• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

21 නුගේගොඩ රැලිය හිටපු ජනාධිපතිවරුන්ට ප්‍රශ්නයක්! පොහොට්ටු කොන්දේසිය රනිල් කඩන්න ලෑස්තියි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive, Rajya Rahas
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

නාමල් ඇම ගිලියිද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සිදුකළ ලන්ඩන් සංචාරය මුල්කරගෙන අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු ඒ මහතා බේරා ගැනීම සඳහා සමඟි ජන බලවේගයත්, එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් අවංකවම දැඩි පරිශ්‍රමයක් දැරීය. සජිත් සහ සජබය එසේ කළේ රනිල්ට එරෙහිව බරපතළ චෝදනා ආණ්ඩුව මගින්ම එල්ල කොට තිබියදී විදෙස් සංචාරයක් මුල්කරගෙන අත්අඩංගුවට ගැනීම හරහා එහි අසාධාරණ බවක් පැහැදිලිව දැකගන්නට තිබීම නිසාය. ඒ අවස්ථාවේදී සජිත්ට අමතරව මුළු විපක්ෂයම රනිල්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඒකාබද්ධ වී කටයුතු කිරීම හේතුවෙන් විපක්ෂයේ යම් එකමුතු බවක් ගොඩනැගෙන ආකාරයක් දැකගන්නට ලැබිණ. නමුත් දින හතරක් පමණ රෝහලේ ගත කිරීමෙන් පසු එළියට පැමිණි වහා රනිල් විපක්ෂය තුළ ගොඩනැගෙමින් පැවැති මෙම එකමුතුව කඩාබිඳ දැමීමට කටයුතු කළ ආකාරය ගැන අපි මෙම තීරුවේ දිගින් දිගටම උදාහරණ සහිතව වාර්තා කළෙමු. රනිල් එසේ කළේ වෙන කිසිවක් නිසා නොව විපක්ෂය මේ එකමුතුකමේ ශක්තිය සජබයට යා නොදී තමන්ගේ අතට එම බලය ගැනීමටත්, තමන්ට නැවත දේශපාලනය කිරීමේ අවස්ථාවක් පාදා ගැනීමටත්, යළිත් වතාවක් කෙසේ හෝ විපක්ෂයේ පිහිටෙන් ජනාධිපති වීමේ හෝ අගමැති වීමේ හෝ පොටක් පාදා ගැනීමටත්ය.Sri Lanka Latest News

මේ සඳහා රනිල් ඉතා පහත් පෙළේ දේශපාලන මෙහෙයුම් සහ මාධ්‍ය මෙහෙයුම් දියත් කරමින් සජබය ඇතුළෙ අර්බුද ඇති කිරීමටත්, සජබෙ නායකත්වය ඉලක්ක කර අසත්‍ය ප්‍රචාර දියත් කිරීමට කටයුතු කළ ආකාරයත් එකින් එක රාජ්‍ය රහස් තීරයේ වාර්තා කිරීමටත් අපි කටයුතු කළෙමු. ඒ හරහා සිදුවූයේ ඉතා පිරිසිදු අරමුණක් වෙනුවෙන් විපක්ෂය එකට එකතු කිරීමට තිබුණු ස්වර්ණය අවස්ථාවක් රනිල්ගේ මේ තුට්ටු දෙකේ දේශපාලන ගේම් ගැසීම් හේතුවෙන් ක්‍රම ක්‍රමයෙක් ඇහිරී යෑමය.

රනිල් දියත් කළ මෙම මෙහෙයුමේ තවත් එක් සංධිස්ථානයක් වූයේ ලබන 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත පක්ෂ කිහිපයක ආණ්ඩු විරෝධී රැලියය. එහිදී රනිල්ගේ සැලැසුම වී තිබුණේ විපක්ෂයේ සියලුම පක්ෂ එකම වේදිකාවකට ගෙනැවිත් තමන් එහි නායකයා ලෙස රටට පෙන්වන ගේම් එකක් ගැසීමටය. නමුත් රනිල්ගේ මේ කුපාඩි දේශපාලන මෙහෙයුම් පිළිබඳව මේ වන විට හොඳහැටි දැනගෙන සිටින සජිත් ආරම්භයේදීම තීරණය කොට තිබුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ පැවැත්වෙන මෙම රැලියට සහභාගී නොවීමටය.

සජිත් සහ සජබය මේ ආකාරයට නුගේගොඩ රැලියට සහභාගි නොවීමට තීන්දු කරද්දී රනිල් කළේ කෙසේ හෝ නුගේගොඩ රැලිය ගොඩදා ගැනීම සඳහා නාමල් පසුපස පැන්නීමට පටන් ගැනීමය. රනිල්ට පොහොට්ටුවෙන් ප්‍රයෝජන ගත් පුරුද්ද ආවේ අද ඊයේ නොවේ. 2020 මහ මැතිවරණයෙන් පරාජයට පත්ව ගෙදර සිටි රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ අගමැති ධුරයටත්, ජනාධිපති ධුරයටත් පත්වූයේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට පින් සිද්ධ වෙන්නටය. නමුත් රනිල් ඊට කෘතගුණ සැලකූයේ බලය අතට ගැනීමත් සමඟ පොහොට්ටුව හතරට පහට කඩා බිඳ දමමින්ය. එහිදී එදා සිටම රාජපක්ෂලාට වැඳගෙන සිටි ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරුන් රනිල් පොහොට්ටුවෙන් කඩාගෙන තමා සමීපයට ගත්තේය. 2024 ජනාධිපතිවරණයේදීද රනිල්ට ලැබුණේ එජාප ඡන්ද නොව වැඩිහරියක්ම පොහොට්ටු ඡන්දය.

