• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ස්වාමීනී සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නෑ! ජාතික රෝහලේ ICU එකට ඇතුළත් වුණා!‍ ICU එකේ රෝගියෙක් තඩි පොතක් කියවන්නේ කොහොමද? සෙල්ෆි ගහන්නේ කොහොමද? ICU රෝගියෙකු නිදහස් වූ ගමන් ඇවිදගෙන ගෙදර යන්නෙ කොහොමද? මේවා කළේ ඇප ගන්නමයි! අධිකරණය ඉල්ලන්නෙත් නැතිව ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි මියගිහින් කියලා වාර්තාවක් එවන්නේ කොහොමද? නිල ආරාධනාවක් කියලා එව්වෙත් කූඨ ලේඛනයක්! සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් රනිල් ගැන අධිකරණයට කරුණු කියයි! ඇප දෙන්න පාදක කරගත් වෛද්‍ය වාර්තාව ගැන වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කරන්න! විමර්ශන කඩිනමින් අවසන් කරන්න! අධිකරණයට අපහාස කළා නම් ඒ අය ගැනත් කරුණු කියන්න! මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි! I Sri Lanka Latest News

October 29, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් මිලියන 16 කට අධික රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අද (ඔක්තෝබර් 29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.Sri Lanka Latest News

මෙම නඩුව අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ පැහැදිලි කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා “ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා දීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කළා. මෙම විමර්ශනයට අදාළව එවක බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරිය වශයෙන් කටයුතු කළ සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා. මෙම සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ප්‍රකාශයෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා තමා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට පැමිණි බව. එය නිල සංචාරයක් වශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඒ සඳහා අදාළ විමර්ශන වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි සඳහන් කර සිටියේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ තමා මෙම නඩු ගොනුවේ සිද්ධිමය කරුණු ගැන අධ්‍යනය කර තිබෙන බවයි.

එම නිසා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා “මෙම සැකකරු බ්‍රිතාන්‍ය සංචාරයේදී සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල රුපියල් මිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

‘ඇප නියෝගය යළි සලකා බැලිය යුතුයි’

ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “පසුගිය නඩු වාරයේදී දැඩි සත්කාර ඒකකයේ සිටි මේ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු හය දෙනෙකුගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එම වාර්තාවේ සඳහන් කර තිබුණා මේ සැකකරුගේ හෘද වස්තුවේ ධමනි මියගොස් තිබෙන බව. කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ විජේසිංහ මහතා විසින් එම වාර්තාව යොමු කර තිබුණා. මේ වාර්තාව අධිකරණයට ආවේ කොහොමද? සැකකරු සම්බන්ධයෙන් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අධිකරණය නියෝගයක් නිකුත් කළේ නෑ. අධිකරණ නියෝගයක් නැතිව එහෙම වාර්තාවක් උසාවියට ආවේ කොහොමද? මෙහෙම වාර්තාවක් ආවාම ඒක අධ්‍යනය කරන්න පැමිණිල්ලට ලබාදිය යුතුයි. නමුත් මේ වාර්තාව අධ්‍යයනය කරන්න අපට අවස්ථාව ලබා දුන්නේ නෑ. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ වාර්තාවක් කැඳවන්න පුළුවන්ද? සාමාන්‍ය පුද්ගලයෙක් මෙහෙම වාර්තාවක් ඉල්ලුවොත් වෛද්‍යවරු කියයි අධිකරණ නියෝගයක් අරන් එන්න කියලා. මේ සැකකරුගේ නීතිඥවරුන්ගේ අනුග්‍රහයෙන් තමයි මේ වාර්තාව අධිකරණයට ආවේ. මේක රජයේ මුදල් අවභාවිතා කිරීමක් පමණක් නෙවෙයි අධිකරණ බලයත් අවභාවිතා කිරීමක්” යනුවෙන් සඳහන් කළේය.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්” ඔබ මෙම සැකකරුගේ ඇප නියෝගය යළි සමාලෝචනය කරන්න කියලා ඉල්ලීමක් කරනව ද?” යනුවෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් දිලීප පිරිස් “ඔව් ස්වාමීනී… මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතුයි. එදා අපි ඉල්ලීමක් කළා දැඩි සත්කාර ඒකකයේ සිටින මේ සැකකරුගේ රෝගී තත්ත්වය ගැන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකු මාර්ගයන් පරීක්ෂණයක් කළ යුතු බව. අදත් අපි ඒ ඉල්ලීම කරනවා. මොකද රක්ෂිත බන්ධනාගාර ගත කළ පසුව මේ සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නැහැ. රිමාන්ඩ් කළ පසුව ජාතික රෝහලේ වාට්ටුවකට ඇවිල්ලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා. මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ තඩි පොතක් තියාගෙන කියවනවා ඡායාරූපවලින් දක්වා තිබුණා. ස්වාමීනි… දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්න තරම් රෝගී තත්ත්වයකින් පසුවන පුද්ගලයෙකු පොතක් කියවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් කළ රෝගියෙකු ඊළඟට ඇතුළත් වන්නේ සාමාන්‍ය වාට්ටුවකටයි. නමුත් මේ සැකකරු දැඩිසත්කාර ඒකකයෙන් නිදහස් වූ ගමන් ඇවිදගෙන ගෙදර යනවා. ඇප ලබා ගැනීම සඳහා ම තමයි ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වෙලා තිබෙන්නේ. මොකද සැකකරුගේ නීතිඥවරු අධිකරණය ඉදිරියේ මතයක් නිර්මාණය කළා, මේ සැකකරු මරණාසන්න තත්ත්වයෙන් පසු වෙනවා කියලා. දැඩිසත්කාර ඒකකවල ඡායාරූප ගන්න පුළුවන්ද? සෙල්ෆි ඡායාරූප ගන්න පුළුවන්ද? නමුත් මේ සැකකරු දැඩි සත්කාර ඒකකයේ දී ලබාගත් ඡායාරූප නිකුත් වෙලා තිබෙනවා. ඒවා අහම්බෙන් ගත්ත ඡායාරූප නෙවෙයි. හිතා මතා ම කැමරාවට මුහුණ දී ලබා ගත්ත ඡායාරූප බව සඳහන් කළ යුතුයි. මෙවැනි ක්‍රියා නිසා මහජන විශ්වාසය බිඳ වැටෙනවා.” යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම සැකකරුට ඇතැයි කියන රෝගී තත්ත්වයන් පිළිබඳව විමර්ශනයක් කළ යුතු බවත් සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා “ස්වාමීනි බ්‍රිතාන්‍ය පෞද්ගලික සංචාරයක නිරත වෙමින් මෙම සැකකරු පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. මෙම සැකකරු 2022 වසරේ ජූලි මස 11 වන දා සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කරලා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 97,500ක් පමණයි. ඒ අනුව ඔහු ධූරයේ සිටි කාලය තුළ රුපියල් 2,540,947.00 ක් මුදලක් වැටුප් වශයෙන් ලබාගෙන තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය සංචාරයේදී පැය තිස් හයකට රුපියල් මිලියන 16 කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. ඒ කියන්නේ පැයකට ඔහු විසින් වැය කළ මුදල රුපියල් 450,000.00 ක්. විනාඩියකට රුපියල් 7500 මුදලක් වැය කර තිබෙනවා” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර සිටියේ ය.

‘නිල ආරාධනයකට අනුවයි ඔහු මේ සංචාරයේ නිරත වුණේ’

ඉන් අනතුරුව සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් “මේ සැකකරු කියුබාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව තමයි එංගලන්තයට ගියේ. ඔහු බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට අමතරව වැදගත් නිල උත්සවයකට සහභාගි වුණා. ඒ පොල් ස්වරාජ් සාමිවරයාගේ උත්සවයකට සහභාගී වී තිබෙනවා. නිල ආරාධනයකට අනුවයි ඔහු මේ සංචාරයේ නිරත වුණේ. අද පොලිසියට මේ සැකකරුට විරුද්ධව ප්‍රමාණවත් කාරණා හොයා ගන්න බැරි වීම නිසා තමයි ඔහුගේ ඇප නියෝගය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේ සිද්ධියේ සත්‍ය හොයන්න කියලා. පොලිස් කණ්ඩායමක් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා හරි මේ කරුණට අදාළ සත්‍ය සොයාගත යුතුයි. මොකද ඔහුට අදාළ විශ්වවිද්‍යාලයෙන් ආරාධනා කරන ලිපියක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහෙත් එවැනි ලිපියක් තිබියදී තමයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේක හරිම අසාධාරණයි. ඔහු අවුරුදු පනහක පමණ අත්දැකීම් තිබෙන නීතිඥවරයෙක්. ඔහු රුපියල් මිලියන 16 කට වඩා වැඩි සේවයක් කරලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියේ ය.

