතාවක් කීවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැති දේශපාලන රැලියකදීය. ඔහු එදා කිව් ඒ කතාව ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබුණේ මෙන්න මෙහෙමයි.
‘එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයේ වෙනසක් තියෙන්න ඕනෑ. අවුරුදු 26ක් එක් අයකුට නායකත්වයේ ඉන්න බැහැ. අපි ඒක ප්‍රසිද්ධියේ කියන්නෙ හංගන්න දෙයක් නැහැ. මම පක්‍ෂයේ නායකයා වෙන්න සුදුසුකම් තියෙනවා. මම ජනාධිපති, අගමැති වුණොත් ඉස්සෙල්ලාම වැඩ කරන්නෙ නුවරඑළියේ ජනතාවටයි. ලබන 25දා රනිල් නුවරඑළියට ආවහම අපේ අදහස් අපි එළිපිට කියනවා. මම දැන් ඉන්නෙ පක්‍ෂයේ තුන්වැනි, හතරවැනි තැන්වලයි. මට ඕනෑ පළමුවැනියා වෙන්නයි. ඒ සඳහා මට අවශ්‍ය වන්නේ පොඩි තල්ලුවක් පමණයි.’
මේ දේශපාලන කතාව කඳුකරයේ එසේ රැව්දෙද්දී අපි එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරාසිටින දේශපාලනඥයන් කිහිපදෙනකුගෙන්ම ඒ ගැන අදහස් විමසීමක් කළා.

දගලපු කිසිකෙනෙක්ට නායකත්වය ලැබුණේ නෑ -දයා ගමගේ

‘එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වෙන්න දඟලපු කිසිකෙනකුට නායකත්වය ලැබුණෙ නැහැ. අගමැති ජනාධිපති වෙන්න එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායකලාත් ඒ තනතුරු බලාගෙන වැඩ කළා. ගාමිණී වෙනත් පක්‍ෂයක් හදාගෙන ගිහින් ජනාධිපති වෙන්න උත්සාහ කළා. ඒ දෙන්නම පැරදුණා. ජනාධිපති ප්‍රේමදාස මහතා ඝාතනය වුණායින් පස්සෙ කවුරුත් හිතුවේ නැති ඩී. බී. විජේතුංග ජනාධිපති වුණා. චන්ද්‍රිකාගේ කාලෙත් ඒවගේ දේවල් තමයි සිදුවුණේ. ඒකාලෙ ජනාධිපති සිහින මැව්ව අය පරදා කවුද ජනාධිපති, අගමැති වුණේ. මහින්ද රාජපක්‍ෂ. කවුරුත් හිතපු නැති අයටයි ඒ තනතුරු ලැබුණෙ. හැම දෙයක්ම සිදුවන්නේ කවුරුත් සිතන අන්දමට නෙවෙයි. දේශපාලනය තුළ හැකියාව, පළපුරුද්ද තියෙන්න ඕනෙ. මම නම් එක්සත් ජාතික පක්‍ෂයේ කිසිම තනතුරක් ඉල්ලා නැහැ. කවුද හිතුවෙ ගෝඨාභය ජනාධිපති වෙයි කියලා. නමුත් හැම දෙයක්ම සිදුවන්නේ කවුරුත් හිතන විදියට නෙවෙයි. දින පනස් දෙකේ දේශපාලන වෙනස්වීමෙන් පසුව මට සමෘද්ධි අමාත්‍යාංශය ලැබී තිබුණා. ඒ වෙලාවේ මම සමෘද්ධිය ලැබිය යුතුව තිබුණු පන්ලක්‍ෂ තිස්හයදහසකට මාස දෙකක් ඇතුළත සමෘද්ධිය ලබා දුන්නා. තවත් තිස්අටදහසකට වැඩිහිටි දීමනාව ලබා දුන්නා. ආබාධිත අයට වගේම වකුගඩු රෝගීන්ටද සහන සලසා දුන්නා.