නමුත් පසුගිය කාලයේදී රනිල් ළඟට ගිය මේ පොහොට්ටු මන්ත්‍රිවරුන් පමණක් නොව පොහොට්ටු ඡන්දද සියයට 95ක්ම පමණ යළි පොහොට්ටුව වෙත ලබාගැනීමට නාමල් විශාල වැඩ කොටසක් කර තිබිණි. 21 නුගේගොඩ පැවැත්වෙන රැලියෙන් සජබය ඉවත් වීමත් සමඟ රනිල්ට උවමනා වී තිබුණේ කෙසේ හෝ යළිත් පොහොට්ටුව හා නාමල් ළං කරගෙන නුගේගොඩ රැලිය ගොඩදාගන්නටය. ඒ නිසා රනිල් නාමල්ට දී තිබුණු පණිවුඩය වී තිබුණේ සජිත් ඊට සහභාගි නොවන්නේ නම් එහි නායකත්වය නාමල්ට ගෙන කටයුතු කළ හැකි යැයි කියාය.

හිටපු ජනාධිපතිවරුන්ට තහනමක්

කෙසේ වෙතත් නාමල් සිටින්නේ මේ වන විට සියයට 2.5ට ඇදවැටුණු පොහොට්ටුව යළිත් ගොඩනැඟීම සඳහා තිරය පිටුපස විශාල වැඩ කොටසක් දියත් කරමිනි. එය බොහෝ සාර්ථක වී ඇති බවක් දැකගන්නට ලැබුණේ දැවැන්ත පරාජයකින් පසු මාස 5ක් ඇතුළත පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් සිය ඡන්ද ප්‍රතිශතය සියයට 10කට ආසන්න ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබී තිබීම නිසාය. ඒ අනුව නාමල් මේ වන විට සිටින්නේ එදා සිය පියා වූ මහින්ද රාජපක්ෂ වටා ගොඩනැඟුණු පොහොට්ටුව වෙනුවට චෝදනා එල්ලවී ඇති යම් යම් කොටස් පසෙකට කොට අලුත් නායකත්වයක් යටතේ තරුණ පිරිස් ඉදිරියට ගැනීමේ වැඩපිළිවෙළකය. පසුගිය කාලයේදී ජනතාවට එපා වී සිටි මහින්ද, බැසිල්, චමල් වැනි චරිත ක්‍රම ක්‍රමයෙන් ජනතාවට අමතක කරවීමේ දේශපාලන උපක්‍රමයක නාමල් පසුගිය කාලයේ නිරතව සිටියේය. එය මේ තාක් යම් සාර්ථකත්වයක් ගෙන ඇති බව බොහෝදෙනාගේ අදහසය. ඒ අනුව නාමල්ගේ තර්කය වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මේ වන විට සමාජය ඇතුළේ දැඩි විරෝධයක් ගොඩනැඟී තිබීම හේතුවෙන් හිටපු කිසිදු ජනාධිපතිවරයෙක් නුගේගොඩ පැවැත්වෙන රැස්වීමේ වේදිකාවට ගොඩවිය යුතු නැතැයි කියාය. හිටපු ජනාධිපතිවරුන් නුගේගොඩ වේදිකාවට ගොඩවුවහොත් එය පරණ තාලේ රැස්වීමක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව නාමල්ගේ ස්ථාවරය වී තිබිණ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ සහාය සහ ආශිර්වාදය පමණක් ගෙන ඔවුන් වේදිකාවට ගොඩ නංවා නොගෙන අලුත් මුහුණුවරකින් මෙම රැස්වීම පැවැත්විය යුතු බව නාමල්ගේ අදහස විය. නාමල් මෙම අදහස රනිල් ප්‍රමුඛ එජාපයේ ප්‍රධානීන්ට දැනුම්දීමෙන් පසු මුල් අදියරේදී ඔවුන්ද ඊට එකඟතාව පළකරමින් කියා තිබුණේ එසේ නම් හිටපු කිසිදු ජනාධිපතිවරයකු මෙම වේදිකාවට ගොඩවිය යුතු නැතැයි කියාය.

රනිල් එකඟතාව කඩයි

නමුත් එජාපය පැත්තෙන් එවැනි එකඟතාවත් පොහොට්ටුවට ලබාදී තිබුණද මේ වන විට රාජ්‍ය රහස් තීරයට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ රනිල් නැවතත් තමාට සුපුරුදු කුපාඩි දේශපාලන ගේම් ගැසීමට අවතීරණ වෙමින් නුගේගොඩ රැස්වීම සියතට ගැනීමට කටයුතු කරමින් සිටින බවකි. එමෙන්ම රනිල් නුගේගොඩ මෙම වේදිකාවට ගොඩවීමටද තීරණය කොට ඇති බවකි.
නුගේගොඩ ආණ්ඩු විරෝධී රැස්වීමක් පැවැත්වීමට තීරණය කළද ඊට පාක්ෂිකයන් සහභාගි කරවීමේ හැකියාවක් එජාපයට නොමැති බව රනිල් හොඳින් දනී. එසේ සහභාගි කරවීමට පක්ෂයට පාක්ෂිකයන් නොමැති බවද රනිල් හොඳාකාරවම දනී. ඒ අනුව රනිල් සැලැසුම් කර තිබුණේ කෙසේ හෝ පොහොට්ටුවේ නාමල් ලවා පොහොට්ටු සාමාජිකයන් නුගේගොඩට ගෙන්වාගෙන ආණ්ඩුවට එරෙහිව තමාගේ නායකත්වයෙන් ලොකු ෂෝ එකක් දැමූ බවක් රටට පෙන්වීමටය. රනිල් මේ සැලැස්ම ඔළුවේ තියාගෙන කටයුතු කළේ අද ඊයේ නොවේ. මීට මාස කිහිපයකට පෙරාතුව සිට රනිල්ගේ ඔළුවේ මේ සැලැස්ම වැඩ කරමින් තිබිණ. මීට මාස 3කට පමණ කලින් පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාපය සහ පොහොට්ටුව ඒකාබද්ධ කොට සන්ධානයක් ගොඩනැගිය යුතු බවට වූ චෝදනාවක් රනිල් ඉදිරිපත් කළේ ඒ අනුවය. අප ඒ සතියේම රනිල්ගේ එම යෝජනාවත්, ඊට එජාප ප්‍රධානීන් දැක්වූ ප්‍රතිචාරයත් රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ රනිල්ගේ මෙම යෝජනාවට තලතා, රුවන්, නවීන් වැනි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් දැඩි විරෝධයක් පළ කළ බවකි. එජාපයේ සහ පොහොට්ටුවේ සංස්කෘතිය වෙනස් බවත්, මේ දෙක කිසිසේම එකට සම්බන්ධ කළ නොහැකි බවත්, තලතා, රුවන් ඇතුළු පිරිස රනිල්ට සඳහන් කළ බවද අපි එහිදී කියා සිටියෙමු. පක්ෂයේ ඉහළ පිරිස් දරන මේ මතය මේ වන විට එජාපයේ පහළ කණ්ඩායම්වලටද, බිම් මට්ටමේ ඉතිරිව සිටින සාමාජිකයන්ටද ගොස් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව එජාපයේ බිම් මට්ටමේ සාමාජිකයන් පවා මේ වන විට ප්‍රකාශ කරන්නේ පොහොට්ටුවේ වැඩි බරක් තබා නුගේගොඩ පැවැත්වෙන රැලියට සහභාගි නොවීමට තමන් තීරණය කොට ඇතැයි කියාය. එමෙන්ම නවීන් දිසානායක වැනි එජාප ජ්‍යෙෂ්ඨයන්ද නුගේගොඩ රැලියට සහභාගි නොවන ස්ථාවරයක සිටින බව ආරංචිය. නමුත් රනිල් මේ රැස්වීමට සහභාගි වීමට තීරණය කොට ඇත්තේ තමන් නොපැමිණියහොත් නාමල් මේ රැස්වීමේ වාසිය ගනු ඇතැයි යන අදහසින් යුක්තවය.

මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ නුගේගොඩ රැස්වීමට සහභාගි වන පක්ෂ කිහිපයක ප්‍රධානීන් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට පියවර ගත්හ. ඊට එජාපය නියෝජනය කරමින් තලතා අතුකෝරළ, සාගල රත්නායක සහභාගිව සිටි අතර, පොහොට්ටුවෙන් මහලේකම් සාගර කාරියවසම් සහ මන්ත්‍රි ඩී.වී. චානක සහභාගිව සිටියහ. ඊට අමතරව ශ්‍රීලනිපයේ අනුර ප්‍රියදර්ශන යාපා, පිළිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල වැනි පිරිස්ද ඊට සහභාගිව සිටියහ. මෙහිදී කිසිවකුගේත් අවධානයට යොමු නොවුණු විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ප්‍රශ්න ඇසීමේ වේලාවේදී මාධ්‍යවේදියකු විසින් මෙම රැස්වීමට හිටපු ජනාධිපතිවරුන් සහභාගි වන්නේද යනුවෙන් ප්‍රශ්නයක් විමසූ අවස්ථාවේදීය. එහිදී ඇතිවූයේ මෙවැනි සංවාදයකි.

මාධ්‍යවේදියා – සමඟි ජන බලවේගය මේකට නැද්ද?
අනුර ප්‍රියදර්ශන යාපා – ඒගොල්ලො නැහැ කියලා කියන්න බැහැනේ මෙතන නොහිටියා කියලා.
මාධ්‍යවේදියා – රැස්වීම සඳහා රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රිපාල සිරිසේන වැනි දේශපාලන නායකයින්ගේ ආශීර්වාදය තියෙනවාද? ඔවුන් සහභාගි වෙනවාද?
අනුර ප්‍රියදර්ශන යාපා – ඔව්.
සාගර කාරියවසම් – සහභාගි වීම නෙමෙයි ආශීර්වාදය තියෙනවා.
අනුර ප්‍රියදර්ශන යාපා – ප්‍රශ්නයේ දෙවැනි එක ඇහුනේ පස්සේ…’ යනුවෙන් මෙහිදී ප්‍රශ්න සහ පිළිතුරු ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය.

එනවා.. කතා කරන්නේ නෑ..

එහිදී පැහැදිලිවම හිටපු ජනාධිපතිවරුන් සහභාගි වනවාද යන්න ඇසූ ප්‍රශ්නයට අනුර ප්‍රියදර්ශන යාපා ‘ඔව්’ කියා පිළිතුරු දෙද්දී ඊට බාධා කරමින් උස් හඬින් යුතුව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් කියා සිටියේ සහභාගි වීමක් නොමැති නමුත්, ඔවුන්ගේ ආශීර්වාදය ඊට පවතින බවකි. මේ ආකාරයට සාගරගෙන් එළියට පැන්නේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ මේ සඳහන් කළ ගැටුමය. හිටපු ජනාධිපතිවරුන් සහභාගි වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෝ හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවිය යුතු බවට පොහොට්ටුවේ ස්ථාවරය සම්බන්ධයෙන් ලබන 21ට කලින් අවසන් තීන්දුවක් නොගතහොත් නුගේගොඩ රැස්වීමේ සාර්ථකත්වය කොට උඩ යනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

නමුත් සිකුරාදා වනවිට රනිල් තවත් තීන්දුවක් 21 නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් ගෙන ඇති බවක් ආරංචිය. ඒ රනිල් රැලියට සහභාගී වන නමුත් කතාවක් නොකර සිටීමටය. නමුත් ඊට තවමත් පොහෙට්ටුව දක්වන ප්‍රතිචාරය පිළිබඳව මෙතෙක් තොරතුරක් නැත.

කෙසේ වෙතත් රනිල් ගසන මේ දේශපාලන ගේම් නාමල්ටද වැටහී නැතුවා නොවේ. ඉස්සර රනිල් ගසන දේශපාලන ගේම් පත්තු වෙන්න අවුරුදු ගණන් ගියද දැන් රනිල් ගසන දේශපාලන ගේම් පත්තු වෙන්න එසේ අවුරුදු ගණන් යන්නේ නැත. දැන් රනිල් ගසන ගේම් ඒ මොහොතේදීම අතේ පත්තු වෙන ආකාරයක් පෙනෙන්නට ඇත්තේ සියලු දෙනාම රනිල් ගැන හොඳහැටි දැනගෙන සිටීම නිසාය. ඒ අනුව නාමල්ටද රනිල් ගසන ගේමේ ඉව වැටීමත් සමඟ එජාපයට විශේෂ පණිවුඩයක් යවා ඇති බවක් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ හිටපු කිසිදු ජනාධිපතිවරයකු 21 පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගි නොවිය යුතු බවත්, එම කොන්දේසිය කඩමින් කිසිවකු හෝ ඊට සහභාගි වන්නේ නම් තමන් නුගේගොඩ රැස්වීමට සහභාගි නොවන බවත් දැනුම්දෙමිනි. එහි තේරුම නාමල් ඊට සහභාගි නොවන්නේ නම් පොහොට්ටු පාක්ෂිකයන්ද ඊට සහභාගි නොවන බවය. නොඑසේ නම් නුගේගොඩ රැලියට සීයක්වත් එකතු කර ගැනීමට එජාපය ප්‍රමුඛ අනෙකුත් පක්ෂවලට නොහැකි බවය.