එහිදී වැඩිදුරක් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් “ස්වාමීනි… ඔහු අවුරුදු පනහක් සේවය කරපු නීතිඥවරයෙක් කියලා නම් කියන්න බෑ. ඔහු හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු විසින් නිල ආරාධනාවක් කළ බවට ඉදිරිපත් කරන ලිපිය කූට ලේඛනයක් හැටියට අපි තවමත් කියනවා. ඔහු මරණාසන්න රෝගී තත්ත්වයකින් පසු වන බව කියල තමයි ඇප ලබාගත්තේ. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගත්තද? ශල්‍යකර්මයක් කළාද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන “ප්‍රතිකාර ලබා ගත්තා ස්වාමීනි. ඔහුගේ හෘදය වස්තුවේ රෝගී තත්ත්වයක් තිබෙනවා. වෙනත් මාර්ගයකින් තමයි ඔහුගේ හෘදයට ලේ ගමන් කරන්නේ” යනුවෙන් සඳහන් කර සිටියේ ය.

‘මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි’

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරුට පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය විසින් ලබා දුන් ඇප නියෝගය පිළිබඳව යළි සළකා බැලීමක් සිදු කරන්නේ නෑ. පූර්වගාමී මහේස්ත්‍රාත්තුමිය මෙම ඇප නියෝග නිකුත් කර තිබෙන්නේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ පසුවයි. වෛද්‍ය වාර්තා නිවැරදි නම් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නේ නෑ. නමුත් මේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් පැමිණිල්ල අද අධිකරණයේ කරුණු ඉදිරිපත් කළා. ඒ නිසා මේ සැකකරුට ඇප ලබා දීමට පාදක කරගත් වෛද්‍ය වාර්තාව තුළ මොහුට ඇති රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව එය ලබා දුන් වෛද්‍යවරු ඔවුන්ගේ මතය පැහැදිලි කළ යුතුයි..”යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මේක සංකීර්ණ විමර්ශනයක් නෙවෙයි. විමර්ශන කඩිනමින් අවසන් කිරීමට හැකියාවක් තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා මෙම නඩුවේ සැකකරුවෙක්ද? යනුවෙන් පැමිණිල්ලෙන් විමසීමක් කරනු ලැබීය.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා “ස්වාමීනී සියලු විමර්ශන අවසන් වීමෙන් පසුව තමයි ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නේ” යැයි පැවසීය.

ඉන් අනතුරුව වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “මීළඟ දිනයට පෙර විමර්ශන අවසන් කර ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ යුතුයි. තවදුරටත් සැකකරුවන් සිටීනම් ඔවුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම සැකකරුගේ සංචාරය නිල සංචාරයක් ද නැත්නම් පෞද්ගලික සංචාරයක්ද කියලා අදාළ අංශ වලින් තොරතුරු ලබාගෙන විමර්ශනය කළ යුතුයි. ඒ මත තමා මේ නඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද? කියන කාරණයක් තීන්දු වෙන්නේ” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ මහේස්ත්‍රාත්වරයා “මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දින අධිකරණයේ අවට සිදුවූ සිදුවීම් හා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි කරුණු වාර්තා කරන ලෙස මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන පවත්වා අදාළ ක්‍රියා වලින් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේද? එවැනි අපහාසයක් සිදු කළේ කවුද? සහ ඒ සම්බන්ධයෙන් ගන්නා නීතිමය ක්‍රියා මාර්ගය මීළඟ දින අධිකරණයට දැනුම් දිය යුතුයි” යනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ ය.

පැමිණිල්ල නැවත ජනවාරි මස 28 වැනිදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයාව නියම කළේය.

BBC සිංහල

SendShareShare
Previous Post

නිලන්ති කොට්ටහච්චිට ප්‍රසිද්ධ අභියෝගයක්! පුළුවන්නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කරපු නීතීඥ සහතිකය ඉදිරිපත් කරන්න! ජපන් ආචාර්ය උපාධියක් තියෙනවා කියපු හිටපු කතානායක අශෝක රන්වලට වෙච්ච දේත් මෙන්න මතක් කරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා පොල් මැන්නා! එදා ඒක විවේචනය කරපු අනුරලා අද ලොකු ලූණු මනිනවා!ගොවියා වළපල්ලට යවා ලොකු ලූණු ආනයනය කරලා ගබඩා කරගෙන හිටපු ගජමිතුරන්ගේ මඩිය තරකරපු ආණ්ඩුව ගැන විපක්ෂනායක සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.