හැම කෙනෙකුටම බලාපොරොත්තු තියාගන්න පුළුවන්- අකිල විරාජ්

අපේ පක්‍ෂයේ හැම කෙනකුම නායකත්වය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ වගේ අය අපේ පක්‍ෂයේ හුඟාක් ඉන්නවා. නවීන් මන්ත්‍රීවරයා දරන අදහස ගැන ප්‍රශ්නයක් නැහැ.

පක්ෂයෙන් පිට ගිහින් ආපු කෙනෙක් කියන කතා ගැන පුදුමයක් නෑ -එජාප ප්‍රබල ජ්‍යෙෂ්ඨයෙක්

‘පක්‍ෂයෙන් පිටගිහින් ආපහු ආව අයෙක් එහෙම කියන එක පුදුමයක් නොවේ. ඒක පක්ෂයට හොඳ නැහැ. පක්‍ෂය ගැන හැඟීමක් නැති අය පක්‍ෂයේ අය අතර භේද ඇති කරන්නයි ඔය වගේ දේවල් කියන්නෙ.

මං ඕවට උත්තර බඳින්නේ නෑ -අර්ජුන රණතුංග

මම ඔය එක එක දේශපාලනඥයන් කියන දේවල්වලට උත්තර බඳින අයෙක් නෙවෙයි. මම මගෙ දෙයක් තියෙනවා නම් ඒ වෙලාවට ඒක කියන්නම්. මා එක්ක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.

උත්තර දුන්නත් වජිරගෙන් උත්තරයක් නෑ

‘කවුද කතා කරන්නේ’ මම ‘මව්රට’ පත්තරයෙන්. විමසූ ඔහු අදාළ ප්‍රශ්නය යොමුකරද්දී දුරකතනය විසන්ධි නොකර පැත්තකින් තැබුවේය. ඊට පසු පැය භාගයක් කතා නොකරන දුරකතනයේ රැඳී සිටි අප පසුව දුරකතන සබඳතාව අප විසින්ම විසන්ධි කළෙමු.

සාගල නායකතුමා එක්ක සාකච්ඡාවක

මේ ගැන විමසීමට 22දා උදේ 8.45ට ඔහුගේ දුරකතනය හා සම්බන්ධ වූ විට ඔහු සඳහන් කළේ එදිනම දහවල් 12.30ට කතා කරන ලෙසයි. එම වෙලාවටම යළි කතා කළ විට දුරකතනය ඇමැතූ පුද්ගලයකු සඳහන් කළේ අපගේ දුරකතන අංකයට කතා කරන බවයි. ඊට අමතරව ඔහු පැවැසුවේ රත්නායක මහතා නායකතුමා සමඟ සාකච්ඡාවක යෙදී සිටින බවයි.

නවීන්ට හීනෙන් සුදු කොඩි පෙනිලා -පාලිත තෙවරප්පෙරුම

‘මේ වගේ කතා කියන්නෙ මැතිවරණ ළංවෙන කොට. ඕව ගණන් ගන්න ඕනෙ නැහැ. හීනෙන් සුදුකොඩි පේන කොටත් ඕවගේ කතා කියැවෙනවා. එයා එහෙම කියනවනම් අපිත් තනතුරුවලට සුදුසුයි. මම නම් කාටවත් රැකියා දෙනව, අරව දෙනවා කියල පොරොන්දු වෙන්නෙ නැහැ. ඒත් ඕනෑම අසාධාරණයකදී මම එතැනට ඇවිත් ඒකට විරුද්ධව නැඟී සිටිනවා.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ප‌ොලිසියේ අය පාතාලයන්ට රාජකාරී හැදුනුම්පත් පවා ලබා දීලා

Next Post

සංගා-මහේල ක්‍රිකට් ගහද්දී හිටපු ක්‍රිකට් ලොක්කො ගහපු ගැහිලි ICCය සාක්ෂිත් එක්කම එළියට දමයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.