නාමල්ගෙන් එජාපය පැත්තට මෙවැනි ආකාරයේ දැඩි ප්‍රතිචාරයක් ලැබීමත් සමඟ එජාපයද ඊට ප්‍රතිචාර දැක්වීමට පසුගිය සතියේ කටයුතු කොට තිබිණ. ඒ අනුව වහාම මාධ්‍ය හමුවක් කැඳවූ එජාප සභාපති වජිර අබේවර්ධන එක්තරා නාළිකාවකට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් කියා තිබුණේ රට හරි පාරේ ගෙන යෑමට නම් රනිල්ට නැවත බලය ලබාදිය යුතු බවත්, රනිල් ඊට නායකත්වය ලබාදිය යුතු බවත්ය. රනිල් සතු පලපුරුද්ද ඊට බලපානු ඇති බවද වජිර කියා සිටියේය. ඒ අනුව නාමල් කුමන පණිවුඩ එජාපය පැත්තට යැව්වද රනිල් නුගේගොඩ රැස්වීමට සහභාගි වීමට ගෙන ඇති තීරණය ආපසු හැරවීමට තවමත් තීන්දු කර නොමැති බවක් දැකගන්නට පුළුවන.

දොන් ජුවන් ධර්මපාල?

ඊට අමතරව එජාප, පොහොට්ටු, ශ්‍රීලනිප ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවට විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන අනෙකුත් නායකයන් සහභාගි නොවීම සම්බන්ධයෙන්ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ. විශේෂයෙන්ම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊට සහභාගිව සිටියත් උදයගේ දේශපාලන සගයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊට සහභාගි නොවීම සම්බන්ධයෙන් බොහෝ අදහස් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. ඇතැමුන් කියන්නේ නුගේගොඩ රැලියේ නායකත්වය රනිල් විසින් ගෙන තිබීමත්, රනිල් ගහන දේශපාලන ගේමේ ඉව විමල්ට වැටී තිබීමත් නිසා මෙසේ විමල් ඊට සහභාගි නොවන බවකි. මන්දයත් ඉතිහාසයේ සිටම විමල් යනු රනිල්ගේ දේශපාලනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිට දේශපාලනය කළ අයෙකි. රනිල්ගේ ආර්ථික න්‍යායට, යුද්ධය නැවැත්වීම සඳහා රනිල් ගෙනගිය ක්‍රියාමාර්ගයට, එල්.ටී.ටී.ඊය. සමග රනිල් අස්සන් කළ සාම ගිවිසුම ඇතුළු රනිල්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික දැක්ම සහ වැඩපිළිවෙළ එදා සිටම විමල් දැඩිව විවේචනය කළේය. විමල් ප්‍රසිද්ධියේම රනිල්ට එදා චෝදනා කළේ රනිල් මේ රට පාවාදෙන්නකු ලෙසටය. කොටින්ම කියනවා නම් රනිල්ට දොන් ජුවන් ධර්මපාල යනුවෙන් පළමුවරට නම් පටබැන්දේද විමල්ය. එහෙව් විමල්ට තමා කළ ඒ සියලු ප්‍රකාශයන් අමතක කර දමා රනිල් සිටින වේදිකාවකට ගොඩවිය හැකිද යන්න සම්බන්ධයෙන් බොහෝදෙනා තුළ විශාල සැකයක් මතුවී තිබේ. පසුගිය කාලයේදී විමල් නාමල්වද යම් යම් අවස්ථාවල විවේචනය කළත්, කලක් පුරාම විමල් රාජපක්ෂ කඳවුර නියෝජනය කර තිබීම නිසා නාමල් සමඟ දේශපාලන වශයෙන් සන්ධානගත වීම පිළිබඳව බොහෝ දෙනාට විශාල ගැටලුවක් නැත. නමුත් රනිල් සමඟ දේශපාලනය කිරීම යනු විමල්ගේ දේශපාලනයට කොහෙත්ම ගැලපෙන්නක් නොවන බව බොහෝ දෙනාගේ අදහසය.

සජබය එන්නෙ නෑ

මීට අමතරව සමගි ජන බලවේගයේ කිසිවකුත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව නොසිටීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කළ ආකාරයක් දැකගත හැකි විය. ඊට පිළිතුරු දුන් ගම්මන්පිල කියා සිටියේ මේ මොහොතේ සජබය මාධ්‍ය හමුවට එක්ව නොසිටියත් 21 වන විට නුගේගොඩ වේදිකාවේ සජබය සිටිනු ඇති බවය. අනුර යාපාද කියා සිටියේ සජබයද ඉදිරියේදී මෙම ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට එක්වනු ඇතැයි කියාය. නමුත් ඒ වන විටත් සජබය තීන්දු කොට තිබුණේ 21 එජාපය, පොහොට්ටුව ඇතුළු පක්ෂ කිහිපයක ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නුගේගොඩ රැලියට සහභාගී නොවී සිටීමටය. එය පළමුවරට මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ එස්.එම්. මරික්කාර්ය. පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී මරික්කාර් කෙළින්ම කියා සිටියේ නුගේගොඩ රැලියට සහභාගි නොවීමට සජබය තීන්දු කොට ඇති බවකි.

