එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නුවරඑළිය මැතිවරණ ප්රචාරක රැස්වීමේදී එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වික්‍රමසිංහ මහතා වේදිකාවේ තබාගෙනම ඒ මහතාගේ නායකත්වය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී නවීන් දිසානායක මහතා කියා සිටියේ මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බවත්, තමන්ද පක්ෂ නායකත්වය ගැනීමට සූදානමින් සිටින බවත්ය.
එහිදී පක්ෂ නායක වික්‍රමසිංහ මහතාගේ සහාය තමන්ට අනවශ්‍ය බව කියා සිටි නවීන්, එම සටනේදී මධ්‍යස්ථව සිටින ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.
සෑම දේශපාලකයකුටම සිහින තිබෙන බවත්, ඒවා අවුරුදු 60 පිරීමට ප්‍රථම සපුරා ගත යුතු බවත් නවීන් දිසානායක කීය.











