තමාට ජීවිත තර්ජන තිබුණත් ආණ්ඩුවෙන් ආරක්ෂාවක් ලබාදී නොමැති නිසා තමාගේ ආරක්ෂාවට කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් ඒ ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හා පොලිස්පතිවරයාටද දැනුම් දී ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරනවා .Sri Lanka Latest News
තමාගේ ජීවිතයට තර්ජන ඇති නිසා ආරක්ෂාව ලබාදෙන ලෙස මීට පෙර දෙවරක්ම ලිඛිතව ඉල්ලා සිටියද ඒ සඳහා ආණ්ඩුවෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
තමාගේ ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ඉල්ලා සිටියද ඒ සඳහාද ආණ්ඩුවෙන් අවසරයක් නොලැබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ඉන් පසුව තමාගේ ආරක්ෂාව සඳහා සතුන්ගෙන් ආරක්ෂාවීමට යොදා ගන්නා ස්ප්‍රේ ගන්(Spray Gun) එකක් ඉල්ලා සිටියද ඒ සඳහාද ආණ්ඩුවෙන් කිසිදු ප්‍රචාරයක් නොලැබුණු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මේ නිසා තමාගේ ආරක්ෂාවට තමා කඩුවක් ළඟ තබාගෙන සිටින බවත් ඵය තමාගේ මෝටර් රථයේද නිතරම තිබෙන බවත් මේ ගැන කතානායකවරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවද රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.