එමෙන්ම දෙරණ නාලිකාවේ පැවැති 360 දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් සජබ මන්ත්‍රි සුජීව සේනසිංහද මේ ස්ථාවරය පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේය. ඔහුද කියා සිටියේ නුගේගොඩ පැවැත්වෙන රැලියට සජබය සහභාගි නොවන නමුත් ආණ්ඩුව ගෙනයන ඕනෑම ආකාරයේ මර්දනයකට එරෙහිව විපක්ෂයේ සියලුදෙනා සමඟ එකතුව කටයුතු කිරීමට සජබය සූදානම් යැයි කියාය. නමුත් 21 නුගේගොඩ රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවද සුජීව එහිදී පෙන්වා දුන්නේය.

මේ ආකාරයට සජබය නුගේගොඩ පැවැත්වෙන විපක්ෂයේ පක්ෂ කිහිපයේ රැලියට සහභාගි නොවන තැනට සජබය තල්ලු වූයේ වෙන කිසිවක් නිසා නොව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එළියට පැමිණි රනිල් වික්‍රමසිංහ තිරය පිටුපස සිට සජබයට එරෙහිව ගැසූ කුපාඩි දේශපාලන ගේම් නිසාය. එහි අනික් ප්‍රතිඵලය වූයේ එජාපය සහ සජබය එකතු වීමට තිබූ අවස්ථාවද රනිල් විසින් කඩාබිඳ දැමීමය. එමෙන්ම සිරිකොතේ මේ ගේම් ගැසිල්ල අවසානයේදී ප්‍රධාන විපක්ෂය වන සජබය මුල්කරගෙන සියලු පක්ෂ ඒකරාශී කරවීමට තිබූ අවස්ථාවද බිඳීගොස් ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

පොලිස්පති නීති අවුලක

වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කර එහි උණුසුම යෑමට මත්තෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට පාතාලයෙන් මරණ තර්ජන ඇති බවට පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබූ රහසිගත වාර්තාවක් මුල්කොට ගෙන පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කලබැගෑනියක් ඇතිවිය. එහිදී ජගත් විතාන මහතාට මේ සම්බන්ධයෙන් කිසිවක් දැනුම් නොදී පොලිසිය වෙනත් ආකාරයකට මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට යැම නිසා අවසානයේදී මතුගම පොලිසිය වෙත ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ජගත් විතාන කටයුතු කොට තිබිණි. තමන්ට පාතාලයෙන් තර්ජන තිබෙන බව ජගත් විතාන පවා දැනගත්තේ මතුගම පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවය. එමෙන්ම ඊට අදාළ ලිපි ලේඛන වහාම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ජගත් කටයුතු කළ අතර, තමාට ඇති තමාවත් නොදන්නා පාතාල තර්ජන පිළිබඳ සංවේදී කතාවක් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමටද ජගත් පියවර ගත්තේය. එමෙන්ම එය වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමටද හෙතෙම කටයුතු කළේය.

කෙසේ වෙතත් සිය ජීවිතය සම්බන්ධයෙන් වන බරපතළ තර්ජනයක් නිසා ජගත් විතාන එදිනම රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් දුරකතනය ඔස්සේ සිදුකළේය. ඒ අනුව ප්‍රශ්නය වඩාත් බැරෑරුම්සහගත නිසා සජිත් කළේ වහාම එම දුරකතන ඇමතුමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද සම්බන්ධ කරගැනීමය. මෙම සාකච්ඡාවේදී ජගත්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂකයන් දෙදෙනකු ජගත්ට ලබාදීමට පියවර ගැනිණි.

එවැනි පසුබිමක් මතුව තිබියදී ඊට පසු දින පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියේ සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සිද්ධිය තවත් බැරෑරුම් අතට පෙරළිණි. එහිදී පොලිස්පතිවරයා ඍජුවම කියා සිටියේ ජගත් විතානට එම පාතාල තර්ජනය එල්ලවී ඇත්තේ ඔහු පාතාලය සමග ගනුදෙනු කිරීම හේතුවෙන් බවත්, ඔහුගේ ව්‍යාපාරික කටයුතු පවා පාතාල ගනුදෙනුවලට සම්බන්ධ බවත්ය. මේ සමගම කෙතරම් කැලඹීමක් දේශපාලනයේ ඇතිවූවාද කියනවා නම් ඇතැම් සමාජ මාධ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය මුල්කරගෙන ජගත්ටත් සජබයටත් පාතාල ලේබලය ඇලවීමට කටයුතු කර තිබිණි. එමෙන්ම ජගත්ගේ ජීවිතයටද දැඩි අනතුරක් පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය.

ඒ අනුව පොලිස්පතිවරයා මෙම ප්‍රකාශය කොට විනාඩි ගණනාවක් ඇතුළත සජිත්, සජබ නීතිඥවරුන් සහ ජගත් විතාන අතර සූම් තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්විණි. මෙහිදී ජගත් දැඩිව කියා සිටියේ පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, තමන් කිසි දිනෙක පාතාලය සමග ගනුදෙනු කර හෝ පාතාලය සමග ව්‍යාපාරික සබඳතා පවත්වා නැති බවත්ය. ඒ අනුව සජබ නීතිඥවරුන්ද පෙන්වා දුන්නේ මෙම ප්‍රකාශය හරහා ජගත්ගේ ජීවිතයට බරපතළ තර්ජනයකට ඇද දැමීමට පොලිස්පතිවරයා කටයුතු කොට ඇති බවකි. එසේම එවැනි ප්‍රකාශයක් පොලිස්පතිවරයා කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. ඒ අනුව නීතිඥවරුන් පෙන්වා දුන්නේ පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය හරහා බරපතළ නීතිමය ගැටලුවක් මතුවන බවත්, පොලිස්පතිවරයාට එරෙහිව පැහැදිලිවම අධිකරණ ක්‍රියාමාර්ග ගතහැකි බවත්ය. ඒ අනුව නීතිඥවරුන්ගේ මෙම ප්‍රකාශය පිළිගත් සජිත් පොලිස්පතිවරයාට එරෙහිව එදිනම නීතිමය කටයුතු සිදුකිරීම සඳහා එම නීතිඥවරුන්ට අනුමැතිය ලබාදුන්නේය.

විපක්ෂයට කියලවත් නෑ

මීට අමතරව මෙම සිදුවීම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කටයුතු කමිටුවට යොමුකළ යුතු බවද සියල්ලන්ගේම ස්ථාවරය විය. එමෙන්ම මේ සම්බන්ධයෙන් සියලු ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමටද තීරණය විය.

එම තීන්දුවට අනුව පසුගිය සතියේ කතානායකවරයා දැනුවත් කිරීමට ජගත් සූදානම් වුවද ඒ වනවිට කතානායකවරයා සිටියේ බි්‍රතාන්‍යයේ සංචාරයක නිරත වෙමිනි. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමේදී පිරිසට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කතානායකවරයා සමග ඇමැතිවරුන් වන නලින්ද ජයතිස්ස, හර්ෂණ නානායක්කාර සහ සාවිත්‍රී පෝල්රාජ්ද මෙම සංචාරයට එක්ව ඇති බවය. වෙස්ටමිනිස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම මගින් පහසුකම් සපයන ලද සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධන අරමුදල මගින් අරමුදල් සැපයීමෙන් මෙම සමුලුව සංවිධාන කොට තිබිණි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිදුකරන මෙවැනි නිල සංචාරවලදී විපක්ෂ නියෝජනයක් තිබිය යුතු වුවද, විපක්ෂයේ කිසිවකුත් නොමැතිව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් තිදෙනකු සහ කතානායකවරයා පමණක් ඊට සහභාගි වූයේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී සජබය ඇතුළේ දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඊට එරෙහිව විරෝධය පළකිරීමටත්, එය විපක්ෂයට කරන ලද අසාධාරණයක් බව පෙන්වා දීමටත් මේ වනවිට සජබය තීන්දු කොට තිබේ. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී මෙම කරුණ මුල් කරගෙන ආණ්ඩුව එරෙහිව තවත් සටනක් ආරම්භ කිරීමටද සජබය තීන්දු කොට ඇත.

මීට අමතරව කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමැතිවරුන් තිදෙනකු ගිය මෙම බි්‍රතාන්‍ය සංචාරය පිළිබඳ තවත් විශේෂ කරුණක්ද පසුගිය සතියේදී අනාවරණ විය. ඒ අනුව මොවුන් සිවුදෙනා සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට්පත් හතරක් ගෙන ලන්ඩනය බලා නික්ම යෑමට ශ්‍රී ලංකන් ගුවන් යානයට ගොඩවී තිබුණත් ඉන් අනතුරුව එය ශ්‍රී ලංකන් බලධාරීන් සමග සාකච්ඡා කොට ව්‍යාපාරික පන්තිය දක්වා ඉහළ නංවාගැනීමට කටයුතු කොට ඇති බවක් වාර්තා විය. සාමාන්‍යයෙන් මාලිමාව මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දුවක් වූයේ ජනතාවට නැති වරප්‍රසාද කිසිවක් තමන් ලබා නොගන්නා බවය. රාජ්‍ය දේපළ අවභාවිත නොකරන බවය. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ටිකට්පතක් ව්‍යාපාරික පන්තියට ඉහළ නැංවිය නොහැකි බවට තහනමක් පනවා තිබියදී එම තහනම නොතකා ආණ්ඩුවේ ඇමැතිවරුන් සිය ගුවන් ගමන ව්‍යාපාරික පන්තිය දක්වා ඉහළ නංවා ගත්තේ කෙසේද යන්න පිළිබඳ මේ වනවිට විපක්ෂය තොරතුරු සෙවීම ආරම්භ කොට තිබේ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමටද විපක්ෂය මේ වනවිට තීරණය කොට ඇත. එමෙන්ම මෙම ඇමැතිවරුන් හතර දෙනා පමණක් නොව, ආණ්ඩුවේ තවත් මැති ඇමැතිවරුන් කීප දෙනෙක්ම විදෙස් සංචාරවලදී අයථා ආකාරයෙන් වරප්‍රසාද ලබාගෙන ඇති බවට තොරතුරු විශාල ප්‍රමාණයක්ද මේ වනවිට විපක්ෂය වෙත ලැබී ඇති බවක්ද ආරංචිය. විපක්ෂයේ බොහෝ දෙනා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයේ පළමු වතාවට අත්අඩංගුවට පත්වූයේත්, රිමාන්ඩ් බන්ධනාගාරගත වූයේත් මේ ආකාරයටම ලන්ඩන් සංචාරයක ගොස් ආණ්ඩුවේ මුදල්වලින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වූ බවට වූ චෝදනාව නිසා මෙම ඇමැතිවරුන්ටද ඉදිරියේදී මේ සිද්ධිය මුල් කරගෙන බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියාය.

පොලිස්පති කනගාටු වෙයි

කෙසේවෙතත් කතානායකවරයා සතිය මැද නැවත ලංකාවට පැමිණීමට කටයුතු කොට තිබීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලා තිබූ සාකච්ඡාව සිකුරාදා දින පැවැත්වීමටට හැකි බව දැනුම් දී තිබිණ. ඊට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බවද කතානායකවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දීමක් කර තිබිණ. ඒ අනුව සිකුරාදා දිනයේදී සජිත්, ජගත් විතාන, දිලිත් ජයවීර, මනෝ ගනේෂන් සහ අර්චුනා රාමනාදන්ද එක්ව සිටියහ. මෙහිදී සියලුම මන්ත්‍රීවරුන් එක හඬින් පෙන්වා දුන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව ඇති බවත්, විශේෂයෙන් ජගත් විතාන මන්ත්‍රීවරයා ඉලක්ක කර පොලිස්පතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් එ මහතාගේ ජීවිතය පවා අනතුරට හෙළා ඇති බවත්ය. එහිදී පොලිස්පතිවරයා විසින් තමන් කළ ප්‍රකාශය පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ ජගත් විතාන මහතා පාතාලයට සම්බන්ධ බවක් තමන් ප්‍රකාශ නොකළ බවකි. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකොට තර්ජන සහිත මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව මන්ත්‍රී අර්චුන රාමනාදන් කතානායකවරයට බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ගේද වරප්‍රසාද කඩ වී ඇති බවකි. අර්චුනාගේ ප්‍රකාශයෙන් පුදුමයට පත්වූ කතානායකවරයා වහාම විමසා සිටියේ ‘ඔබතුමාගේ වරප්‍රසාද කඩවෙන්න මම මොනවද කරලා තියෙන්නේ..’ යැයි කියාය. ඊට සිනහසෙමින් ‘ඇයි කතානායකතුමා මම කතා කරද්දී හැමතිස්සෙම මයික් එක ඕෆ් කරනවානෙ..’ යැයි අර්චුනා කියද්දී මන්ත්‍රීවරුන්ට පමණක් නොව කතානායකවරයාටද සිනහා නොවී සිටිය නොහැකි විය.
කෙසේවෙතත් මෙම හමුවෙන් පසු සජබයද මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීන්දු වූයේ පොලිස්පතිවරයා කනගාටුව පළ කරමින් තමන් පාතාල කතාවක් නොකී බව කීවද ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමටය.

එල්ලා මරන්නයි යන්නේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා ‘රටම එකට’ වැඩසටහන දියත් කිරීමට පියවර ගත්තේය. එහිදී අතිවිශේෂ අනාවරණයක් කරමින් පසුගිය සතියේ අප කියා සිටියේ අවශ්‍ය වුවහොත් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්යයේදී මරණ දඬුවම පවා ලබාදීමට ජනාධිපතිවරයා සිය අස්සන යෙදීමට සූදානමින් සිටින බවකි. පසුගිය ආණ්ඩුවලදී හිටපු ජනාධිපතිවරුන් කීප දෙනකුම මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියාත්මක වුවද මරණ දඬුවම ලබාදීම දක්වා ඉදිරියට යෑමට ඔවුන් පියවර ගත්තේ නැත. එක් අවස්ථාවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ලබාදිය යුතු බවට දැඩි කතාබහක් සමාජයේ මතුවිය. ඒ අනුව මෛත්‍රීපාලද කියා සිටියේ එම ජාවාරම්කරුන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් යැයි කියාය. මෛත්‍රීපාලගේ එම ප්‍රකාශයත් සමග එල්ලුම් ගහ සම්බන්ධයෙන් ඒ කාලයේ විශාල කතාබහක් සමාජය තුළ මතුවිය. මාධ්‍ය මගින් එල්ලුම් ගහ සුද්ද කරන ආකාරය ප්‍රදර්ශනය කළේය. අලුත් කඹයක්ද ඊට මිලදී ගත් බව ප්‍රකාශ විය. එපමණක් නොව අලුතින් අළුගෝසුවන් දෙදෙනකුද ඊට බඳවාගැනීම නිසා බොහෝ දෙනා සිතුවේ නියත වශයෙන්ම මෛත්‍රීපාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය. නමුත් අවසානයේදී මෛත්‍රීපාලගේ කාලයේදී මරණ දඬුවම ලබාදීමේ කතාව අවසන් වූයේ මරණ දඬුවම ලබාදීමට සිටි රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ජයමහට මෛත්‍රීපාල විසින් සිය අවසන් කාලයේදී ජනාධිපති සමාව ලබාදීමෙන් අනතුරුවය. ඒ සමගම ජූඩ් ශ්‍රාමන්ත රටින් පිටවූ අතර, අධිකරණය එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නැවත බලාත්මක කළද අදටත් ඔහු සිටින්නේ කොතැනද කියා සොයාගැනීමට කිසිවකුටත් හැකිව නොමැත.

නමුත් මත්ද්‍රව්‍ය ජාලය කැඩීමේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම නැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී ආණ්ඩුව ඇතුළේ පැවැති දීර්ඝ සාකච්ඡාවලදී මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ මාතෘකාවද යළි කරළියට පැමිණියේය. එහිදී බොහෝ පාර්ශ්වයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය මෙම මෙහෙයුමට විශාල ශක්තියක් ලබාදෙනු ඇතැයි කියාය. එහිදී ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගනිමින් කියා සිටියේ එවැනි තත්ත්වයකදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අස්සන යෙදීමට තමන් කිසිසේත්ම නොපැකිලෙන බවය. එමෙන්ම තවත් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවට වින කළ ආන්දෝලනාත්මක සිදුවීම්වලට තුඩුදුන් පුද්ගලයන්ට පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අධිකරණ නියෝග ලැබුණහොත් තමන් ඊටද අස්සන් කිරීමට පසුබට නොවන බවකි. දැනට අධිකරණය හමුවේ එවැනි නඩුකර කීපයක් ක්‍රියාත්මක වන අතර, යම් හෙයකින් එම විමර්ශන අවසානයේදී අදාළ චූදිතයන්ට මරණ දඬුවම ලබාදීමට අධිකරණය තීන්දු කළහොත් එම වැරැදිකරුවන්ට එරෙහිවද මරණ දඬුවම ක්‍රියාත්මක වන ආකාරය ඒ අනුව ජනතාවට දැකබලා ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රීදරන් පන්නනු

තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස සැලකෙන ශ්‍රීදරන්ට එරෙහිව පක්ෂය ඇතුළේ මේ වනවිට එල්ල වී ඇති බරපතළ චෝදනාවක් වී ඇත්තේ ශ්‍රීදරන් උතුරේ දෙමළ ජනතාව සහ පක්ෂයේ මතය නියෝජනය කරනවා වෙනුවට සිය පෞද්ගලික වාසි තකා ආණ්ඩුව සමග සමීපව, ආණ්ඩුවේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවටය. ඒ අනුව පසුගිය කාලසීමාවේදී ශ්‍රීදරන්ට එරෙහිව තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ විශාල විරෝධයක් ගොඩනැගෙමින් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට බලපෑ හේතු එකක් දෙකක් නොව ගණනාවක්ම තිබිණි. එක් අවස්ථාවකදී තමිල් අරසු කච්චි පක්ෂයේ අනුදැනුමකින් තොරව ශ්‍රීදරන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විශේෂ හමුවක් සංවිධාන කොට තිබිණි. ඒ අනුව තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයන් උතුරු-නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය, බලය බෙදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම යන බරපතළ දේශපාලන කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ඊට සහභාගි වුවද උතුරට ඒ අවස්ථාවේදී බලපා තිබූ ගංවතුර තත්ත්වයට සහන ලබාගැනීම සඳහා එම සාකච්ඡාව පැවැත්වී ඇති බව මොහොතක් යෑමට මත්තෙන් තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැටහී ගියේය. සාකච්ඡාව එම මාතෘකාවට පමණක් සීමා කිරීමටත්, වෙනත් මාතෘකා එහිදී සාකච්ඡා නොකිරීමටත් ජනාධිපතිවරයා සහ ශ්‍රීදරන් අතර එකඟතාවක් තිබී ඇති බව පසුව මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබී තිබිණි.

මීට අමතරව පසුගිය කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් බලපත්‍ර කිහිපයක් ශ්‍රීදරන් ලබාගෙන ඇති බවටද බරපතළ චෝදනාවක් එල්ල විය. අවස්ථා කීපයකදීම තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා උතුරේ දේශපාලන නියෝජිතයන්ට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කොට නොතිබිණි. එහිදී තමිල් අරසු කච්චි පක්ෂයේ මතය වී තිබුණේ ශ්‍රීදරන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා මෙම විමර්ශන කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින බවය. එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමටද පියවර ගෙන තිබිණ. ඒ අනුව මේ වනවිට දැනගන්නට ඇත්තේ ශ්‍රීදරන් විසින් ලබා ගෙන ඇතැයි කියන බාර් ලයිසන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පරීක්ෂණ ආරමභ කොට බවකි.

ලියුම ලෑස්තියි

එමෙන්ම පාර්ලිමේන්තුවේ සුළු ජාතික පක්ෂ නියෝජිතයා ලෙස ශ්‍රීදරන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීම සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ විශාල චෝදනාවක් මතුව තිබිණි. එහිදී ඔවුන්ගේ මතය වී තිබුණේ ශ්‍රීදරන් විපක්ෂය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළද, බොහෝ තීරණාත්මක අවස්ථාවලදී ආණ්ඩුවේ නියෝජිතයන් සමග එක්ව කටයුතු කිරීමට ව්‍යවස්ථාදායක සභාව තුළදී ශ්‍රීදරන් කටයුතු කොට ඇති බවය. ඒ අනුව දැනටමත් දෙමළ ජාතික සන්ධානය ඇතුළේ ශ්‍රීදරන් සැලකෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩුව නියෝජනය කරන සාමාජිකයකු ලෙසටය. යම් තීරණාත්මක පත්කිරීමකදී තමිල් අරසු කච්චි පක්ෂයේ ගණනය කිරීම වී ඇත්තේ ශ්‍රීදරන් ආණ්ඩුවට පක්ෂව සිය ඡන්දය භාවිත කරනු ඇති බවටය.

ඒ අනුව මේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී තිබිණි. එහිදී පක්ෂයේ අතිබහුතරයකගේ මතය වී තිබුණේ විපක්ෂයේ නියෝජිතයකු ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත්ව ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරන බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රීදරන් ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කොට ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සැබෑ සුළු ජාතික නියෝජිතයකු ඊට පත්කළ යුතු යැයි කියාය. ඒ අනුව මේ වනවිට තමිල් අරසු කච්චි පක්ෂය තීරණය කොට ඇත්තේ වහාම ශ්‍රීදරන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලෙසට කතානායක ජගත් වික්‍රමරත්න මහතා හට ලිපියක් භාරදීමටය. මේ වනවට සකස් වෙමින් ඇති එම ලිපිය ඉදිරි දිනෙකදී කතානායකවරයා වෙත භාරදීමටද තමිල් අරසු කච්චි පක්ෂය මේ වනවිට තීරණය කොට තිබේ.

අයවැයට විරුද්ධ වෙයි?

එමෙන්ම ලබන බදාදා දිනයේදී තමිල් අරසු කච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී ආණ්ඩුව ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. මේ වනවිට තමිල් අරසු කච්චි පක්ෂය ඇතුළේ අයවැය සම්බන්ධයෙන් මත 3ක් මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. එහිදී එක් පාර්ශ්වයක මතය වී ඇත්තේ ඉකුත් වතාවේ මෙන්ම මෙවරද අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවය. අනෙක් පාර්ශ්වයේ මතය වී ඇත්තේ තවමත් ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනයට කිසිවක් සිද කොට නැති බැවින් අයවැයට විරුද්ධය ඡන්දය ප්‍රකාශ කළ යුතු බවකි. මීට අමතරව අයවැයට ඡන්දය ලබා දිය යුතු බව ප්‍රකාශ කරන දෙතුන් දෙනකුද පක්ෂය තුළ නැතිවා නොවේ.

ඒ අනුව තමිල් අරසු කච්චි පක්ෂය ලබන බදාදා දිනයේදී රැස්වන්නේ ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටය. කෙසේවෙතත් තමිල් අරසු කච්චි පක්ෂය දැනටමත් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව අප මීට පෙර සතියක රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කර සිටියෙමු. ඊටද තවමත් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරයක් හිමිව නොමැති බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව ලබන බදාදා දිනට පෙර ජනාධිපතිවරයාගෙන් සාධනීය පිළිතුරක් නොලැබුණහොත් තමිල් අරසු කච්චි පක්ෂය සිටින්නේ නියක වශයෙන්ම අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමේ තීන්දවකට යාමට බවද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

තද වෙනවා නම් මේ සතියේ පරිස්සමෙන් ඉන්න! හැබැයි සල්ලි බාගේ නැත්තෙමත් නැහැ…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News

Next Post

බැඳීම් නැති ජීවිතයක් තමයි ඕනෙ…! කොණ්ඩෙන් Trend හදපු කොණ්ඩ මිගාර! අහම්බෙන් තමා චාන්ස් එකක් ආවේ…! අමිල හෙට්ටිආරච්චි! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.